නිහඬ සඳයි ඈ (08 කොටස) (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අභී කෙල්ලව ඇදට තල්ලු කරලා අභී කෙල්ලගේ ඇග මතට වැටුනේ ආවේගෙන්…ඇගේ වතින් අභීව ඉවත් කරන්න හැදුවත් අකීරට අභීව හොලවන්න වත් බෑ… අකීරාට හිතන්න වත් වෙලාවවක් නොතියම අභී ඇගේ තොල් පෙති සිපගන්න ගත්තේ ඈට රිදවමින්..ලේ රහා දැනෙන තරමට ඔහුගේ සිපගැනිම් ආවේගශීලි. ඔහු ඉන්නේ මත් බවෙන්..කරන්නෙ මොනවාද කියලා වත් ,හොද නරක මොකක්ද කියලා වත් අභීට මෙ මොහොතේ වැටහීමක් නැ . තව තවත් ඈට රිදවමින් ඇගේ ගෙල වටා හාදු තවරමින් ඇගේ පපුව මත හිස තියාගෙන ඇස් පියාගත්තේ ඇගේ උනුහුම විදිමින්…
අකීරා දිග හුස්මක් පිට කරේ වෙන්න ගියපු වැරද්ද නතර උන නිසා…විනාඩි ගානක් අභිගෙ සද්දයක් නැති තැන අකීරා බැලුවේ අභී දිහා…
ඔහුට ඇගේ පපුව මත් නින්ද ගොසින්…
අකීර තම ඇගිලි තුඩු වලින් අභීගේ හිස අතගැවේ දුකින්…ඈ දන්නවා අභීගේ කෝපයේ තරම..ඈට නරකක් කරන්නේ නැ කියන විස්වාසෙත් තියෙනවා..
අභී පපුව මත සිටිද්දිම අකීරා ඇස් පියා ගත්තේ සැනසුම් සුසුමක් හෙලමින්…
***********************
ඕ …ශිට්….මේ මොකක්ද දෙයියනේ මං කරලා තියේන්නේ …
ඒයි….එ නැගිටිනවා අකීරා …..
අභීගේ කෑගැගිල්ලට තමයි කෙල්ල ඇහැරුනේ…ඇස් අරිනක්ටම අභී ඇස් දෙකත් රතු කරන් කෙල්ලගේ මුණට එබීලා ඉන්නවා…එතකොට තමයි කෙල්ලට මතක් උනේ ඊයේ රෑ උන සිදුවිම්….කලබලෙන් එයා මෙහා වෙලා තිබුන ඇදුම හදාගත්තේ ලැජ්ජා වෙන් ,එතකොට තමයි අභී දැක්කේ කෙල්ලගේ ගෙල පුරා තියෙන රතු පාට පැල්ලම්..
මට කියනවා මං කොහොමද තමුසෙගේ කාමරෙට ආවේ…ආ…අනික මේවා උනේ කොහොමද තමුසෙට තිබුනා මාව නවත්වන්න…අභී කොණ්ඩේ පිටිපස්ස්ට අදින ගමන් අකීරාට කෑගහන්නේ හරියට සේරම අකීරා කරා වගේ..
හරි මේක කියනවා තමුසේ මේ විදියට තව කාටද ලං වෙලා තියේන්නේ …මට විතරද ….
කෙල්ලගේ මුණට එබිලා අහපු දේට නම් කෙල්ලගේ ඇස් වලින් කදුලු වැටෙන්න වැඩි වෙලා ගියේ නැ..එකයි කෙල්ල ඇදෙන් නැගිටලා එතනින් යන්න හැදුවේ ..එත් උනේ නොහිතපු දෙයක්…
අභී රතු වෙලා තියේන අකීරාගේ තොල් පෙති වලට බර උනේ අකීරා එයින් මිදෙන්න දගලද්දි…කොච්චර දැගලුවත් වැඩක් නැ ඔහුත් එක්ක..ඒ සිප ගැනිම් රලු නැති ආදරණිය හාදු..දිර්ඝ සිපගැනිම් වලට පස්සේ අභී කෙල්ලගේ නලල මත දදෙතොල් තිබ්බේ ආදරෙන්…
කෙල්ලගේ ඇස් ලොකූ වෙලා පුදුමේටම…ඇයි ඉතිං මේ වගේ නපුරෙක්ට මේ තරම් ආදරණීය වෙන්න පුලුවන්ද …
මොකද තමුසේ ඔහොම බලන්නේ…මං මෙහෙම වෙනස් වෙන්නේ කොහොමද කියලාද…තමුසේ මගේ මට තමුසේ ලග ඕන විදියකට ඉන්න පුලුවන් …ඒත් තමුසේ පිච්චෙවි මාත් එක්ක හිටියොත්…එක නිසා මගෙන් ඈත් වෙලා ඉන්නවා මොකද රිදෙන්නේ තමුසේටමයි..හැබැයි තමුසෙට වෙන කෙනෙක්ගේ ලගට යන්නත් බැ …වෙන එකෙක්ගේ හුලගක් හරි වැදුනොත් බලාගමුකො ..තමුසේ දැන ගන්න ඕන පරිස්සමට ඉන්න. ඉස්සරහට ගොඩාක් රිදෙයි තමුසෙට එත් තමුසෙට මගේ ලගට එන්න බෑ…මං දන්නවා තමුසෙත් මට ආදරේ කරනවා කියන්න…එත් මට ඒක වැඩක් නැ..තමුසම දවසක ඇවිත් මට තමුසේගෙ කටින්ම කියන්න ඔන මට ආදරේ කරනවා කියලා…එදාට මගේ ආදරේ තමුසෙට බලාගන්න පුලුවන් …
අභී එහෙම කියලා යන්න ගියේ අන්තිම වතාවට ඇගේ දෙතොල් වලට කෙටි හාදුවක් තියලා…
අභී කියපු දෙවල් කෙල්ලගේ කන් වල දොංකාර දෙනවා…මට කවදාවත් අභී අයියගේ වෙන්න බැරි වෙයි..මං කොහොමද එයාට කියන්නේ මං ආදරෙයි කියලා ..මට කතා කරන්න බෑ දෙයියනේ …මං දුක් උනේ නැ මට කතා කරන්න බෑ කියලා..එත් අද මං ගොඩාක් දුක් වෙනවා..මගේ ආදරේ කියා ගන්න බැරිව මං අසරණ වෙලා…මට අභී අයියව ඕන මන් දන්නේ එච්චරයි…එත් මං කොහොමද කියන්නේ…
**********
උදේ කෑම මේසෙදි වත් අභී අකීරා දිහා බැලුවේ නැ ..අකී හොරාට හොරාට බැලුවත් අභී ඔහේ කෑම කනවා…යුවාන් දෙන්නා දිහාම හොද අවදානෙන් බලාගෙන හිටියේ …අකීරාගෙ වෙනස ඕන කෙනෙක්ට පේනවා…
අකීරා මොකද කෙල්ලේ කන්නේ නැද්ද…
වත්සලා ඇහුවේ කෑම එක අත ගාන අකීරා දීහා අමුතුවට බලන ගමන් …
එතකොට තමයි කන්න මතක් උනේ…
අකීරා දැන් බදින වයසත් හරි ළමයො…අපේ යුවාන් පුතා කැමති අකීරාව බදින්න..
වත්සලා එහෙම කියනකොට අකීරාටයි අභීටයි දෙන්නටම කෑම හිර වෙලා කැස්සක් ආවේ එකම වෙලාවේ …
ඔය ඉතින්….කන එක වත් හරියට කන්න බෑ නේ…
අකීරා බැලුවේ අභී දිහා..අභී කිසිම වෙනසක් නැතුව කෑම කනකොට නම් අකීරට පුදුමයි අභී ගැන ..
අභී අයියාට ගානක් නැද්ද …මාව යුවාන් අයියාට බන්දලා දුන්නට කමක් නැද්ද..
අකීරා කනවට වැඩියෙන් කල්පනා කරනවා..
අම්මා…අකිරාගේ කැමැත්තෙන් විතරයි මං අකීරාව බදින්නේ…
මචං උඹ කාලා ඉවරද…
ඔව්ව් යුවාන් ..මං ටිකක් එලියට යනවා එන්න වෙලා යයි…
අභී කාමරෙට ගියේ එතන තවත් තමන්ව පාලනය කරන් ඉන්න බැරි නිසා….
❤❤❤❤❤❤

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!