නිහඬ සඳයි ඈ
අභී අයියා ඇයි එහෙම..එච්චර තරහක් ඇයි…ඇයි දෙවියනේ මටම මෙහෙම වෙන්නේ…අනේ මටත් පිස්සුනේ අභී අයියා මගේ කව්ද…මං ඇයි එයාට බය වෙන්නෙ…
අකීරා හිටියේ අකීරගේ හිතත් එක්ජ වාද කරන ගමන්….
කාලා ඉවර වෙලා කාමරෙට යන්න ගියපු අකීරා දැක්කේ ………
අභීගේ කාමරේ දොර ඇරලා තියේනවා..එත් අභී පෙන්න නෑ..එහෙන්ම අකීරාගේ කාමරෙට ඇවිත් දොරවහාගත්තේ වොශ් දාන්න යන්න හිතාගෙන…
එත් අකීරා හිරවුනෙ හැඩි දැඩි ශාරීරයකට…එහෙන්ම් බිත්තියට තද උන අකීරා දැක්කේ තමන් ඉස්සරහා ඉන්න අභීව …ඇස් දිහා බලන්න බෑ ..එ ඇස් වල තියෙන හැගීම් නොසන්සුන් ..තරහක් වෙදනාවක්ද කියලා තෙරුම් ගන්න බැ…
අකීරා බයටම ගැහෙන්න ගත්තේ මොනවා වෙන්න යනවද කියලා…
අභී අයියා මොකද මගේ කාමරේ…මොනවාද දෙයියනේ මේ වෙන්නේ….
විනාඩි දෙක තුනක් ඇස් දිහාම බලාගෙන හිටපු අභී අල්ලගත්තෙ කෙල්ලගේ කටින්…
උඹ නටනවා වැඩි හොදටම..ඇයි උඹට අත නැද්ද කන්න..එක එකාට කියලා කවාගන්නෙ ආ… එතකොට මං ඉස්සරහා තව එකෙක්ට කවන්න උඹට මාව මොකෙක් වගේද පේන්නේ ආ…කතා කරපං ඉතිං …..
කෙල්ලගේ ඇස් වල කදුලු බේරේනවා…දුක වෙදනාව ඔක්කොම එක පාර…
මාව යකෙක් කරන්න එපා අකීරා..මට පෙන්න නම් එක එකාට හුරතල් වෙන්න තියා ගන්න එපා උඹටමයි රිදෙන්නේ…ඒක නිසා කෙල්ලෙක් වගෙ තමුන්ගේ සීමාවේ ඉන්නවා..අනික තමුසේ බබෙක්ද හුරතල් වෙන්න..හුරතල් කරන්නම් ඕන වෙලාවට…
මට තෙරෙන්නේ නෑ දෙයියනේ මේ අයියා මට මෙහෙම කරන්නේ ඇයි..එයා ඊර්ෂ්යාවකින් ඉන්නෙ ඇයි…අභී අයියා මං ගැන හිතනවාද…
කෙල්ලට කදුලු අතරින් පුංචි සතුටක් දැනුනේ අභී කෙල්ල ගැන හිතනවා කියලා හිතුනම….
මොකද තමුන් මගේ දිහා බලාගෙන භාවනා කරනවාද…ඔහොම බලන්න එපා අකීරා මට මාව පාලනය කරගන්න බැරි වෙයි…එකේනුත් වෙන්නේ තමුසෙට රිදෙන එක…
අභී එහෙම කියලා එක පාරම කෙල්ලගෙ දෙතොල් වලට බර උනේ අකීරාට කරන්ට් එක වදිනවා වහේ දැනෙද්දි….කෙල්ල ජීවිතේට ලැබුන මුල්ම පිරිමි ස්පර්ශ මුල්ම හාදුව..ඒ ගැගිම විදගත්තේ හරිම ආසාවෙන් , තව තවත් ඒ වතට බර උනේ හිටගෙන ඉන්නවත් පණක් නැති වෙද්දි..
ලන් උනාට වඩා වේගෙන් අභී කෙල්ලගෙන් ඈත් උනේ අමතක උනු දෙයක් මතක් උනා වගේ…
එහාට වෙයන් මගෙන්…උඹ මෙහෙම ඕනම එකෙක්ට ලන් වෙනවාද…ඕන එකෙක්ට මෙහෙම කිස් කරන්න දෙනවාද….කතා කරපං අකිරා ….උඹලා හරිම දක්ශය් හැගීම් එක්ක සෙල්ලම් කරන්න .මං තව සතියයි මෙහේ ඉන්නෙ…මට තවත් ඉන්න ඔනේ නෑ උඹ ඉන්න තැනක වත්….
කෙල්ලට හිතාගන්න බෑ අභීගේ මේ වෙනස් විම…කෙල්ලට දැනුනේ ඒ වචන පපුව පසාරු කරගෙන යනවා වඒ .ඒ තරම් දරුනුයි ඒ වචන්…ඔක්කෝටම වඩා වේදනාවක් දැනූනේ අභී මෙහෙන් යනවා කිව්වාම..
එයාම ලං වෙලා එයාම ඈත් වෙනවා.ඇයි එහෙම…මට කතා කරන්න පුලුවන් උනා නම් මං කියනවා මගේ හැගිම් එක්ක මෙහෙම සෙල්ලම් කරන්න එපා කියලා..අනේ අභී අයියා යන්නේ ඇයි…එයාට යන්න බෑ මාව දාලා ….
කෙල්ල දිහාම බලාගෙන ඉදපු අභී යන්න ගියේ කාමරේ දොරත් වහාගෙන….
කොල්ලා ගියාට පස්සේ කෙල්ල කරේ අඩන එක…
**********
මොකද යකෝ වෙලා තියෙන්නේ..කවදාවත් මෙහෙම නොබොන උබ බොන්නේ…
බැල්කනි එකට වෙලා බියර් ටින් දෙක තුනක් හිස් කරන අභී දිහා බලාගෙන ඉදපු යුවාන් ඇහුවේ පුදුමෙන් …කවදාවත් අභී මෙහෙම බිලා නෑ කියන්න යුවාන් දන්නවා…
අභී කරේ යුවාන් දිහා බලලා ආයෙත් බොන්න ගනිපු එක…
ආහ්…මේ අහපන් බං…අම්මා බර බරේ දානවා බං ඉක්මනින් මැරි කරන්න කියලා…එත් දැම්ම කොහොමද බං අකීරා තවම පොඩි..මං ඒකිට වඩා ගොඩක් වැඩිමල්.ඒත .එකීත් මට ආදරෙයි බං…මං උඹට විස්තරේ කියලා තියේනවානේ මං එකීගේම අයියා නෙමෙයි…මස්සිනා වෙන්නෙ නෑ කම…
යුවාන් කියන එවා අභී අහාගෙන හිටියේ හීනෙන් වගේ…අතේ තිබුන බියර් ටින් එක උගුරට දෙකට බිලා දැම්මේ හිතේ වෙදනාව මකලා දාන්න හිතාගෙන ..
හිතේ ආදරයක් ඇති උනා නම් ඒ ඇය ගැන..ඒ ආදරේ ප්රකාශ නොකරම හිතේම මරලා දාන්න වෙලා…එක් පසක කුලුදුල් ආලය ,අනෙක් පස මිතු දම…