අප්සරා…කෑ ගැසිල්ල ඇසුනි දෙසට දිව ගියේ හති දමමිනි ගම්මුන් කිහිප දෙනෙකුද ඒ දෙසට දිව ගියේය.ටිකකින් කෑගැසිල්ල අඩුවිය …අප්සරා ඇල ඉව්ර අසලට ගියේය..ඇය දුටු දසුනින් ඇයගෙ පියවි සිහියද ඇගෙන් ඈත් විය…
දියේ ගිලෙමින් සිටි මින්දුලිව බේරගෙන දියෙන් ගොඩට ගේමින් සිටියේ වෙන කව්රුත් නෙවෙ සනුල්…ගොඩට ආ පසු මින්දුලීව හරහ ට අරගෙන ඉව්රට රැගෙන..එන සනුල්ව දැක් අප්සරාට කෙලින්සිටීමට නොහැකිවිය ඇය වහා අසල තිබු ගසක් තදින් අල්ලා ගත්තේය.
කිරිඅප්පච්චියේ සනුල් මහත්තයෝ මහත්තයා නොසිටින්න මහ විපත් නොව වෙන්නේ
එත් මම මේ කල්පනා කලේ මීට කලිම් ඔය ඇලේ කව්රුත් ඔහොම ගිලෙන්න ගියේ නෑ නොව.ඔය උනාමද කොහෙද තවත් ගම්මුවෙක් එසේ පවසනු අප්සරාට ඇසුනි.
ගම්මුන් කිහිප දෙනෙක් මින්දුලී ව වට කරගෙන ඇයට ආව තේව කරන්න විය මින්දුලී තාමත් සිටියෙ අත් දෙකකින් සනුල්ගේ කරේ එල්ලී සිහි නැති ගානටය…
අප්සරාගෙ සිත වහා අතීතයට ගියේය.මින්දු බබෝ ඔයා ස්කෝලේ යන කාලෙ ස්පෝර්ට් කරාද
මම කලේ ස්විමින් අක්කි මට හොදට ස්විමින් පුළුවන් ….මම තමා පලාත් තරගවලිම් දින්නනෙත් එදින මින්දුලී කියූ ආකරය අප්සරාට මතක් විය…එමෙන්ම් මේ ඇලේ මින් පෙර කිසි අයෙක් අනතුර කට පත්වී නැතඅප්සරාට සියල්ල වැටහිනි .මෙයත් මින්දුලී ගේ එක් රන්ගනයක් පමනි..ගම්මු එකතුවී මින්දුලීව ගමේ ගෙදර කාමරට එක්ක ගියෝය.
ගම්මු එහෙට මෙහෙට වෙනක්න් ඉදලා අප්සරා මින්දුලී සොයා කාමරයට ගියේය .මින්දුලී ඇත්තටම මොකද උනේ මේකත් තමුන්ගෙ උගුලක් නේද.
අයියෝ අක්කි අර ඇල පාරේ වතුරට …මේ මුහුදෙත් පීනල වින් කරලා තියන මාව ගහගෙන යයිද ….විකාරද අනේ. ආස හිතුන සනුල් සර්ගේ තුරුලට එන්න .ඉතින් පොඩ්ඩක් ගහගෙනගියා …තෙත ඇදුම් පිටින්සනුල් සර්ට තුරුල් උනාම එන ෆීලින්ග් එක මාරයි
තෝව මම මරනවා අද වනචර බැල්ලි …..අප්සරා වියරු වැටී මින්දුලි ගෙ ගෙල මුලෙන් අල්ලා ගත්තා පිස්සියක මෙන් මින්දුලී ට පහර දුන්නා.ඒ විටම කාමරටය පැමිනි සනුල් අප්සරාගෙ පහර වැලක් වීමට උත්සහ කරා…අරහෙට යන්න සනුල් අද මම මේකිව මරනවා….පට්ට බැල්ලි තෝ දන්නේ නෑ මගෙ හැටි….
අනේ අක්කි ගහන්ම එපා මට රිදෙන්වා….අනේ සර් බේරගන්න මාව …මින්දුලී ඉකිගසා හසන්න විය..පද්මාද පැමින මින්දුලීව සනසන්න විය
ඈ බම් අප්සරෝ තොට ඔල්මාදෙද මේ අහුන්සකීට මෙහෙම හිරිහැර කරන්නේ…..බලපන් කිරිගරුඩ වගෙතිබ්බ මේකිගෙ මූන රතුවෙලා තොට ඉරිසියාද..මේකි පොත්ත රතට ඉන්නවට
අප්සරා ඇයි මේ මොකද උනේ …..ඇයි මින්දුලී ට මෙහෙම ගැහුවේ .අප්සරා ඔයා මගෙ සීමව ඉක්මවන්න එපා.ඔයාට පිස්සුද අප්සරා
අනේ සර් මම මගේ ඇදට වෙලා හිටියේ අක්කි මගෙන් ඇහුවෙ සර් එක්ක තියන සම්බන්දෙ නවත්වන්න කියලා.දෙවියෙක් වගෙ ඉන්න සර් ගැන මම කොහොමද එහෙම හිතන්නෙ සර්…මම කිව්ව සර් යි මායි අතර එහෙම දෙයක් නෑ මයි කියලා…අක්කි මට එක පාරටම ගහගෙන ගහගෙන ගියා සර් අනේ ..ඉහි ඉහි..මින්දුලී ඉකිගසා හඩන්න විය…මම හිතන්නෙ මිස්.ට දරුවන් නැති දුකටම මානසික ප්‍රශ්නයකද ඇවිත්ද කොහෙද..අනෙ අපේ අක්කිට අපි බෙහෙත් කරමු සර්
ඔව් පුතේ තො බැදන් ඉන්න්නේ පිස්සු ගෑනියෙක් ද කොහෙද….ඔන්න ඔහේ ඔය ගෑනිව අයින් කරපන්
අනේ සනුල් මේකි කරන්නෙ බොරු ඇයි ඔයාට තේරෙන් නැත්තේ…කියන්න සනුල් අප්සරා හඩන්නට විය..
මට තේරෙන් නෑ අප්සරා ඇයි ඔයාට මින්දුලී පේන්න බැරි කියලා….කොහොම උනත් ඔයා හේතුවක් නැත්ව මින්දුලී ට ගහපු එක වැරදී.
මින්දුලී අප්සරාට ඔච්චමට මෙන් හිනවක් පා කලාය .අප්සරා තමන්ගේ ඇදුම් බෑගය රැගෙන නිවසින් පිටත් උනේ පිස්සියක මෙනි..ඔන්න ඔය පිස්සු ගෑනිටයන්න දීපන් මගෙ පුතේ …ඈතින් ප්ද්මගේ කටහඩ ඇසුනි
සනුල් වහාම කාර් එක අරගෙන පාරට දැම්මාය.අප්සරා …..අඩ අඩා පාර දිගෙ යන අයුරු සනුල්ට දක්නල ලැබුනි.මගේ අප්සරා කවදාවත් මෙහෙමහැසිරලා නෑ…එයා කොච්චර උතුම් කෙනෙක්ද කරුනාවන්ත කෙනෙක්ද..මින්දුලී කියන එක ඇත්ත අප්සරට මානසික ප්‍රශ්නයක් ඇති දරුවෙක් නෑ කිය කියා ඒ ගැනම හිත හිතා හිටියනේ. මහා වැස්සක්ද වහින්නවිය වැස්සට තෙමි තෙමී අඩ අඩා යන තම බිරිදගැන දරන බැරි දුකකින් සනුල්ගේ පපුව හිරි වැටී ගියෙය.හෙටම මෙන්ටල් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන ඕන. අප්සරා ඉස්සරිහින් නැවතුනු රිය සනුල්ගේ බව ඇදිනගත් අප්සරා රියටනැග අසුන් ගත්තාය .මට කොලබ යන්න ඕන කියා ඈ දෙනෙත් පියා ගත්තාය.
සනුලුත් නිහඩ ව රිය පැදෙව්වාය ..අප්සරා හොද හැටි තෙත බරිත වී සිටියේය.මෙහෙම කොලබ යන්න බෑ…..සනුල් අරලියා…හොටෙල් එකට වාහනය දැම්ම…
අප්සරා ගෙ ඇගත් ගිනිකබලක් වගේ රත් වෙලා දෙවියනේ උනද කොහෙද..අප්සරාව වත්තම් කරගෙන සනුක් හෝටල් කාමරයට පැමිනියා…අප්සරාගෙ ඇදුම් ඉවත්කොට උනුසුම් ජලයෙන් අප්සරා තෙමා පහසු ඇදුමක් අන්දවා …පැබඩෝල් දෙකක් පොවා නිදන්නට සැරසුවාය…..සනුල්ගෙ සිත නොසන්සුන් විය..රාත්‍රි අහාර ඇනුම් කොට බොහෝ අමාරුවෙන් අප්සරාට බත් කටක් දෙකක් ගත්තාය.
සනුල් දුරකතනය ගෙන තම මවට තමා අප්සරා සමග කොලබ යමින් සිටින බවත් මගදී හෝටලයක නැවතුනු බවත් දන්වා සිටියේය.
අප්සරා සිටියේ බොහෝ සෙයුන් විඩාපත්වය.අඩන්නට පනක් තිබේද නැත …එහෙත් ටික වෙලවකින් දැනුනේ සනුල්ගේ උනුසුම් සුසුම් තමගෙ ගෙල මතින් හමනවායි.සනුල්ගෙ තෙත තොල් වල පහස ඇගෙ ලැම පෙදෙස පුරා විසිරෙන බව අප්සරාට දැනෙන්න විය.අප්සරා කොහොමත් ඒ පහසට ලෝභය …තව තවත් සනුල් ට ඇය තුරුලු උනේ
සියළු ප්‍රශ්න මොහතකට අමතක කරමින් ඔව්න්ගේ ඔව්න් තනිවිය….
පද්මා අම්මේ සනුල් සර් එන ගමන් ලුද අප්සරා මිස් කොලබ යන් ඇති නේද බස් එකේ.මින්දු සිහින මවා සිටියේ අප්සරා කොලබ යන් ඇති කියාය.සනුල් නැවත එන බවක් සිතා කොට ගව්ම් කෑල්ලකුත් ඇදම් ඇය මග බලා සිටියේය.
නෑ ළමයෝ අන්න අර මල හෝන්තුව එක්ක හෝටල් කාමරයකට රින්ගම් එකිගෙ මායම්.ඔන්න ඔය ළම්යත් නිදාගන්න නිදාගන්න කලින් මගෙ කොන්දේ මෙ තෙල් ඩින්ග ගාල නිදාගන්න කෙල්ලෙ
මොකක්….මින්දුලී ට විශ්වාස කරන්න බැරි විය..අප්සරා පෙරදා කියු වදන්ක් ඇයගෙ දෙකනෙ රැව් දිය විවහක් දෙන්නෙක්ගෙගේ බැදීමක් කඩන්න එක ලේසි නෑ …මතක තියගනසනුල්ගෙයි මගෙයි බැදිමට ලන්වෙනෙවත් දෙන් නෑ.ඒ කියූ වවන් මින්දුලී ට නැවත මතක් වෙන්න විය
එහෙත් තමා දැකපු හීනය ලේසියෙන් නැතිකරගන්න බැරිය කොහොම හරි සනුල්ව ලබාගත යුතුය.සනුල් නැතී ජීවතයක් හිතන්න බැරිය.අනික සනුල්ගෙ හැකියාව ප්‍රසිද්දිය මුදල්….මේ හැම දෙයක්ම අත හැරිය නොහැකිය සනුල් සර් ගේ ගමේ ඉඩමම බරගානක් වටිනව..තමාට රැජිනක් ලෙස ජීවත්විය හැකිය කෙසේ හෝ අප්සරාව ඉවත් කොට සනුල්ව ලබාගත යුතුය..මින්දුලී රැය පුරා සිහින මැව්වාය.
පසූ දාට උදා වූ පසු සනුල් අප්සරා එක්ක කොලබ පිහිටි ඔව්න්ගේ නිවසට ආව අප්සරා වෙනද මෙන් කියවනට ගියෙ නැත.ඇය අද නිහඩය…….තමාගේ පාඩුවෙ වැඩක්පලක් කරගෙන ඇය සිටියාය….ඇය සිටියේ තොන්තුවනි ගමේදි ඇය මුහුන දුන් සිදුවීම් සමග ඇයටහැම දේම එපා වී තිබුනි.මින්දුලී සහ ඇයගෙ නැන්ද්නිය ඇයව පිස්සු ගැහැනියක් ලෙස හන්වඩුගසනු ලැබීය.පාරෙ සිටියදි ගෙදරට ගෙනත් කන්න දී රස්සාව හොයල දුන් තමන්ගේ සහෝදරියට ටමෙන් ආදරය කර මින්දුලී තමාට මෙලස කරවියැයි අප්සරා හීනයකින්වත් නොසිතුවාය.
සනුල් වැඩට ගිය පසු අප්සරා නිවසේ තනි විය කව්රු හරි දොරට තට්ටු කරන බවක් ඇසේ .විවර උනු දොරෙන් පැමිනියේ ඇගේ සොහුයුරියකි.අප්සරා යනුවැදගත් මුදල් යහමින් ඇති පව්ලක බාල දියනියයි. ඈ කොහොමත් අහින්සක යුවතියකි තමාට ලැබෙන දෙයිම් පමනක් ඈ සතුටු උනා.අප්සරාගෙ දෙමව්පියන්ට අප්සරාට ඉල්ලන ඕන දෙයක් දෙන්න පුලුවන් උනත් ඔව්න් අප්සරා ට ලබා දුන්නෙ ඇය ට ගැලපෙනෙ සුදුසු දේ පමනි .ගොඩක් සල්ලිකාර පවුල් වලින් යෝජන පැමිනියත් අප්සරා කැමති උනේ ආදරය කලේ සිත්තෙරෙකු වූ සනුල් මායාදුන්නටයි .ඉන්පසු අප්සරා සනුල් එකතුව ඔව්න් දිනෙම්දින දියනුව කරා පැමිනියහ.
අක්කා ඔයා මෙහේ…….කතරක තනිවූ ඇයට වතුර පොදක් දුටුවා මෙන් හැගීමක් තම සොහුයුරිය දැකීමෙන් ඇති උනාය.
නන්ගො මොකෝ තමුසේ ඇදිලා ගිහිම් ..මූනේ හැටි මොකද..මේ මම ආවෙ ඔයාට වැදගත් දෙයක් කියන්න බබෝ….
අක්කේ තේ එකක් බීලම ඉමු නේද අප්සරා සැනකින් අක්කට කේක් බන්දේසියකුත් තේ එකකුත් පිලියෙල කලේය.මොකක්ද අක්කේ කාරනාව.සේරටම කලිම් කියන්න අම්ම තාත්තා සනීපෙන්ද.
අම්මලා හොදින් බබෝ…මම කියන එක අහලා ජලබල වෙන්න එපා…නිශාන්ත අයියගේ යාලුව මලිත අයියා ඔයා දන්නවවා ඇතිනේ.නිශාන්ත යනු අප්සරාගෙ අක්කා වත්සලාගේ ස්වමිපුරුශයායි
ආ ඔව් අර ගාල්ල පැත්තේ රෙස්ටුරන්ට් එකක් කරන අයියා නේද..ඉතින්
අන්න හරි එයාගෙ රෙස්ටුරන්ට් එකට චිත්‍ර වගයක් කරගන්නමේ ලගදි සනුල් ව හම්බෙන ආර්ට් ගැලරියට ගිහින්..සනුල් ඉදියේ නෑලු .මින්දුලී එතන අයිති කාරය වගේ තමා ඉදලා තියෙන්නේ….කොහොම හරි මින්දුලිගෙ ලොකු සීන් එක නිසාම මලිත අයියා ඒ ඕඩර් එක එතනට දීල නෑ.ඔයා දන්නවද ඒ පේන්ටින් ටික කරානම්ලක්ශ ගානක ඕඩරයක් කියල මින්දුලී කැන්සල් කරේ
තව දවසක් අය්යා දැකල තියනව සනුල් මින්දුලි එක්ක හෝටලයක චිත්‍ර වගයක් බලන්න ගිහින්…එදත් මින්දුලී හැසිරිල තියෙන්නෙ සනුල්ගෙ අයිති කාරය වගේලු.අයියානම් කියනව සනුල් හිටියේ චිත්‍ර සිහියෙන්ලු..මේකිලු සනුල් ගාවින් ඉදගෙන විකාර නැටුවෙ…..මම මේ අආවෙ නන්ගිට කේලම් කියල නන්ගිගේ පව්ල අවුල් කරන්න නෙවේ.
අප්සරා අතීත සිදුවීමක් මතක් විය එක දවසක් සනුල් ආවෙ මින්දුලී එක්ක හොදටමතරහ ගොසිනි.
අප්සරා මින්දුලී හැසිරීමනම් අන්තිමයි .අද මම චිත්ර් වගයක වැඩකට එලියට ගියා මින්දු ගෙ වැඩෙ එහෙට මෙහෙටඇබරුන එක …අනේ මන්දා මේ ගෑනුනම්
අයියෝ සනුල් මින්දු බබා පොඩි ළමයෙකෙනේ ටිකදවසක් යනකොට හරියයි ඒ ළමයට හොදින් කියන්න එතකොට හරි බබෝ…
තමා එදා කොව්ව්ර මෝඩ වී ඇද්දයි අප්සරාට තේරුනි.තමා විසින් තාමගේ විනාසය ලන්කර ඇත.අනේ අක්කේ..මෙච්චර වෙලා හිරකරම් උන්නු කදුලු අප්සරා දියකර හැරියාය……තම නැගිනියගේ ජීවිතේ මොකක් හරි නරකක් වෙලා ඇති කියා අප්සරාට සිතුනි
නන්ගි දැන් අඩල වැඩක් නෑ ..මට සිද්ද උනු දේ මුල ඉදන් කියන්න මැනික…..අප්සරා අඩ අඩා සියලු දේ තමගේ සොයුරිය වෙත හෙලි කලාය.අන්තිමට සනුල්ගේ අම්ම ත් සමග එකතුවී තමාට පිස්සු ගෑනියෙක් කියා හන්වඩු ගැසූ ආකරයත් ….ඉකි බිදිමින් වත්සලා හමුවේ කියා සිටියේය.
නන්ගි …..මෙ අහන්න ..සනුල් කියනෙත් පිරිමියෙක් සනුල්ගේ හොදකමටයි අදටත් සනුල් මෙහෙම ඉන්නෙ ….ඔයාමයි මින්දුලි වමේ ගෙදරට ගෙනල්ල තියෙන්නෙ ..හරි හැමදේම වෙලා ඉවරයි .ඒත් වාසනවටඔයා පරක්කු නෑ දැන්වත් ඔය අහින්සක කම පැත්තකින් තියන්න…මිනිහෙක් වෙනගෑනියෙකුගෙ ඇදට ගියාට පස්සෙ විසදුම් හොයලා වැඩක් නෑ යන්න කලින් අපි දැනගන්න ඕන මිනිහව නවත්තගන්න..මින්දු කියන්නෙපොඩි කෙල්ලෙක් එයාට පුලුවන් න්ම් ඇයි ඔයාට බැරි.තමන්ගේ පවුල රැකගන්න මරාගෙන මැරෙන්න හරි ගෑනියෙක්ට පුලුවන් වෙන්න ඕන…ඔයා ඔහොම මානසිකව වැටිල හරියන් නෑ අප්සරා..මේ වෙලාවෙ ඔයා ශක්තිමත් වෙන්න ඕන.ඔයා ඔහොම නිවටව ඉන්න ඉන්න වෙන්නේ සනුල් මින්දු අරගෙන යන එක.අද කාලෙ සනුල් වගේ පිරිමි අඩුයි නන්ගි.මින්දුලී කියන්නෙ ඕනකෙනෙක්ට දෙපාරක් බලන්න හිතෙන කෙල්ලෙක්.ඔහොම ඉන්න එපා නන්ගි .ඔයා එක්ක දෙවියෝ ඉන්නව ඔයා හෙටම පන්සල් යන්න බුදුන් වැදල පත්තිනි මෑනියන්ට භාර වෙන්න..ඔයාගෙ විසිරිලා යන්න හදන පවුල ඔයාම ගොඩ ගන්න ඕන…..ඒක කරන්න පුලුවන් ඔයාටමයි……..
අනික නන්ගි චූටි කාලේ ඉදලා ඔයාට අම්මල දිගට ඇදුම් අන්දුව තමා එකඑක ස්ටයිල් කරන්න නොදී කොන්ඩෙ තෙල් ගාල තනිකරලට ගෙතුව තමයි…ඒත් දැන් කාලෙවෙනස් නන්ගි …ලස්සනට අදින්න මම කියන් නෑ ඇග පේන්න අදින්න කියලා …ඒත් අලුත් විදියට අදින්න…ඔයා ගොඩක් ලස්සනයි ඒත් ඔයා අදින විදියෙන් ඒ ලස්සන යටපත් වෙනවා..අනික ඔය ලස්සන කොන්ඩ ඇයි ගොතාගෙනම ඉන්නේ…චුට්ටක් හෙයාකට් එකක් කරලා ගත්තනම් කොච්ව්ර ලස්සනද.අනික ඇකඩ්මි එක ඔයාගෙ මහත්තයගේ ,ගෙට වෙලා ගොලුබෙල්ලෙක්වෙන්න එපා ලස්සනට ලෑස්තිවෙලා යන්න එලියට…පොඩියට ෆේශල්න්පොඩ්ඩක් කරගන්න නැත්නම් ගෙදර ඉදන්පැක් එකක් හදලා ගාන්න.චුට්ටක් ඇගඅඩු කරගන්න…හෙට ඉදන් මේ සටන පටන් ගන්න…දෙවියෝ ඉන්නෙඔයාගෙ පැත්තේ
පිරිමි කියනවා තමා මම ආස රූපෙට නෙවෙ කියලා..හදවතට කියලා ඒත් බබෝ …ඕන කෙනෙක්ගෙ මුලින් ඇහ යන්නෙ පිටත පෙනුමට.මින්දුලී ඔයාට නිතරමකියනවා නේද ඔයා සනුල් සර්ට ගැලපෙන් නෑ කියල…ඒ කියන්නෙ මගෙ නන්ගිගෙ ලස්සන ඔයා විහින්ම වහගෙනයි ඉන්නෙ.
සනුල් නරක කෙනෙක් නම් මමත් කියනව නන්ගි අරඇරලා දාන්න කියල එයාව..ඒත් සනුල් හොද මනුස්සයෙක් ඒත් එයාට තියෙන්නෙත් පෘතක්ජන මනුස්සයෙක්ට තියනහිතක්.අරකිත් ලේසිපහසු බඩුවක් නෙවෙනෙ..ඉතින් වැඩි වෙලාවක් යන් නෑ නන්ගි දෙයක් වෙන්න.හැගීම් කියන්නෙ අපිට අවනත කරගන්න අමාරු දෙයක් පිරිමින්ට කොහොමත් අමාරුයි ..
අප්සරාගෙ අක්කගේ ඔවදන් හමුවේ අප්සරා කෙසෙ හැසිරේද අප්සරාගෙ අක්කගේ ඔවදන් ගගට කැපූ ඉනිවගෙ වෙයිද නැත්නම් පරන අප්සරා මරාගෙන අලුත් අප්සරාකෙනෙක් උපදීද ..මින්දුලී ගේ අලුත් සැලසුම කෙසේ වේද…හමුවෙමු ඊලග කොටසින්…….