නිරුවත් මලක් ( 4 කොටස)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
සනුල්ගේ පියා ගාමිනි මහතා අභවප්රාප්ත් වී වසර පහක් ගෙවී යාම හේතුවෙන් හේතුවෙන්බ් සනුල්ගේ මහගෙදර දානයක් සූදනම් කර ඇති බව සනුල්ගෙ අම්ම සනුල්ට දුරකථනයෙන් දැනුම් දුන්න. අප්සරා අන්න අම්ම දානෙට එන්න කිව්ව මින්දුලී වත් එක්කන් එන්නකිව්ව ..
ඇයි අපේ හැම දේටම මින්දුලීව එක්කන් යන්නෙ සනුල්
අප්සරාගෙ ප්රශ්නය ඇසුරෙ සනුල් අන්ද මන්ද උනා
ඇයි අප්සරා ඔයාමනේ ඉස්සර අපේ ගමන් හැම එකටම මින්දුලී ව එක්කන් ගියේ අපේ ගමේ එක්කන් ගිහින් මින්දුලි පව් අරකයි මේකයි කියල අපේ අම්මටත් එයාව අදුන්වල දුන්නේ.ඉතිම් අම්ම එයාටත් එන්න කියන්ම කිව්ව ඇරත් අපේ අම්ම මින්දුලී ට එකතුයිනේ.බෝනික්කි වගෙ කෙල්ල කියල
අනේ මෙ සනුල් මට එයාව අල්ලනෙ නෑ සනුල් එයාව එක්කන් යන්න ඕන නෑ එ එයා එන්නෙ ඔයාව මගෙන් උදුරගන්න මේ ඇත්තමයි සනු අනේ මටනම් ඔයා නැතිව බෑ
විකාරද අප්සරාට ඔයාට අර පොඩිකෙල්ලට පිස්සු නෑ මන් වගෙ කසාද බැදපු වයස මනුස්සයෙක් අල්ලගන්න දගලන්න ඔයා කොහොමද ඔහොම කියන්නෙ මින්දුලි අහින්සක ළමයෙක් නෙ අප්සරා
එතකොර ඔයා කියන්න් මම කියන්නෙ බොරු කියලද….
මේ අහන්න මැනික දරුවෙක්වෙනුවෙන් ලතවෙන ඔයාට මේගෙදර තනියම ඉන්න ඔයාට ඔය ඔය විකාර අදහස් ඔළුවට එන එක ඇත්ත මැනික.ඒත් එගෙම හිතන්න එපා මින්දුලි එහෙම නෑ.අනික මම ඔයාගෙන් එහා ලෝකයක් දකින් නෑ අප්සරා ඔයයි මගෙ අම්මයි විතරමයි හැමදේම මගෙ කියා අප්සරාගෙ නලල මත හාදුවක් සටහ්ස්න් කලේ අප්සරා පව් ඕනවටවඩා හිතනවා කියල සිතමිනි
ඒත් සනු මට බෑ මින්දුලී එක්ක යන්න එච්චරයි
හරි මැනික ඔයා කියනවන්ම් අපි මින්දුලීව ව එක්කන් නොයා ඉමු මගෙ මැනික දැන් හරිද අම්බේ අප්සරා ඔයත් පොඩි එකෙක්වගේ.
උදේම අප්සරා යි සනුල් යි සනුල් ගම වන පොලොන්නරුව ප්රදේශයට ලගා උනා .සනුල් එහෙ යන විට ගමේ කාන්තාවෝ දෙන්නෙක් තුන්දෙනත් ම රැස්වෙලා සිටිය ඒ ඇතරින් දැකපු රූපයක් නිසා අප්සරාගෙ මුළු සිතම ගිනි ගත්තා ඒ වෙන කව්රුත් නෙවේ මින්දුලී
සර් හොදටම මහන්සි පාටයි සනුල්ගෙයි අප්සරාටයි පෙරමන් සාදමින් ඉදිරියට පැමිනි මින්දුලි කීවේය
මින්දුලී කොහොමද මෙහෙ ආවෙ
අනෙ සනු පුතේ ඒ කෙලී පෙරේද ඉදන්ම මෙහෙ ඉදන් හැම වැඩක් පොලක් කරගෙනම ඉන්නව හරි කඩිසරයි නොව .වාසනවන්ත කෙලී.මින්දුගෙන් අහපු ප්රශ්නයට උත්තර බැන්දේ සනුල්ගෙ අම්මා පද්මා මහත්මියයි
අනේ සර් ….සර්ටයි මිස්ටයි කරදර නිස මම පෙරෙදා බස් එකේම ආවා.එන්න අප්සරාමිස් කාමරෙට ගිහින් ඇදුම් මාරු කරගමු .
මින්දුලි අප්සරාව රැගෙන කාමරයට පැමිනියා ..කොහොමද අප්සරා අක්කි මම හොද යි නේද ම්ම්ම්ම්ම්ම්ම් ….ඔන්න මගෙ සනුල්ගෙ සිහිනෙට ටික ටිකමන් ලන් වෙනවා
අනෙ අප්සරා අක්කි මට වෙන කව්රුත් නෑ මේව කියන්න ඒකයි ඔයාටම කියන්න හොදේ
මේ මම යනව පද්ම අම්මා වැඩ වගයක් කිව්වා කරන්න.
අප්සරා ඇදුමක් මාරුකරන් ඇගපත දොවාගෙන දිග කොන්ඩය කරලට ගොතාගෙන එලියට යනකොට සනුල් තේ එකක් බිබී මින්දුලී සමග කතාවට වැටි තේ පානය කරමින් සිටියාය .අප්සරා එතනට එනතෙක්ම සනුල්ගෙයි මින්දුලී ගෙය් කතාව නවතින පාටක් තිබුනේ නැත
අනේඅප්සරා අක්කි මම සනු සර්ට තේ එකක් හැදුවා අක්කි පේන්න හිටියේ නෑනෙ අනේ ආයෙ තේ හදන්න බෑ මට අක්කි තේ එකක් හදන් බොන්න මින්දු සනුල් අසලින්ම ඉදගනිමින් කීවේය
මින්දුලී මේක මගෙ මහත්තයා ගෙ ගෙදර සනුල් සර් මාව මුලින් ගෙනාවෙ මේ ගෙට මගෙ ගෙදර මට තේ හදල දෙන්න කව්රුත් ඕන නෑනේ ලමයෝ අප්සරා කිව්වෙ ඇගට පතටනොදනීය.
අප්සරා මට මේ තේ වැඩි මේකෙන් භාගයක් ඔයා බොන්නකෝ. මේ ටික කියා අප්සරාට තේ එකෙන් භාගයක් බී භාගයක් ඉතිරි කොටදී එලියට ගියේය
අප්සරා සනුල් දුන් තේ එකෙ ඉතිරිය පානය කරන ගමන්.. අම්බේ මින්දුලි.. තේ එකනම් හරි නෑ අප්පා සනුල්ටකොහොමත් මේ වගේ තේ හරියන් නෑ මටවත් බොන්න බෑ මේ එක නෙවෙ හරි ආදරෙන් වෙන් ඇති සනුසර්ට තේ පොවන්න හදන්න ඇත්තේ නේද.මම තමුන්ට එදත් කිව්ව අදත් කියනවා සනුගෙයි මගෙයි බැදීම ට කිට්ටුවෙන්නවත් ඔයාට බෑ.
මින්දුලී ට කේන්තිය පාලනයකරගන්න බැරිවිය තමන් ආදරෙන් සනුල් සර්ට හදපු තේ එකෙන් උගුරක් පමන්ක් බී අප්සරාට දුන්න එක මින්දු දරාගන්න බැරි උනා.මින්දුලි එතනින් ඉවත් උනේ අප්සරාට රවමින්
අප්සරා කඩිසරව එහෙ මෙහෙ යමින් දානේ ගෙදරසියලු දේ සොයා බල බල කරා.සනුල්ගෙ නෑදයම් අතරකොහොමත් අප්සරාට තිබුනේ ලොකු ආදරයක්.සනුල්ගේ අම්මත් අප්සරාත ආදරෙන් හිටියත් දරුවන් නොමැති නිසා ඇය අප්සරා එක්ක අමනාප උනා.
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
සනුල් ගලාගෙන යන ඇලපාර දෙස බලන් හිටියේ අප්සරා ඊයෙ මින්දුලී ගැන කියපුවා ගැන හිතා හිතායි…ඇත්තටම මින්දුලී ගෙ හිතේ මම ගැන එහෙම අදහසක් තියනවද.
අනේ මන්දා .ඒත් අප්සරා වගේ රත්තරන් ගෑනියෙක් ඉන්නකොට මටවෙන කාගෙන්වත් වැඩක් නෑ ඇරත් ඒ පොඩි කෙල්ලෙක්නෙ.සනුල් එසේ සිතුවත් මින්දුගේ ඉගිපාන දෙනත සනුල්ගෙ යටිසිතේ හොල්මන් කරන්න විය….එකපාරටම සෙලවුන කොල අතරින් මතුඋනේ මින්දුගෙ රූපයයි .
මින්දු මොකො මේ රෑ මෙතන..ඇරත් තනියම
සනුල් මින්දුගෙ පැමිනීම බලාපොරොතු නොවීය.
සනුල් සර් මම කොහොමත් ආසයි මේ වගෙ වෙලාවට ඇවිදින්න .ඒකයි එලියට ආවෙ එනකොටයි සර් ව දැක්කෙ..
සනුල් කවදාවත් නොදුටුව ලස්සනක් මින්දුලී ගෙන් අද දක්නටවිය දිගටිසරාගිව්දෙනත සනුල්ට කරනා ආරධනය සනුල්ව නොසන්සුන් කලාය.ඒත් එක්කම අප්සරාගෙ නිවිච්ව් අහින්සක දෑස සනුල් ඉස්සරහ මැව්නා.මම යන්න ඕන මින්දුලි ….ඔයත් මේ රෑ එහෙ මෙහෙ යන් නැතුව ගෙදර යන්න .
බෝසත් පිරිමි ලොව අඩුය අල්පය. ගෑනියෙක්ගෙ ඉගිබිගි ලග බොහෝ පිරිමි සිත් නතර වෙන්නෙ සිතාගන්න බැරිලෙසය ඒක තිත්ත උනත් ඇත්තය. තව්සන්ගෙ දැහැන් බිදුනටත් කාන්තාවන් සමත් ය.ඒත් බිරිදක් උනාම තමන්ගේ කැදැල්ල ට පිටස්තරයන් එක් කරගන්න විට කල්පනාකාරි විය යුතුය අප්සරාට වැරදුනේ එතනය
සනුල්ගේ සිත නොසන්සුන්විය.ඊයෙ අප්සරා මින්දුලී ගැන කියනකන්ම මින්දුලී ඔහුගේ විශ්වනීයම ගෝලය පමනක්විය ඒත් අනේ මන්දා මම මොන විකාරද මේ හිතන්නෙ …තමන්ගේ සිතටම සනුල් තරවටු කරගත්තේ අප්සරාගෙ ආදරය මතක් කරගනිමිනි .ඒත් සනුල් කියන්නෙත් පෘතක්ජන පිරිමියෙකි.මින්දු කියන්නෙ පිරිමියෙක් වශිකරගන්න පුලුවන් අන්ග උපාන්ග සියල්ල පිහිටි බලන බැල්මෙන් පවා සිතක් කලඹන සරාගි ඉගිබිගිඇති ලස්සනට නොඅඩු දැගලිල්ල ඇති කෙල්ලෙකි.
ඉතිම් අප්සරා විසින් ගින්දරයි පුලුනුයි ලන් කර හමාරය.දැන් ගිනි ඇවිලෙන්න ආසන්නය.ඒ ගින්නෙන් අප්සරාගෙ ආදර කැදැල්ල ගිනිබත් වේවිද….????

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!