මෙම ගුප්තභාවයෙන් පිරුණු නිහඬ කලාපය එහෙම නැත්නම් The zone of silence කියන කාන්තාරයක පිහිටීම ගන්නා බිම්කොටස පිහිටා තිබෙන්නෙ මෙක්සිකෝවේ “බොල්සන් ඩි මැපිමි” වලට ආසන්නව තියෙන ත්රිනෝ වර්ටෙක්ස් කියන ස්ථානයේ. මෙම කාන්තාරය යේ වන ප්‍රථම අද්භූත සිදුවීම ගැන වාර්තා වෙන්නේ 1970 දශකයේදී මෙයට ඉහළින් පියාසර කළ ගුවන් නියමුවෙක් වන ෆ්රැන්සිස්කෝ සැරබියා හට මූණ පාන්නට වෙන අත්දැකීමක් සමඟයි. ඒ තමයි ඔහු මෙම කාන්තාරය හරහා ගමන් කරන විට එම පදවපු ගුවන් යානයේ රේඩියෝ තරංග නැති වී ගොස් එය ක්‍රියාවිරහිත වෙලා වගේම ගුවන් යානයත් තම ක්‍රියාකාරිත්වයෙන් ගිලිහී ගිහිල්ලා තියෙනවා. 

ඒ වගේම තවත් පුදුම හිතෙන සිදුවීමක් වන්නේ වරක් ඇමරිකානු හමුදාවන් යැවූ අත් හදා බැලීමේ මිසයිලයක් පතිත වීමට නියමිත ස්ථානයට නොවැටී මෙම කාන්තාරයට පතිත වීම. ඒ මෙහි ඇති යම්කිසි කාන්දම් බලයක් නිසා බවයි ඔවුන්ගේ අදහස වෙන්නේ. මෙහි දී සියළුම දුරකථන ක්‍රියාවිරහිත වන අතරම මාලිමාවක් අරගෙන ගියොත් එය පිස්සුවෙන් වගේ කැරකෙනවා කියලා තමයි මෙහි සංචාරය කරපු අයගේ අදහස වෙන්නේ. මෙහි වාසය කරන සතුන්, ශාක වගේම මෙහි ඇති ගල් පවා හරියට නිකන් පිටින් කවුරු හරි ගෙනත් දාලා වගේ අමුතුම විවිධත්වයක් ගන්නවලු. 

මෙම කාන්තාරයට පය තැබූ විට නිකන් හරි අමුතු හැඟීමක් ඒ කියන්නේ නිකන් අමුතු කාන්දම් බලයක් මේ පරිසර පුරාම තියෙනවා වගේලු දැනෙන්නේ. හිටි හැටියේම උල්කා පවා කඩා පතිත වෙන මෙම ස්ථානය ගැන සමහරු කියන්නේ පිටසකවල ජීවින්ගේ භූමියක් කියලයි. ඒක නම් පුදුම වෙන්න දෙයක් නෑ නේද?
දැන් තමයි වැදගත්ම දේ කියන්න යන්නේ. ඒ තමයි විද්‍යාඥයෙකු වන රූබන් යුරියාටේගේ පුදුම හිතෙන සොයා ගැනීම. ඔහු කියන ආකාරයට මේ නිහැඬි කලාපයත්, බර්මියුඩා ත්රිකෝනයත්, ඊජිප්තුවේ පිරමීඩත් එකම සරල රේඛාවක පිහිටා ඇති බව. පුදුමයි නේද?


නොදත් තතු කලින් පෝස්ට් එකක මන් සඳහන් කළා ගීසාහි පිරමීඩ අතරින් ප්‍රධාන පිරමීඩ ත්‍රිත්වයත් , මෙක්සිකෝවේ ඇස්ටෙක් පිරමීඩත්, චීනයේ සියන් පිරමීඩත්, අපේ රටේ ඇති රුවන්වැලිසෑය, මිරිසවැටිය, ජේතවනාරාමය යන චෛත්‍ය ත්‍රිත්වයත් ඔරායන් තරු රටාවේ බඳපටියට සමාන ලෙස නිර්මාණය කරලා ඇති බව . ඔයාලට හිතෙන්නෙ නැද්ද මේ හැම එකක්ම හරියට එකම පන්ඳුවක දුවන එකම නූලක් වගේ කියලා, මේ දේවල් පුදුම විදිහට එකකට එකක් සම්බන්ධයි කියලා? අපි නොදන්න ඒත් හරිම විශ්මිත තාක්ෂණයක් ඈත අතීතයේ දී අපේ මේ මාතෘභූමිය ඇසුරු කරගෙන තිබිලා තියෙන බවයි මට හිතුණු අදහස. ඔයාලගෙ අදහසත් පහළින් comment කරන්න. 



(කතාව අන්තර්ජාලය ඇසුරෙනි) 

උපුටා ගැනීම: නොදත් තතු