නෙට්වර්ක් මාර්කටින් ඔබත් අහුවුණාද? (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේක ඉතින් මට උන සත්ය සිදුවීමක්.
මගෙ යාලුවෙක් උන්න ගෑනු ලමයෙක් හොද මිතුරියක් නම දාන්න බැරි නිසා අපි එයාට විනූ කියමු.
කාලයක් මම රට වැඩකරද්දි තමා විනූ වෙනදට වැඩිය ක්ලෝස් වෙන්නෙ ඒ කිව්වෙ වැරදි විදිහට නෙමේ හැමදේම කියන අවස්ථාවක් ලැබුනම කතා කරන හොද මිතුරියක් විදිහට.
විනූට එයාගෙ කොල්ලගෙ පැත්තෙන් ප්රෂ්න ගොඩක් තිබුන ඉතින් වලියක් ගිය දවසට මම තමා දුක්ගන්නාරාළ. එතකොට විනූ වැඩ කලේ කර්මාන්ත ශාලාවක සෝන් එකේ. ඉතින් විනූට නයිට් තිබ්බ දවස්වල විවේක වෙලාවෙ ඒකි කෝල් අරන් කියන හැම එකටම හ්ම්ම්,ඇත්තද,අනේ කිය කිය ඉන්න එක ඒකිගෙ හිතට සැනසීමක් උනා. මොකද විනූට කියල වෙන සහෝදරයො නෑ පවුලේ එකම ළමය විනූ.
ඔහොම කාලයක් යද්දි විනූගෙ කොල්ල මේකිව අතහැරල තිබ්බ ඉතින් මගෙ කනටත් නිදහසක් ලැබුන දෙයියනේ කියල.
ඊට පස්සෙ විනූගෙ දුක්ගැනවිලි අඩුනිසා වැඩිය කතා කෙරුනෙ නෑ කොටින්ම කිව්වොත් අවුරුදු ගානක් මැසේජ් එකක්වත් නෑ. කොහොමහරි මම ලංකාවට ආවා. ඇවිත් ජොබ් එකකුත් හොයාගෙන කරගෙන ඉද්දි එක පාරට කෙටි පනිවිඩයක් එනවා විනූගෙන්. මේ ඒකිට මාව මතක් වෙලා තියෙන්නෙ අවුරුදු හතරකින් ඈ..
අයෙත් දුක්ගැනවිලි අහන්න වෙයිදෝ කියන සැකෙන් මම රිප්ලයි කලා.
මෙන්න විනූ කියනවා එක පාරටම,
අයියේ පොඩ්ඩක් මීට් වෙන්න ඕනෙ. නිදහසේ ඉදගෙන කතාකරන්න පුලුවන් තැනක. ටහුඩු මේ මොන මරාලයක්ද කියල මම දහඅතේ කල්පනා කලා මොකද කියන්නේ කියල. ඇයි දෙය්යනේ හිතේ වෙන මොකුත් නැතුව යාලුවෙක් වගේ හිටපු එකී එකපාරටම මෙහෙම මීට් වෙන්න කිව්වම අවුල් වෙන්නෙ නැද්ද හා..
මොකටද කියල ඇහුවට කිව්වෙ නෑ. මට නිවාඩු දවසක එයා අහවල් තැනට එන්න කිව්වා දෙන්නම එතන ඉදන් තනිවෙලා කතාකරන්න පුලුවන් තැනකට යමු ගෑව.
සමහර විට පෟද්ගලික දෙයක් කියන්න වෙන්නැති කියල හිතාගෙන මමත් හරි මෙදාට යමු කිව්වා.
ඔන්න මම ප්ලේස් එකට ඇවිත් උන්න විනූ එනකම්. එයත් ඇවිත් අපි දෙන්නම තවත් බස් එකකින් නුගේගොඩ පැත්තට ගියේ. බස් එකට වගේම බිව්ව තේ එකටත් විනූම බලෙන් සල්ලි ගෙව්ව. මටත් දැන් තේරෙන්නෙ නෑ වෙන්න යන දේ. මරන්න ගෙනියන හරක වගේ මම ඒකි පස්සෙන් යනව. ඔන්න තැනට ආව පොඩි බිල්ඩිමක හෝල් එකේ මේස පහක් වගේ තැනින් තැන තිබුන. ඒ වෙද්දි එතන උන්නෙ තව හතර දෙනෙක් වගේ.
අය්යා අපි මෙතනින් ඉදගමු කියල මේසයක් පෙන්නුවා. මම ඇහුව තනියම නිදහසේ කතා කරන්න ඕනෙ කියල සෙනග ඉන්න අත්භූත තැනකට ඇයි එක්කන් ආවෙ කියල.
ඉන්නකෝ තව යාලුවෙක් අදුන්වල දෙන්නම් එයා මගේ ලොක්කා. එහෙම කියල විනූ කෝල් එකක් අරන් අර කියපු කෙනාට කතා කරල කිව්වා. ඔව් මිස්ටර් නදීෂ මම එක්කන් ආව අපි ටේබල් එකක් බුක් කරල ඉදගෙන ඉන්නෙ..
වෙන්න යන දේ මෙලෝදෙයක් නොතේරුන මම පෝන් එක අරන් මගෙ කස්ටමර්ස්ලගෙ මැසේජ් වලට රිප්ලයි දැම්ම.
ඔන්න මෑන් ආව.. හායි ගුඩ් මෝනින්
හායි වෙරි ගුඩ් මෝනින්
ඈම් නදීෂ ඇන්ඩ් යූ ආ මිස්ට?
ඈම් මොහොමඩ්
ම්ම් අපි සිංහලෙන් කතා කරමු නේද කියල අරූ ඇහුව.
කොහොමත් අර වචන ටිකෙන් පස්සෙ කව්රුත් සිංහල තමා කියල හිතින් හිනා වෙලා ඔව් කමක් නෑ කිව්වා මාත් ඉතින්.
මේ අතරෙ විනූ නැගිටල ගියා ඔය දෙන්න කතා කරන්න මම එන්නම් කියල.
තාම මගෙ ඔලුවෙ ප්රෂ්න කෝටියක් මොකද්ද වෙන්නෙ කියල. වටපිට බැලුවා අනිත් මේස වලත් කට්ටිය ඉදගෙන සාකච්ඡාව ක්ලාස් එකක් වගේ සද්දෙ.
ඔන්න නදීෂ ඇහුව ටිකක් අමුතුයි වගේද. කොහෙ යනව කියලද එක්කන් ආවෙ කියල.
යන තැනක්නම් කිව්වෙ නෑ පොඩ්ඩක් කතාකරන්න ඕනෙ කිව්වා විනූ හොද යාලුවෙක් ඉතින් ඒකයි ආවෙ.
හරි මේකයි මොහොමඩ් ඔයා දැනට ජොබ් එකක් කරනව ඇතිනෙ.
ඔව් කරනවා
මොකද්ද ජොබ් එක
මම සේල්ස් එක්සෙකෙටිව් කෙනෙක්
ඒකෙන් ලැබෙන පඩිය ඔයා හුගක් මහන්සි වෙලා අව්වෙ වැස්සෙ බස් වල කට්ට කාල දුක්විඳල නේද පඩියක් ගන්නෙ.
ඔව් මහන්සි වීමකින් තොරව ලැබෙන වැටුපකින් මම තෘප්තිමත් වෙන්නෙ නෑ
මම එහෙම කිව්වම අරූට ආපු වචනයක් ඉස්මොල්ලෙ ගියා.
දැන් මේකයි මොහොමඩ් මේ ලෝකෙ බිස්නස් වෙන්නෙ මෙන්න මේ විදියට කියල මූ A4 කොලයක් අරන් ලියනව කටු සටහන් ගහනවා ප්රස්තාර අදිනව ඒ අස්සෙන් බැරෑරුම් වචන එහෙමත් කියවෙනව
ලෝක ලැයිස්තු ගත අදායම් වාර්තා වැඩිම බිස්නස් එක වගේ ඒව.
මමත් ඔලුව නමාගෙන අහන් ඉන්නව.
සේල්ස් ගැන පොඩිකාලෙ ඉදන්ම දැනුමක් තිබ්බ මට මූ ආයෙ සේල් කරන හැටි කියාදෙනව පට්ට බෝරිං නිදිමතකුත් ආව.
මොහොමඩ් මිස්ටර් මොහොමඩ්..
ආහ් ඔව් ඔව් කියන්න මිස්ට නදීෂ.
මේක තමයි කිං මේකර් බිස්නස් එක මහන්සි වීමක් නෑ. දැනට ලෝකෙ ඉක්මනින් දියුණු උන වේගයෙන් සල්ලි උපයන එකම මාර්ගය නෙට්වර්ක් මාර්කටින්. ඔයාට කරන්න ලොකු දෙයක් නෑ අපේ තියෙනව ඉම්පෝට් කරපු බඩු වගයක් ඒකෙන් ඔයා කැමති එකක් අරන් සම්බන්ධ වෙන්න විතරයි තියෙන්නෙ.
අනේ ඔය බඩුනම් මට අවෂ්ය වෙන්නෙ නෑනෙ නදීෂ.
එකක් ගන්න ඊට පස්සෙ ඔයාට තියෙන්නෙ තව යාලුවො පවුලෙ අය සම්බන්ධ කරන එක විතරයි. ඔයා එහෙම අදුන්වල දෙන හැම කෙනාගෙන්ම කොමිෂන් එකක් අපි ගෙවනව. නිකමට හිතල බලන්න මොහොමඩ් ඔයා මාසෙට පනහක් සීයක් වගේ සම්බන්ධ කලොත් ඔයා මාස තුනකින් ලක්ෂපතියෙක්.
අපෝ ඔය නමක් ගමක් නැති බඩුවක් වැඩි මුදලට ගන්න තරම් මට අවශ්යතාවක් නෑ මිස්ටර් නදීෂ.
කොහොමහරි මූ පන දාගෙන මගෙ මොලේ හෝදන වැඩේ කරගෙන ගියා. ඌ හෝදන හෝදන පාර මම මඩ ගාගන්නව ඉතින් අරූ දන්න සියලු ශිල්ප දාල හෝදන්න පටන්ගත්ත.
ආහ් බලන්න මොහොමඩ් ඔයා වොච් වලට කැමති නේද මගේ අත්ඔරලෝසුව දිහා බලාගෙන ඒක ගැන මූ දැන් කතාව. අපෙත් තියෙනව හොද වොචස් ඒකෙන් එකක් ගන්න ඔයාට නියමෙට ගැලපෙයි.
මිස්ට නදීෂ මේ මම කැෂුවල් ලේසියට දාගෙන යන වොච් එක. අනික මගේ ලග වොච් තව තුනක් තියෙනව ඉතින් මට ආයෙ වොච් එකක් ගන්න ඕනවෙන එකක් නෑ.
බෙල්ට් එකක් හොද ෂූ එහෙමත් තියෙනව මොහොමඩ් අපි ලග ම්ම්.. තව පර්ෆියුම් එහෙමත් තියෙනව.
නදීෂගේ දාන දාන කොලේට මම තුරුම්පු තියාගෙන කැපුව.
මිනිහ මගේ මුලු සර්වාංගෙම බල බල ඒ ඔස්සේ නමා ගන්න සෑහෙන දත කෑව.
ඔය අතරෙ විනූත් එතනට ඇවිත් උන්නෙ.
නදීෂ තරගය අතහැරියෙ නෑ, ඒත් මගෙ පිලිතුරු හමුවේ විනූගෙ මූනෙන් පරාජය පිලිඅරන් තිබුන.
නදීෂ ආයෙත් සර්ෆ්එක්සෙල් දාල මගෙ ඔලුව හෝදන්න ලෑස්තියි,
මොහොමඩ් කැමති නැද්ද ඉක්මනින් සල්ලි හොයාගෙන තැනක් හදාගෙන ෆන් එකේ ඉන්න.
මම කැමති ඒ මම කරන වෘත්තීය හරහා.
ඒ ජොබ් එකෙන් මාසෙට කීයක්නම් ඉතුරු කරල කවද ඒ හීනෙට යන්නද?
මට හදිස්සි නෑ මිස්ට නදීෂ මම හිමින් එතනට යනවා.
මම දෙයක් අහන්නද නදීෂ?
ඔව් අහන්න.
දැන් ඔයා කියන නෙට්වර්ක් මාර්කටින් එකෙන් ඔහොම ඉක්මනින් දියුනු වෙලා පෝසත් උන ලක්ෂපතියො කෝ?
ඉන්නව මොහොමඩ් මේ ඉන්නෙ අපේ ෆවුන්ඩර් මෙයාල ලීඩර්ස්ල ඉන්නෙ සිංගප්පූරුවේ කියා ෆයිල් එකකින් පොටෝ වගයක් සහ මැගසින් එකක් පෙන්වයි.
හරි නදීෂ එයාල ඒකෙන් පෝසත් උනා කියමුකො කෝ අපේ ලංකාවේ අය?
මිනිහ නිරුත්තරයි.
මොහොමඩ් ලංකාවේ දැන්නෙ පටන් ගත්තේ ඉතින් දැනට ටොප් ඉන්නෙ මේ පස් දෙනා මම ඉන්නෙ තුන්වෙනි රෑන්ක් එකේ.
ඔයත් උත්සාහ කලොත් අද ඉදන් මෙතනට එන්න පුලුවන්.
මට අවශ්ය නෑ නදීෂ ඔයා ඇහුව නේ මම කරන ජොබ් එකෙන් කොහොමද ඒ තැනට යන්නෙ කියල.
මම ආයෙ පොඩි ප්රෂ්න ටිකක් අහන්නම්.
හරි අහන්න මොහොමඩ්
නදීෂ හිතන විදිහට ඔයාගෙ මාසෙක ටාර්ගට් එක කීයද?
75,000-100,000 වගේ
නදීෂ එතකොට ඔයාලගෙ ඔක්කොම නෙට්වර්ක් එකේ මාසෙක ටාර්ගට් එකයි ඒකෙ ඇචීව්මන්ට් එකයි කීයක් වගේද?
මං හිතන්නෙ මිලියන එකක් දෙකක් අතර වගේ තමා ඇචීව්මන්ට් එකනම් 65% වගේ.
හරි නදීෂ කියන්න බලන්න ඔයා හිතන විදිහට මගේ ජොබ් එකේ මාසෙක ටාර්ගට් එක කීයක් වගේ ඇතිද?
ලක්ෂ 3-5 වගේ
නෑ වැඩී
ලක්ෂ 10-15 වගේ
මම සිනාසෙමින් නැ නෑ නදීෂ වැඩී
ලක්ෂ 25 විතරද?
නෑ නදීෂ මගෙ මාසෙක ටාර්ගට් එක කෝටි හයක් බොහෝ දුරට ඇචීව්මන්ට් එක 100%-200%
නදීෂට මගෙ පිලිතුරත් එක්ක උතුර දකුන මාරුවෙලා හොල්මනක් දැක්ක වගේ මගේ දිහා බලන් උන්න.
නදීෂට විස්වාස නෑ වගේනම් මේ තියෙන්නෙ මගෙ ගිය මාසෙ රිපෝට් එක පෝන් එකේ තිබූ රිපෝට් එක පෙන්වීමෙන් නදීෂ අවසානයේ පරාජය බාරගත්තා.
ආහ් විනූ මම හිතුවෙ නෑ ඔයා මේ වගේ කුනුගොඩකට අත ගහල මොලේ විකල් වෙලා මාවත් එක්කන් ඇවිත් ඒ කුනුවලට බහින්න කියයි කියල. අපරාදෙ මගෙ කාලෙ. ගෙදර උන්නනම් වැඩක් කරල ෆිල්ම් එකක් බලල ආතල් එකේ ඉන්නව.
නදීෂ මම විනූ එක්ක තරහ නෑ ඒත් ගොං වැඩ වලට ඉතින් තරහ යනව. මොකද කෙනෙක්ව කුමක් සදහාද කියන එක නොකියා මේ වගේ තැන්වලට එක්කන් එන්න කියන තමුසෙලාගෙ මෝඩ කන්සෙප්ට් එකට.
තමුසෙල ඔය උගුලට අහුඋනා කියල තව මිනිහෙක්ව බලෙන් ඕවට දාන්න එපා ඕයි. පව් ලෝකෙ ගැන දන්නැති කීයක්නම් මේකට අහුවෙලා ඇද්ද.
මොහොමඩ් එහෙම කියන්න එපා ඔයාට තේරෙයි බලන්න තව අවුරුදු දෙකකින් විතර. විනූ ඔයාට වැඩිය දියුණු වෙලා ඉදීවි.
අනිවාර්යෙන් නදීෂ මගෙ ෆේස්බුක් එකේ අප්ඩේට්ස් විනූ එක්ක ඔයත් බලන්න.
එහෙනම් මම යනව විනූ තෑන්ක්ස් රස්තියාදු කලාට ගුඩ්බායි නදීෂ.
බායි මොහොමඩ්..
ඊටපස්සෙ මම බිස්නස් වලට වෙන රටකට ගියත් ඒව ෆේස්බුක් දැම්මෙ නැතත් විනූට යවනව, මගෙ කොමිෂන් වල ඉලක්කම් ටික විනූට යවනවා, මගෙ ප්රොමෝෂන් එහෙමත් යැව්ව.
මේක ලියන්න හිතුනෙ දැනට අව්රුද්දකට කිට්ටුවෙන්න විනූ සිම් එක අයින් කරල.
බෙස්ට් මාර්කටින් එක්සෙකටිව් එවෝඩ් එක මට ලැබුනම මට මුලින්ම මතක් උනේ විනූට යවන්න. යවාගන්න විදිහක් නැති නිසා වෙනත් යාලුවො මාර්ගෙන් විනූගෙ තත්වෙ හොයල බැලුවා.
කියන්න සංතෝසයි විලිලැජ්ජයි හිතෝතුනි විනූ ආයෙත් වෙලද කලාපෙ ගාර්මන්ට් එකක වැඩට යනවලු. නදීෂ කිව්වා වගේ වැලේ වැල් නැතිවෙන්නම දියුනු වෙලා විනූ කබලෙන් ලිපට. නදීෂය කොහෙ හිඟා කනවද දන්නෙ නෑ.
මෙවැනි හොර ආයතන පිරමිඩ් කම්පැනි සෑහෙන්න මේ රටේ තියෙනවා මොකද ඒ තරම් ලාංකිකයා බුද්ධිමත්. නෙට්වර්ක් මාර්කටින් වලට අහුවෙච්චි අය කොමන්ට් හලාගෙන යන්නෝ.
ආහ් මගෙ ජොබ් එක අහන්න නම් එපෝ
ප්රසිද්ධියේ කියන්න බෑ.
සත්ය සිදුවීමකි.
උපුටා ගැනීම: Mohomed Zii

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!