පබා මැණිකේ ජනෙල් පියන් ඇරලා වලව්ව ඉස්සර හා ඇහැළ ගහ දිහා බැලුවා. මලින් බර උණු ඇහැළ ගහ වෙනදා වගේමයි.කිසි වෙනසක් නෑ. නමුත් අදින් පසු අවරුදු 36 ක් ම මේ මොරගොඩ වලව්වේ වැඩිමල් දියණිය වුණු තමන්ගේ ජීවිතය වෙනස් වෙන්න යන විදිය
පබා මැණිකේට අදහා ගන්න බෑ. පබා මැණිකේ ට අතීතය සහ වර්තමානය පැටලුන නූල් බෝලයක් වගේ.
පැටලිලි ලිහා ගන්න හැදුව හැම වතාවේම තමන් තවත් ඒ පැටලිල්ලේ හිරවුණා කියලා පබා මැණිකේ ට
දැනුනා.
පබා මැණිකේ මොරගොඩ වලව්වේ වැඩිමල් දියණිය . උප්පැන්නේ පබා කුමාරි හාමි. අරුන්දතී කුමාරි හාමි පබා මැණිකේ ගේ නංගි. අයිවන් පබා ගේ මල්ලී. දාන්න දා පටන් ම
පබා මැණිකේ හිටියේ පාසල් නේවාසිකාගාරයේ. නංගි
මල්ලී අම්මා අප්පච්චි ළඟ උන්නට පබා මැණිකේ ට ඒ අය ළඟ තමන්ගේ කමක් දැනුනේ නෑ. මොකක් දෝ නොදන්නා ආගන්තුක හැගීමක් ඒ වලව්වේ දි හැමදාම පබා මැණිකේ ට දැනුනා. තමන් හදා ගන්නට ගත් දරුවෙක් දෝ හැගීම හැම වෙලාවක ම පබා මැණිකේ ට දැනුනා. අම්මගේ බටර් පාට ඒ විදියට ම අරුන්දතී ට, අයිවන් ට ආවත් තමන්ට ලැබුණු කාලවර්ණ පෙනුම කොහෙන් ආවක්ද කියලා පබා මැණිකේ හැමදාම හිතුවා.
අරුන්දතී, අයිවන් කිසිදාක තමන්ට සහෝදරියකට මෙන් නොසැලකූ බව පබා මැණිකේ ට දැනුනා. වලව්වේ වඩ වඩාත් කොන් වූ පබා මැණිකේ ළන් උනේ වැඩකාරයින්ට..
ලීලා අම්මා කුස්සි අම්මා උණත් තමන් ගැන නිතර හොයා බැලු හැටි පබා ට මතකයි. කුඩා කළ නාවා කවා පොවා සියලු දේ කරත්දී සිරිමා හාමු, පබා ගේ අම්මා තමන් ගැන නොබලා හිටියේ කොහොමද කියලා පබා ට හිතා ගන්න බෑ. “මං හදා ගන්න අරගත්ත ළමයෙක්ද ලීලා අම්මේ “පුංචි සන්දියේ පබා මැණිකේ කුස්සි අම්මගෙන් අහනවා. “පව් පිරෙන කතා කියන්න එපා මයේ මැණිකේ “ලීලා අම්මා එතකොට එහෙම කියලා චීත්ත පොටෙන් ඇස් පිහිද ගන්නවා.
බණ්ඩාර, අප්පච්චි ගේ ඩ්රයිවර් පබා මැණිකේ ව පුංචි සන්දියේ ඔන්චිල් ලා වේ තියලා පද්දන හැටි පබා මැණිකේ ට මතකයි. පබා පුංචි සන්දියේ බණ්ඩාර ඉලන්දාරියෙක්. කොහේ ගියත් පබා මැණිකේට කන්න දෙයක් බණ්ඩාර අරං ආව. කතා කරන්න කෙනෙක් නැතිව වලව්වේ කාමරේ ට මුළුගැන් වුණු පබා මැණිකේ ට ඉදහිට පොතක් පත්තරයක් ගෙනත් දුන්නේ බණ්ඩාර.
අරුන්දතී යි, අයිවන් දෙන්නම ඉගෙනීම ට විදේශ ගත වෙත්දි පබා මැණිකේ උසස් පෙළ සමත් වෙලා වලව්වේ නැවතුනා. එදා ඉදන්ම සිරිමා හාමු කළේ පබා ට මනමාල යෝ හොයන එක. ඒ ආව හැම මන මාලයෙක් ළගම සිරිමා හාමුට පෙනුණු අඩුපාඩු වක් තිබුණ. අව්රුදු ගානක් එකම සෙල්ලම කරලා පබා මැණිකේ ට ඇති උනා. කිසිම දාක ඒ මනමාල යෙක් ගැන පබා ගෙන් අහන්න වික්ටර් හාමුට වත් සිරිමා හාමුට වත් ඕන උනේ නෑ. අන්තිමට අරුන්දතී, අයිවන් දෙන්නම විවාහ වෙලා පිටරට පදිංචියට ගියා .
“කොහේද මනමාලයෙක් කැමති වෙන්නෙ. පාටක් ද… හැඩයක් ද.. දරහැව වගේ.. “සිරිමා හාමු හයියෙන් හය්යෙන් දවසක වික්ටර් හාමුට කියනවා පබා මැණිකේ ට ඇහුණා. අම්මා ගේ උස් හඩට අප්පච්චි දෙන උත්තර කවදාවත් පබා මැණිකේට ඇහුනේ නෑ.
“අපේ මැණිකේ එදා ආව මනමාලය ට කැමතියි වගේ “බණ්ඩාර දවසක් පබා මැණිකේ ගෙන් ඇහුවා. “මගේ කැමැත්ත අකමැත්ත අම්මා වත් අප්පච්චි වත් අහන්නෑ නේ බණ්ඩාර අය්යේ “අම්මා මේකටත් කැමති නැතුව ඇති “
“මැණිකේ දීගේක ගිය දාට මාත් මේ වලව්වෙන් යනවා “බණ්ඩාර එහෙම කිව්වේ දිග හුස්මක් හෙලලා..
“ඒක කවදාවත් වෙන්නෙ නෑ බණ්ඩාර අය්යේ.. මට දීග යන්න වෙන්නෙත් නෑ.. අය්යාට වලව්වේ න් යන්න වෙන්නෙත් නෑ “හිනා වේවී කිව්වට පබා මැණිකේ ගේ හදවත දුකෙන් බර උනා.
ලීලා අම්මා ගේ මරණය පබා මැණිකේ ගේ හිත මහත් කම්පණය කට පත් කළා. හදිස්සි යේ ඇති උණු පපුවේ අමාරුවෙන් ලීලා අම්මා දෑස් පියාගත්ත.. දින ගණනා වක් පබා මැණිකේ හිටියේ ඇඩු කදුලින්. “අවුරුදු 35ක් මගේ ඇහේ ඇනිලා තිබ්බ කටුවක් අද ගැලවුණා “සිරිමා හාමු කිසි අනුකම්පා වක් නැතිව එහෙම කියනවා පබා මැණිකේ ට ඇහුණා.
“අඩපන්. අඩපන්, උබට තාම අඩන්න දේවල් උනේ නෑ “කාමරේ දොර රෙද්ද ඈත් කරලා සිරිමා හාමු එහෙම කිව්වා.
ලී ලා අම්මාගේ මරණ යෙන් හරියටම තුන් මාසයක ගෙවෙන දා රබර් වත්තේ දි වික්ටර් හාමු ට නයෙක් දෂ්ට කළා. අන්තිමට ඇස් පියාගන්න කලින් අප්පච්චි තමන් ට මොනවා හරි කියන්න හැදුව බව පබා මැණිකේ ට තේරුණා. නමුත් කිසිවක් නොකී වික්ටර් හාමු යන්න ගියා.
අප්පච්චි ගේ තුන් මස දානයට ආ අරුන්දතී සිරිමා හාමු රැගෙන ගියා. අයිවන් වලව්ව ත් එක්කම සියලු බඩු මුට්ටු
වෙන්දේසි කළා.
පබා මැණිකේ අතීතයේ න් මිදුනේ වාහන යක් ගේට්ටුවෙන් ඇතුලට ආව හඩින්. රෙදි බෑගය අතට ගත් පබා මැණිකේ මිදුලට බැස්ස. අන්තිම වතාව ට වලව්ව දිහා බැලුවා. “පබා මැණිකේ, මැණිකේ මේ කොහේ යන්නද “බණ්ඩාර පබා ඉදිරියට ආවා. “මට යන්න තැනක් නෑ බණ්ඩාර… ඒත් මටත් මේ ලෝකේ කොහේ හරි තැනක් ඇති..මේ වලව්ව මගේ නෙවේ කියලා මං කවද ත් දැනන් හිටිය. මට මගේ කියන කෙනෙක් ඉන්නවනම් හොයා ගන්න උදව් කරන්න බණ්ඩාර. “පබා කිව්වේ ඉකි බිදිමින්.
“මැණිකේ හම්බ වෙලා මේ වලව්ව ට ගේත් දි මට අවුරුදු දොළහ ක් ඇති. මටත් ඒ හැටි තේරුමක් නෑ මැණිකේ. හැබැයි මුරට හිටිය අපේ අප්පොච්චා කිව්වේ හාමු නිසා ලීලා අම්මා ගැබ්බර උනා ය කියලා. පුංචි කාලයේ අපිට ඕවා ගැන නින ව් නෑ මැණිකේ. හිටපු ගමන් ලීලා අම්මා අතුරුදහන් උනා. සිරිමා හාමු ගැබ්බර උනා. මිනිස්සු නම් කිව්වේ ඒක සිරිමා හාමුගේ රගපැමක් කියලා. මැණිකේ ව ගෙනත් සතියකට දෙකකට පස්සේ ලීලා ආයෙත් වලව්ව ට ආව. මං ඇහුව මත් කිව්ව අසනීපෙන් උන්න කියලා”
පබා මැණිකේ ගේ ඇස් වලින් ගොඩ ගොඩ ගාල කදුළු වැටුන. චිත්ර පටයක දර්ශන වගේ බණ්ඩාර කියූ දේවල් මැවී පෙනෙන්න උනා.
“බණ්ඩාර එතකොට මගේ අම්මා ලීලා අම්මාද “පබා බණ්ඩාර ගෙන් ඇහුවේ වෙව්ලන හඩින්. බණ්ඩාර ඈත නොපෙනෙන ඉසව්වක් දිහා බලන් හිටිය.
“එතකොට මට මගේ කියන්න කාත් කවුරු නෑ.. නේද බණ්ඩාර “
“ඇයි නැත්තේ මැණිකේ. මං කවද ත් මැණිකේ ට ලෙන්ගතු යී. මැණිකේ හිතලා බලල යමක් කරන්න.. මං වලව් කාරයෙක් නොවුණත් මැණිකේට අහිතක් කරන්නේ නෑ මං.. “
පබා මැණිකේ බණ්ඩාර දිහා බැලුව. කවද ත් බණ්ඩාර තමන්ට ආදරයෙන් සැලකු බව, ලෙන්ගතු බව පබා මැණිකේ අදුනගෙන උන්න.
“අපි යමු බණ්ඩාර..
දැතින් කදුළු පිසදා ගත් පබා මැණිකේ අහිංසක ලෙස හිනා උනා.
“පබා මැණිකේ ඇත්තමද මේ කියන්නේ “
බණ්ඩාර පුදුමයෙන් ඇස් ලොකු කළා..
ඔව්.. මට මැණිකේ කියන්න එපා බණ්ඩාර. මං වලව්ව ට අයිති නෑ.. පබා කියන්න “
නෑ මැණිකේ.. මං හිච්චි සන්දියේ ඉදන් මැණිකේට , මැණිකේ කිව්වේ පපුවේ ඉපදුන ආදරේ නිසා මිසක් වලව් කමට නෙවේ.. අරුන්දතී හාමු, අයිවන් හාමු… ඔයා පබා මැණිකේ.. “
බණ්ඩාර එක අතකින් පබා මැණිකේ ගේ ඇදුම් බෑ ගයත් අනෙක් අතින් පබා මැණිකේ ගේ අතත් අල්ල ගත්ත.
“මැණිකේ දුක් වෙන්න එපා. මං මැණිකේට වඩා දහ දොළොස් අව්රුද්ද ක් වයසයි තමයි. ඒත් මැණිකේ රැක ගන්න මට පුළුවන් “
මට බණ්ඩාර ව විශ්වාස යි, බණ්ඩාර.. පබා මැණිකේ ආයෙත් වතාවක් තමා මුලා කල, තමා අතරමන් කළ වලව්ව දිහා හැරිලා බැලුවා…
උපුටා ගැනීම: Windi Windi