අප්සරා වතුර ටිකක් ගේන්න ඉක්මනට
අප්සරා කාර් එකෙන් වතුර බෝතලයක් ගෙන මින්දුලී ගේ මුහුණ මතට ඉස්සේ වෙන කරන්න දෙයක් නැති කමටයි
මින්දුලී ඇස්පියන් බොහොම අමාරුවෙන් විවර කර වටපිට බැළුවේඇයගේ රන්ගනය තවත් තාත්වික රන්ගනයක් බවට පෙන්වමින්
අනේ සනුල් සර් බලන්නකො මට එක පාරට කැරකිල්ලක් ආව ඇස් නිලන්කාර උනා .වෙලාවට සර්ලා මෙතන හිටියේ
ඇයි ළමයෝ කන්නෙ නැද්ද වෙලාවට ..සනුල්ට තමාගෙ ගෝලයා ගැන දුක සිතුනි කොහොමත් සනුල් මින්දුලි කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වුයේ මින්දුලී කාත් කව්රුත් නැති අහින්සක ළමයෙක් නිසාත් අප්සරාත් මින්දුලිට බොහෝ සෙයින් ප්රිය කරන හෙයිනි..තවද ඇය චිත්ර විෂයට බොහෝ සෙයින් දක්ෂ නිසාත් ය
අප්සරා සැබවින්ම මින්දුලිට බොහෝ සෙයින් අනුකම්පා කරා ..අප්සරාට තිබුනේ කොහොමත් පිරිසිදු හදවතක් ඒ වගෙම උණුවන හදවතක් ඒ නිසාම මින්දුලි ගේ සැගවුන වෙස් මුහුණ අප්සරා දැනගන්නකොට බොහෝ පරක්කුයි
මින්දුලී අපි යමු අපි ඔයාව ගෙදරින් බස්සගෙන යන්නම් කියා සනුල් සහ අප්සරා ඉදිරිපස ශීට් එකෙන්ද මින්දුලි සහ ඇගේ යෙහෙළිය සිතු පිටුපසින්ද අසුන් ගත්තා …ඒත් අප්සරා සහ සනුල් වාහනයේ ඉදිරිපස හිනාවිවී යනව තවත් බලන් ඉන්න මින්දුලි බැරි උනා
අනේ සර් මට වමනෙට එනවා වගෙයි පොඩ්ඩක් නවත්තනවද වාහනේ ගැස්සෙනකොට හරි අමාරුයි සර්
අප්සරා මිස් කරදරයක් නැත්නම් මම ඉස්සරහ ශීට් එකට එන්නද මට කොහොමත් වාහනවල පිටිපස්සෙ යන්න අමාරුයි මිස් අද ගොඩක් අමාරුයි අනේ මිස්ට කරදරේ නේද
අනේ අප්සරා මේ ළමයට ඉස්සරහ ශීට් එක දෙමු පොඩ්ඩක් පව්නේ අමාරු ඇති
අප්සරාට මින්දුලී ගේ ගැටේ හොදටම තේරුනි.එහෙත් සනුල්ට දැන් මෙය පහදල දෙන්න වෙලාව නෙවෙයි කියලා ඇයට තේරුම් ගියා අකමැත්තෙන් උනත් අප්සරා මින්දුට ඉදිරිපස අසුන දීලා පිට් පස්සට ආවා
සනුල් සර් මම ඉස්සරහින් බහිනවා මින්දුලී ගේ යාළුවා සිතු
හරි දරුවෝ පර්ස්සමට යන්න
මින්දුලි හරිම සතුටෙන් හිටියේ මොකද අප්සරා ඉස්සරහම සනුල් සමග ජෝඩු දාල යන්න ලැබිච්ච නිසා .ඒත් ඒ සතුට කොච්චර පව් කාර සතුටක්ද කියල මින්දුලි ට වැටහීමක් නෑ
කොහොමෙන් හරි මින්දුගෙ බෝඩිමටම අපි ආවා අනේ ළමයෝ ඔයාට කෑම මුක්ත් අරන් දෙන්න බැරි උනානේ මම ආවෙ මේ අප්සරා ට බෙහෙත් ටික පොවන්න ඉක්මනට ගෙදර යන සිහියෙන් දරුවෝ වෙලාවට මිස්ට බෙහෙත් දෙන්න ඕන
මේ මිනිහටත් මේ අප්සරාවියගෙන් එහා ලෝකයක් නැති හැටි.හරි තව ටික දවසයි සනු බබො ඊට පස්සෙ ඔයාට දිගටම මාත් එක්ක ඩිනර් අව්ට් තමා මොකද මම උයන්න දන් නෑනෙ.
අනේ ඒකට කමක් නෑ සර් මට ඕව පුරුදුයි ඔය මොකක් හරි හදන් කන්න බැරිය මට .
අප්සරා එහෙනම් මින්දුව බෝඩිමට එක්කගෙන යන්ම ඉක්මනට එන්න
මින්දු අප්සරාගෙ බෝඩිමටම ඇතුල් උනේ මින්දුගෙ රගපෑම හමුවෙ ඇයට වෙන කරන්න දෙයක් නැති නිසයි
අප්සරා අක්කි ඔයා ගොඩක් කරදර උනා නේද මන් නිසා අද ..අනේ ඔයාගෙ හස්බන්ඩ් සෝ ස්වීට් අනේ එයාගෙ තුරුලනම් මරු හොදේ
එයා ඉතින් මගේනේ ටික දවසකින්
මින්දුලී අනුන්ගෙ පිරිමින්ගෙ පස්සෙන් එන්නෙ ලැජ්ජ නැද්ද .ඔයා හිතනවද අනිත් ගෑනුවගේ මම මගෙ මිනිහව ඔයාටදීල හිතහදාගනි කියලා .පිස්සුද මගෙයි සනුල් ගෙයි බැදීමට ඔයා නිසා මම මුකුත් වෙන්න දෙන් නෑ පිස්සු කියවන් නැතිව ගෑණු ළමයෙක් වගේ පිලිවෙලට හැදෙනවා .බලනවා තමුන්ගේ කාමරේ හැටි .
මගේ කාමරේ හැටි නෙවේ අප්සරා අක්කී බලන්න ඔයාගෙ හැටි සනුල් සර් ගාවින් වත් තියන්න බෑ මේ අහන්න අප්සරා අක්කි සර්ට ඔයාව ගැලපෙන් නෑ සර් කොච්චර ලස්සනද එයාට ගැලපෙන්නෙ මම වගේ කියුට් කෙල්ලෙක් අනික මට පුළුවන් එයාව හොදට බලාගන්න
මින්දුලි ගේ වචන වලින් අප්සරාගෙ හිත ගොඩක් රිදුනා.ඇත්තටම අප්සරා ගොඩක් මානසිකව වැටිලයි හිටියේ.තමනේ මනුස්සයට තවත් ගැහැණු හුලගක් වදිනවට කිසිම ගෑනියෙක් කැමති නෑ ලග ලග එන සුලුකුනාටුවට තමන්ගේ කුරුළු කූඩුව අසුවී කැඩි බිදී යයිද කියලා අප්සරා ගොඩක් බයෙන් හිටියේ..
මින්දුලී ව බෝඩිමට ඇරලවලා අප්සරා යි සනුල් යි ගෙදර එමින් හිටියේ
සනු…
ම්ම්ම්ම්ම්ම්ම් කියන්න්න අප්සරා
ඇයි ඔයා ඔච්චරම මින්දුලි ට හිතවත් එයත් ඔයාගෙ ඇකඩමි එකේම ළමයෙක් නේ
මින්දුලී ට කාත් කව්රුත් නෑ කියල එයාව අපේ ගෙදරටම ගෙනල්ල කවල එයාව ලගින්ම ඇසුරු කරේ ඔයානෙ ළමයෝ මටනම් එයාව විශේෂ එයාගෙ දක්ශ කම නිසා..සනුල් ගෙ පිළිතුරු හමුවෙ අප්සරා ඉන් එහාටයමක් කතා කිරිමට නොහැකිය …තමා නේද අහක යන නයෙක්ව ගෙදරට දමාගෙන කිරි පෙව්වෙ කියන වරදකාරි හැගීම අප්සරාගෙ හිත තවත් පෑරුවා …
අප්සරායි සනුලුයි ගෙදර ඇවිත් ආහාර ගෙන රෑ නින්දට ලෑස්ති වුනා..වෙනදට අප්සරා නිදියහනට පැමිනෙන්නේ හරිම සතුටින් උද්යෝගිමත් බවකිම් ඒත් මින්දුලි ගේ වාග් ප්රහාර හමුවේ අප්සරා බොහෝසෙයින් මලානික උනා ..අනුන්ගේ මිනින්සුන්ව අල්ලගන්න බලන ගෑනු මුලින්ම කරන්නෙ ගෙදර ගෑනිගෙ ඔළුවට විස පුරවලා අඩපන කරන එක මානසිකව වට්ටන එක ඒත් අප්සරා ඒක දැනගෙන හිටියෙ නෑ .
අප්සරා කියනෙ කොච්ව්චර අහින්සක උනත් නිදියහනේ ප්රබල ලෙස තම සැමියාගෙ ආකර්ශ්නය දිනාගත් බිරිදක් ..පහුවෙනිදට සනුල්ට මුහුණ දෙන්න බැරිතරමට ඇයගේ නිදියහනේ ආලින්ගනය ප්රබල උනා…ඒත් අද අප්සරාගේ මේ මලානික හැසිරීම සනුල්ගේ හිතට තදට දැනුනා.
තෝ තාම නිදිද යකෝ නැගිටපන් මින්දුගේ බෝඩිමට උදේම සිතු ආවෙ ඇය එක්ක ටව්මට පොඩ්ඩක් යන්න මේ තොට කොහෙන්ද යකෝ එක පාරටම ජබර කලන්ටයක් ආවෙ සනුල් සර්ව දැක්ක ගමන් ..
කොහොමද මගේ ඇක්ටින් පාර මරේ මරු නේද
ඇයි බන් උබ ඔය පව් වැඩෙ කරන්නෙ අප්සරා මිස්වහේ හොද කෙනෙක්ට
අනේ සිතූ මට උබේ බන කියන්ම එපා .ඇයි තේරුම් නොගන්නෙ සනුල් සර් ට මම ගොඩක් ආදරෙයි අනේ සිතූ මට බනින්න එපා සනුල් සර් නැතිව මම මැරෙයි බන්
හරි මට මුල ඉදන් කියන්න ඕන උබට කොහොමද සනුල් සර්ව දන්නේ කියලා හැම දේම කියපන් මට මම ගමේ ගිහින් හිටපු මාසයට උබ නටපු නාඩගම්
හරි උබ අහපන් ඉන්නවනම් මම කියනම් කොහොමත් මම හරි ආසයි මගෙයි සනුල් ගෙයි කතාව කාට හරි කියන්න…..