අකීරා…….අකීරා……මෙහේ එනවා ඉක්මනට….මේ කෙල්ල මොනවා කරනවාද මංදා…අර බලු තඩියා එක්ක නටනවා ඇති පොඩි එකා වගේ…අවුරුදු විස්සක් කියන්නේ ටිකක් ද…
අනේ වත්සලා ඒකී තවම පොඩි එකෙක් වගේ …අම්මා තාත්තා නැති පාලුවට කෙල්ලගෙ ලග උන්නේ ඔය ජේනි බල්ලා…දවසම කරන්නේ ඉතිං ඌත් එක්ක නටන එක..
ආහ්…..ඔය එන්නේ කියනකොටම….
අකීරා කෙල්ලේ…බලාගෙන ඔය ඔය වැටෙයි…
අකීරා මාමාට හීනා වෙලා දිව්වේ ජීනිගෙ පස්සෙන්…ගේ පුරාම දුවන අකිරා දිහා වත්සලා නම් බලාගෙන හිටියේ ඉනට අත් දෙකත් ගහගෙන තරහින්..
අනේ කෙල්ලේ….අකීරා…ඔය බලාගෙන….ඔය පොච්ච්……ර්ර්ර්ර්…කියනකොටම බින්දා නේද….මං ඕක අලුතින්ම යුවාන් පුතාට කියලා ගෙන්න ගත්තෙ…හැමදාම කියනවා ගෙ ඇතුලේ නටන්න තියාගන්න එපා කියලා..
වත්සලා අඩි පොලවේ ගහහා ඇවිත් බයවෙලා බලන් ඉන්න අකීරාගේ කනක් මිරිකලා හයියෙන් පිට හරහා අතුල් පාරක් ගැහුවේ අකීරගේ ඇස් වලින් කදුලු පනින කොට…..
අකිරා අඩනවා දැකපු ජේනියා…බුරාගෙන වත්සලාගෙ ඇගට පැන්නේ වත්සලා ලතොනි තියාගෙන දුවලා යද්දි…
අඩන්න එපා කෙල්ලේ…දන්නවනේ නැන්දාගෙ හැටි…උඹත් පොඩි එකා වගේ නැන්දාගෙන් ගුටිකන වැඩ කරන්නෙ…දැන් පොඩි ළමයෙක් නෙමෙයිනේ …ඉගෙනගත්තා කියලා රස්සාවක් කරන්න යවන්න මට බයයි කෙල්ලේ…උබ මේ ඉන්න තත්වේ එක්ක…උඹට කරදරයක් උනොත් උබ කාට කියන්නද එන අතරමග…මේ ගෙදර උබව පරිස්සම් කරන්න මේ ජෙනියා ඉන්නවා…එත් මගතොටෙදි…ඇරත් රස්සවක් කරන්න තරම් අගහිගකම් නැනෙ…එත් උබ මීට වඩා වගකිමෙන් වැඩ කරන්න ඕන…
තවමත් අඩන අකීර දිහා බලාගෙන ජයලත් කිව්වේ අකීරා හිස වනලා හා කියද්දි..
දැන් ඕක අස්කරලා ගිහින් නැන්දාට වුදව් කරපං…
අකිරා අඩලම රෝස පාට කම්බුල් නහය තොල් රතු වෙලා..පට් හීනි ගවුමක් ඇදලා කොන්ඩේ කඩලා දලා ඉන්න කෙල්ල පුංචි එන්ජල් කෙනෙක් වගේ…
කෙල්ල පොච්චිය අසකරලා ගියේ රෑට උයන්න නැන්දාට උදව් කරන්න ..
කෙල්ලේ වරෙන්…මේ මගේ ඇගට හරිම අමාරුයි බං …අද උබ මොනවා හරි උයලා ගනිං…
අකිරා ඔලුව වැනුවේ හා කියන්න…මාමා ඇහුවොත් කියපං මං එපා කියද්දි උබ තනියම ඉව්වේ කියලා…වත්සලා එහෙම කියලා ගියේ සලේට…
කෙල්ල නැන්දා දිහා බලලා හිනා වෙලා උයන්න ගත්තෙ …බත රයිස් කුකර් එකට ගහලා.. චිකන් හදලා පරිප්පුයි කොළ මැල්ලුමක් හදන්න ගියේ පැයකට අඩුවෙන්…කෙල්ලට ගෙදර වැඩ හොදට පුලුවන් …
අකිරා උයලා මුලින්ම කරේ ජෙනියට කෑම කන්න දිපු එක.. ඊට පස්සෙ කෑම මේසෙට ඇරලා ගිහින් වොශ් දාගෙන ඇවිත් හීනි පටි ගවුමක් ඇදලා කොණ්ඩය පිට දිගේ මුදාහැරලා බැල්කනියට ගිහින් හිස් අහස දිහා බලාගෙන හිටියේ හැගිමකින් තොරව…
**************************
ජයලත් ….
ම්ම්ම්
යුවාන් පුතා ලංකාවට එනවා සිකුරාදා …එදාට යුවාන්ගේ බර්ත්ඩේ එක..අපි පුතාගෙ යාලුවොන්ටත් කියලා සප්රයිස් පාටි එකක් දෙමු…
වත්සලා කැමති දෙයක් කරන්නකො…නේද අකීරා …අකීරටත් පුලුවන්නේ නැන්දාට උදව් කරන්න …
අකිරා හීනාවකින් සංග්රහ කරේ පුළුවන් කියන්න වගේ…
තුන්දෙනා එක්ක රෑට කාලා ඉවර වෙලා ..ඔක්කොම අස්පස් කරලා තමයි අකීරා කාමරේට ගියේ….අකීරාගේ කාමරේ තිබුනේ උඩ තට්ටුවේ ..අකීරගේ කාමරේට යන්න තිබුනේ තව කාමර දෙකක් පහු කරගෙන…
කාමරේට ආපු අකීරා බැල්කනි එකට ගිහින් අහසේ තියේන තරු දිහා බලාගෙන පැය ගානක් කරන්නේ ඒ තරු අතර අම්මා තාත්තා හොයපු එක… අකීරගේ අම්මා තාත්තා වගේම අයියා ඇක්සිඩන්ට් එකකින් නැති වෙද්දි අකීරාට අවුරුදු අටක් වගේ…එදා එ ඇක්සිඩන්ට් එක නිසා අකිරාට ගොඩක් දෙවල් නැති උනා…වාසනාවකටද අවාසනාවකටද මන්දා එදා බේරුනේ අකිරාගේ ජිවිතේ විතරක් බේරුනේ…අකිරගේ හඩ අකිරට නැති කරලා..