නිහඬ සඳයි ඈ (10 කොටස) (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අකීරා තීරණයක් ගත්තා ඒ යුවාන්ට කැමති වෙන්න ..නිතර නිතර වත්සලා කරන බලපෑම් නිසා අකීරා ගොඩක් අසරණ උනා…
දවස් ගෙව්වුනේ කදුලු අතරින්මයි…අභී ගියේ අකීරා යුවාන්ට කැමති කිව්වා කියලා වත්සලා කෑම මේසේදි කියපු දවසේ..අභී යන්න ගියේ අකීරාගේ මුණ වත් නොබලා… අකීරා අසරණයි …අභී ගිහින් මාසේකටත් වැඩී..එත් අකීරාට අභීව අමතක කරන්න බැ.එදායින් පස්සෙ අභීව දැක්කේ නැ…මේ අතරේ යුවාන් ලැස්ති උනේ රට යන්න..ගිහින් හැම ප්රශ්නයක්ම විසදගෙන එන්න..
හෙලො…..මචං …මන් ගිහින් එනකම් අකීරාව වැඩට එවනවා..එකීට කරන්න පුලුවන් වැඩක් දිපන්…උබේ ලගපාතම තියාගනිං පුලුවන් නම්..
හරි…ඔකේ…ඔකේ….
***********-
අකීරා …මං අනිද්දා ආපහු යනවා..ඒ ගිහින් ආවම වෙඩින් එක ගමු..එතකම් මන් ඔයාට ජොබ් එකක් හොයලා දෙන්නම්..ඔයා හොදට ඉගෙන ගනිපු ළමයෙක්…
අකීරාගේ මුණ මැලවිලා ගිහින්..වෙඩින් එක ගැන කිව්වාම අකීරා පිච්චෙනවා..මතක් වෙන්නේ අභීගේ නපුරු අඩම්බර මුණ..
අකීරාට ජොබ් එකක් ගැන කිව්වාම න්ම් ටිකක් හිතට සැනසිමක් ලැබුනා..මොකද ගෙදරට වෙලා ඉන්නකොට මතක් වෙන්නෙම අභීව..
එකයි කෙල්ල ජොබ් එකට යන්න කැමති උනේ..
පුතා …පිස්සුද මේ ගොලු කෙල්ල වැඩට යන්නෙ..හැමෝම දැන ගනිවි..
මුකුත් වෙන්නැ අම්මා..හැමදේම හරි.ම්ම්
යුවාන් කියපු විදියටම අකීරා උදේම ලැස්ති උනේ වැඩට යන්න.. අද අකිරා එක්ක යුවානුත් යනවා…කෙල්ල පහලට ආවේ ඔක්කොම සෙටිෆිකෙට් අරගෙන…සාරියක් ඇදලා හරිම හැඩයි…පහලට එන කෙල්ල දිහා යුවාන් බලාගෙන හිටියේ සමවැදිලා වගේ…
***********
යුවාන් අකිරාව එක්කන් ආවේ සුර්ය වංශ කම්පැණි එකට…බිල්ඩින් එකදැකපු අකීරාගේ මුණ් බෙරි උනේ තට්ටු ගාණ දැකලා…තට්ටු දහයක බිල්ඩින් එකක්..
අකීරා මේක තමයි තැන…පොඩ්ඩක් වත් බය වෙන්න එප..ඔයාගෙම තැනක් කියලා හිතාගන්නකො…යමු ඇතුලට…
උඩම තට්ටුවේ තමයි බොස් ඉන්නේ…එන්න අපු ලිෆ්ට් එකේ යමු…
යුවාන් අකීරාට වාඩි වෙලා ඉන්න කියලා ඔෆිස් එකේ ඇතුලට ගියේ කතා කරලා එන්නම් කියලා…ඇතුලට ගිහින් විනාඩි දහයකට විතර පස්සේ යුවාන් එලියට ආවේ..
අකීරා සේරම හරි…ඔයාට දැන් කතා කරයි…මෙතනටම වෙලා ඉන්න.මං යනවා හරිද…එන්නම් හවසට..නැත්නම් ස්ටාෆ් බස් එකේ එන්න පුලුවන්….
අකීරා යුවාන් දිහා බැලුවේ අසරණව…
යුවාන් ගිහින් පැයක් උනත් කෙල්ලට කතා කරේ නැ..
********
අමීශා…..
සර්…..
අර එළියේ ඉන්න ගර්ල්ව එක්කන් එන්න…
හරිසර්…
මිස්…ඔයාට සර් එන්න කිව්වා…
කෙල්ල නිහඩවම මිශෙල්ගෙ පස්සෙන් ආවේ බයෙන් බයේන්..කෙල්ලගේ පලවෙනි ජොබ් එක..ඔක්කොමත් හරි කතා කරන්න බෑ…
කෙල්ල බොස් ඉන්න රූම් එකට ආවත් තවමත් බිම බලාගෙන…
මිශෙල් ….ඔයා මේ ගර්ල්ට වෙන්න ඕන ටික කියන්න..මගේ රූම් එකේම ටෙබල් එකක් ලෑස්ති කරලා දෙන්න..
බිම බලාගෙන හිටපු කෙල්ල ගැස්සිලා ගියේ ඇහුන නපුරු හඩට…තමන්ගේ බොස්ව දැකපු කෙල්ල්ට හීන් දාඩිය දැම්මේ බයටම…
එ වෙන කව්රුත් නෙමෙයි අභී..සුර්ය වංශ කම්පැණි එකේ ඕනර්…අභීනාත් සුර්ය වංශ…
එත් අභී හිටියේ කෙල්ලව අදුනන්නේ වත් නැති ගානට..
අභී වෙන්න ඕන ටික මිශෙල්ට කියලා එළියට ගියේ කෙල්ල දිහා එක බැල්මක් වත් නොබලා…
අද ඉදන් අභීගේ පේන මානේ තමයි අකීරාට ඉන්න වෙන්නේ…ඉස්සරහට මොනවා වෙයිද කියලා තමයි අකීරාගේ ඔලූවේ තියේන්නේම…
මිස් …ඔයාට තියේන්නේ මේ ෆයිල් ටික චෙක් කරලා සර්ගේ සයින් එක ගන්න…තව එකවුන්ට් චෙක් කරන්නත් තියේනවා…දැනට එච්චරයි…මෙතන තමයි මිස්ට ඉන්න වෙන්නෙ…මිශෙල් පෙන්නුවේ අභීගේ ඔෆිස් එක ඇතුලෙම තියෙන ටෙබල් එක පෙන්නලා…
අකීරා මෙශෙල් එක්ක හිනාහා වෙලා ගිහින් වාඩි උනේ ඇයට පවරපු වැඩ ටික බලන්න…
මිශෙල් එලියට ගියාට පස්සේ කෙල්ල ඇස් වටේටම යවලා බැලුවේ ඔෆිස් එක ්දිහා…හැමදේම හරිම පිලිවෙලයි…

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!