සෙනග පිරුණු බස් රථයක් මහා දවල් පාර දිගේ ඇදෙනවා. මගීන් හැම දෙනාම ඉන්නේ අමාරුවෙන්.
.
ඔය අතරේ බස් රථයේ මැද්දට වෙන්න තියෙන ආසන පේලියේ ජනේලය අයිනේ තරුණයෙක් වයස අවුරුද්දක් විතර වන බිලිඳු දරුවෙක් උකුලේ තියාගෙන ජනේලයෙන් පිටත බලාගෙන ඉන්නවා. බස් රථය ඇතුලේ උණුසුම දරාගන්න බැරිව පොඩි දරුවා මහා හඬින් අඬනවා. බස් රථයේ අනෙක් මගීන් ට මේක මහා කන්දොස්කිරියාවක්. ටිකක් තලතුනා ගැහැණු කිහිපදෙනෙක් එකිනෙකාට මුමුනමින් අර තරුණයාට නොඇසෙන සේ ඔහුට දොස් පවරනවා.
.
“අම්මල නැතුව ගමන් යන්නේ මොකටද, ළමයින්ව නලවගන්නවත් බැරිව?”
.
“ලමයව රවට්ටගන්නේ නැතිව ජනේලයෙන් එලිය බලන් ඉන්න හැටි විතරක්”
.
මේ විධියට තමන්ට විරුද්ධව තදින් ම දොස්මුරේ යන විත්තිය අර තරුණ තාත්තා දන්නේ නැහැ.
.
එක පාරම අර කුඩා දරුවා මහා හඬක් නගනවා.. තරුණයා එක වරම දරුවා දිහා බලනවා. ඉන් පස්සේ මෙන්න මෙහෙම කියනවා.
.
“නිමල් සන්සුන් වෙන්න නිමල්, …. ජීවිතේ ප්රශ්න ඉදිරියේ ඔහොම සැලිලා බැහැ. ඒවාට මුහුණ දෙන්න ඕනෑ.”
.
මේක ඇහෙන ඒ අසල ආසන වල වාඩි වෙලා ඉන්න අය මේ අපුරු දරු නැළවිල්ල දිහා පුදුමෙන් බලනවා. හැමෝටම තියෙන්නේ අර කුඩා දරුවා ගැන අනුකම්පාවක් වගේම තාත්තා ගැන කේන්තියක්.
.
දරුවා අඬන එක තව තවත් වැඩි වෙනවා. තරුණයා ආයෙත් දරුවාගේ මුහුණ බලාගෙන මෙහෙම කියනවා.
.
“නිමල් සැලෙන්න එපා. හිතට දිරිය ගන්න. හැම ප්රශ්නයක් ම තාවකාලිකයි නිමල්. මේක ඉක්මනින් ගෙවිල යාවි.”
.
දරුවා තවත් හඬින් අඬනවා.
.
බලන් ඉන්න බැරිම තැන පිටුපස ආසනයේ වාඩි වෙලා ඉන්න මැදි වියේ කාන්තාවක් තරුණයාගේ උරහිසට තට්ටුවක් දාල මෙන්න මෙහෙම කියනවා.
.
“මේ … මහත්තයෝ … නිමල් ට ඔය අපබ්රංස තේරෙන්නේ නැහැනේ. මොනවහරි දරුවට තේරෙන යමක් කියල දරුවාව රවට්ටගන්න..”
.
“නිමල්? මෙයා නෙමෙයි නිමල්. මමයි නිමල්.”
උපුටා ගැනීම: Athula Seneviratne