නිදා සිටින ෆූජි යලි නැගිටියිද… (පරිසරය හා ස්වභාධර්මය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
2011 දී ඇතිවූ මහා භූමිකම්පාවෙන් ජපානයට සෑහෙන අලාභ හානි සිදුවූ බව එකල අපට දැන ගන්නට ලැබිණි. එය ජපන් ඉතිහාසයේ සිදුවු ඉතාමත් ප්රබලම භූමිකම්පාව හැටියට ද සලකනු ලැබේ. මේ භූමිකම්පාවත් සමග ඇතිවූ සුනාමියෙන් ජපන් ජාතිකයන් 15000 ක්‌ පමණ ජීවිතක්‌ෂයට පත්විය. මෙයින් ඩොලර් බිලියන 34.6 ක අලාභ හානියක්‌ සිදුවූ බව ජපානය කියයි.
ජපානයේ ඇතිවූ මෙම මහා භුමිකම්පාව එතැනින් අවසන් වූවා යෑයි සිතිය නොහැකි බව ජපන් විද්යාඥයෝ කියා සිටිති. එයට හේතුව තවත් භූ කම්පනයක්‌ ජපානයේ සුප්රසිද්ධ ෆූජි කඳු මුදුනෙන් හටගැනීමට ඉඩ ඇතැයි ඔවුහු මත පළකරන හෙයිනි. භූ කම්පනය ඇතිවූ ෆූජි කඳු මුදුන පුපුරා ගියහොත් කිව නොහැකි විනාශයක්‌ හා හානියක්‌ සිදුවීමට ඉඩ තිබෙන බවද ඔවුහු වැඩිදුරටත් මත පළකරති. මුලින්ම ෆූජි කඳු මුදුන 1707 දී පුපුරා ගියේය. ඉන් මහා විනාශයක්‌ ඇතිවූ බවද ජපානයෙන් අඩක්‌ පමණ අළුවලින් වැසීගිය බවද කියන විද්යාඥයෝ මෙම භූ කම්පනය නිසා සෑහෙන පිරිසක්‌ මියගිය බවද සඳහන් කරති. මේ භූ කම්පනය සිදු වෙන කොට ජපානයේ අද මෙන් විශාල පිරිසක්‌ ජීවත් නොවූ බවද වාර්තා විය. කොයි මොහොතක හෝ ෆූජි කඳු මුදුන පුපුරා යැමට ඉඩ ඇතැයි සිතූ ජපන් ජාතික විද්යාඥයන් පිරිසක්‌ පසුගියදා මේ පිළිබඳව සමීක්‌ෂණයක්‌ කළහ. මෙම සමීක්‌ෂණයට ප්රංශයේ අර්ත් සයන්සස්‌ ආයතනයේ සහ පැරීසියේ ග්ලෝබල් පිසික්‌ ආයතනයේ විද්යාඥයන් පිරිසක්‌ද සහභාගි වූ බව වාර්තා විය.
ගිනිකඳු පුපුරා යැම පිළිබඳවද ඔවුහු මෙහිදී සමීක්‌ෂණය කර ඇත. 2011 දී ටොහොකෝ (Tohoko) වලදී ඇතිවූ භූමිකම්පාව පිළිබඳව සමීක්‌ෂණයක්‌ කර ඇති ඔවුහු මෙහිදී එම කම්පනයේ දී මුහුදු රළ ක්රියා කර ඇති ආකාරය පිළිබඳවද සමීක්‌ෂණයක්‌ කර තිබේ. මෙම සමීක්‌ෂණයේ දී ඔවුන් සොයා ගෙන ඇති එක්‌ කරුණක්‌ නම් භූ කම්පනවලින් ඇති වෙන දෙදරීම් නිසා ගිනි කඳුවලට එය තදින් දැනෙන බවයි. තදින්ම බලපාන බවයි. සයන්ස්‌ (Sජසැබජැ) ප්රකාශනයේ ප්රධාන කතුවරයා වන ආචාර්ය ප්ලෝරන්ට්‌ බ්රෙන්ගුවර් මේ ගැන ප්රකාශයක්‌ කරමින් ෆූජි ගිනි කන්ද දැන්ම පිපිරීමේ අවදානමක්‌ නැතත් එය කොයි මොහොතක හෝ පුපුරා යැමේ ලකුණු පහළ කරමින් තිබෙන බව කියා සිටියේය.
ගිනි කඳු යට කිසියම් තරලයක්‌ (Fluids) තෙරපෙමින් තිබෙන බව කියන මෙම විද්යාඥයන් පිරිස මෙම තරලය සෑදී ඇත්තේ හොඳටම රත්වූ නටන වතුර සහ ද්රවශීල ඛනිජ හා ඓන්ද්රීය ද්රව්ය මිශ්ර වීමෙන් යෑයිද සඳහන් කරති. මෙම සමීක්ෂණය කිරීමට පෙර ෆූජි කඳු පත්ලේ ඇති පීඩනය ගැන සොයා බැලූ බවද ආචාර්ය බ්රෙන්ගුවර් කියා සිටියි. මෙම සමීක්ෂණයෙන් තමන් ගිනි කඳු පත්ලේ ඇති පීඩනය නොහොත් තෙරපීම කොපමණ දැයි සොයා ගත් බවද කියා සිටියේය. ගිනිකඳු පත්ලේ ඇති හැසිරීමේ හා චලනයේ විෂමතා මෙම සමීක්‌ෂණයේදී තමන්ට සොයා ගැනීමට හැකිවූ බවද ආචාර්ය බ්රෙන්ගුවර් කියා සිටියි. මෙම පීඩනයන් ඇති වෙන්නේ ගිනි කඳුවල පත්ලේ යෑයි වැඩිදුරටත් විස්‌තර කරන ආචාර්ය බ්රෙන්ගුවර් සැතපුම් 310 ක්‌ පමණ වූ කඳු පතුලේ දී එය සිදු වෙන බවද සඳහන් කරයි. ෆූජි ගිනිකන්ද පිපිරීමට සූදානමෙන් සිටින බව කියන ආචාර්ය බ්රෙන්ගුවර් එහෙත් එය සිදුවන කාලය හා දිනය කිව නොහැකි යෑයිද මොන ප්රමාණයකින් එය පුපුරා යා දැයි කීමට පුළුවන් කමක්‌ නැතැයිද කියා සිටියි.
ෆූජි කන්ද පිහිටි ප්රදේශය පරීක්ෂා කළ මෙම විද්යාඥයන් පිරිස එම ප්රදේශයේ හැසිරීමේ සහ චලනයේ විෂමතා දැක ගන්නට ලැබී ඇත. මෙම විෂමතාවලින් පෙන්නුම් කරන්නේ ෆූජි ගිනි කන්ද පුපුරා යැමට සූදානමෙන් සිටින බව යෑයි මෙම විද්යාඥයන් පිරිස වැඩිදුරටත් කියා සිටිති.
“අනාගතයේ දී සිදුවිය හැකි පිපිරීම් ගැන මට කිසිම දෙයක්‌ කියන්න අමාරුයි. එහෙත් නුදුරු අනාගතයේදී ෆූජි කන්ද අසලින් විශාල භූ චලනයක්‌ සිදුවීමට ඉඩ තිබෙන බව නම් පෙනෙනවා” ආචාර්ය බ්රෙන්ගුවර් කියා සිටියි.
ෆූජි කන්ද පිහිටි භූමියේ දී මෙම භූකම්පා සිදුවිය හැකි යැයි කියන ආචාර්ය බ්රෙන් ගුවර් එය කන්ද අවට කිලෝමීටර් 100 ක්‌ ඇතුළතදී සිදුවිය හැකි යෑයිද සඳහන් කරයි.
යම් හෙයකින් ෆූජි කන්ද පුපුරා ගිය හොත් මිනිස්‌ ජීවිත විශාල ගණනක්‌ නැතිවී යැමට ඉඩ තිබෙන බවද කෝටි ගණනක දේපොළ හානියක්‌ සිදුවිය හැකි බවද මෙම විද්යාඥයන් පිරිස වැඩිදුරටත් කියා සිටිති.
මේ වන විට ෆූජි කන්ද විශාල පීඩනයකට අසුවී ඇතැයි කියන මෙම විද්යාඥයන් පිරිස මේ නිසා එහි හැසිරීමේ සහ චලනයේ විෂමතා වැඩිවී ඇතැයිද සඳහන් කරති.
පූජි ගිනි කන්ද පුපුරා යැමෙන් එහි අවට සිටින අයට අනතුරක්‌ සිදුවිය හැකි යැයි කියන මෙම විද්යාඥයන් පිරිස එහෙත් රජය මේ දක්‌වා ඒ අවට සිටින ජනතාවට දැනුම්දීමක්‌ කර නැතැයිද එම ප්රදේශයෙන් ඉවත් වන ලෙස දන්වා නැතැයිද කියා සිටිති. රජය ජනතාවට එවැනි දැනුම්දීමක්‌ කර නැතත් ෆූජි කන්දේ දැන් තත්ත්වය එතරම් හොඳ නැති බවත් එය දැඩි පීඩනයකට හසුවී ඇති බැවින් කොයි මොහොතක හෝ පුපුරා යැමට ඉඩ තිබෙන බවත් ආචාර්ය බ්රෙන් ගුවර් අනතුරු අඟවා සිටියි. එහෙත් මෙම පිපිරීම සිදු වන්නේ කවදාද කොයි මොහොතේ දැයි කීමට තමන්ට පුළුවන් කමක්‌ නැතැයිද ඔහු කියා සිටියි…
……………..අන්තර්ජාලය ඇසුරෙනි……
Majestic Mount Fuji
Complete Mount Fuji Travel Guide: Access, Hiking Trail Tips & More! | LIVE  JAPAN travel guide

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!