නිරුවත් මලක් ( 7 කොටස)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
තම සොහුයුරිය …කියු දේවල් ගැන ඇය ආයෙ ආයෙ සිතන්න විය….අක්ක කියන්නෙ ඇත්ත බව ඇයට සිතුනි ඇය උඩ තට්ටුවෙ තිබු ඇගෙ කාමරයට දිව ගියේය කැඩපත් ඉදිරියට ගිය ඇ ඇගේ රූපය දෙස බලන්නවිට.අවුරුදු ගානකින් තමන් දෙස උවමනාවෙන් ඇය බැලුවේය……
හැමදාම තම සැමියාගෙ අඩුපාඩු පමන්ක් බලද්දි ගෙදර දොර වැඩකටයුතු පමනක් බලද්දි තමන්ට තමුන්ව මහහැරී ඇතිබව ඇයට තේරුනි….පහලින් සනුල්ගේ වාහනයේ හඩ ඇසුනි …..අප්සරා පහල මාලයට පැමිනදොර විවර කලේය..සනුල් ජිම් ගිහින් එන බව….සනුල් ඇද සිටි බොටන් එකෙන් පෙනුනි අප්සරා හොදින් සනුල්දෙස බැලීය..ඇත්තය ඔහු බොහෝකඩවසම්ය.ඔහුඔහුගේ ශරීරය මනාව ඩත්තතු කරන බව බැලු බැල්මට පෙනේ මෙවන් කඩවසම් සැමියෙක් සිටින විට තමා කොහොම ත් සැලකිලි මත් විය යුතුය…අද සනුල්ගේ වෙනසක් අප්සරාට දැනුනි.සනුල්ගෙ මුහුන මැලවී ගොස් ඇති බව අප්සරාට වැටහුනි..
සනුල් තේ එක හැදුව මෙන්න බොමු මහත්තයෝ .අප්සරා තේ කෝප්පය අතට අරබ් හෙමි හෙමීට තොල ගාන්න විය.
සනුල් මොකක්ද ප්රශ්නේ.
මුක්ත් නෑ අප්සරා
ඔයාගෙ මූනෙන් මට පේනවා.ඇයි මට කියන් නැත්තේ අප්සරා සනුල් ලගින් ඉදගන්න ගමන් ඇසුවේය..
මේ අප්සරා ඇයි ප්රශ්නම අහන්නෙ මගෙන් .ඔයාට කිව්වයි කියල ප්රශ්න විසදෙනවද .ඔයා ඒව ගැනත් හිත හිත තවත් මෙතන පිස්සු නටයි….
එතකොට මින්දුලී ට කිව්වම ප්රශ්න විසදෙනවද
අප්සරා මින්දුලී ට ඒ බිස්නස් එක ගැන දැනීමක් තියානවා එයා එතනවැඩ කරන කෙනෙක් …මින්දුලී නැත්නම් දැනටමත් ආර්ට් ගැලරි එක වැටිලා….එන්න එන්න අපේ ඔර්ඩර්ස් අඩු වෙනවා ,පේන්ටින් වල ඩැමේජ් තියනවා ක්ලයන්ට් ල කම්ප්ලේන් කරනව..එකඋන්ට් වල ප්රශ්න…ස්ටොක් අඩු වෙනවා….මින්දුලීත් මේ ගැන හොයනවා..ඒ ළමයගෙත් ඔළුව ඔයා බහුබූත්දාල අවුල් කරල තියෙන්නෙ..අප්සරා මම ඔයාගෙන් මෙහෙම දේවල් බලාපොරොතු උනේ නෑ ..සනුල් කියාගෙන කියාගෙන ගොස් තේ කෝප්පය එහෙමම තියා නානකාමරය වෙත ගියාය
මම අප්සරාට සැර උනා වැඩිද කොහෙද….අප්සරා දැන් ඔය ටික අල්ලගෙන අඩා අඩා ඉදී මට අප්සරාගේ මානසික තත්වය ගැනහිතන්න තිබුනා…පව් මේ සතියේ අප්සරාව පෙන්නන හොද මානසික ඩොක්ටර් කෙනෙක් බලවන්න ඕන.මින්දුලිත් කිව්වඑයා දන්න හොද ඩොක්ටර් කෙනෙක් ඉන්නවකියලා.මින්දුලී ඉන්න එක මටයිඅප්සරාටයි ලොකු හයියක්..
අප්සරා හුන් තැනම ගල් ගැසිසිටියේය.සනුල් කිවූ වචනයක් වචනයක් ගානේ ඇගෙ සිත රිදවා තිබුනි.එහෙත් කදුලු සලන්න ඇගෙ නෙතෙ කදුලු නොතිබිනි.ඇය දිගෙන් දිගටම සිතුවේය.සනුල් පන මෙන්ආදරය කල ආර්ට් ගැලරිය එන්න එන්න පරිහානියට පත්වෙන බවක් ඔහු කීවේය.තවද තමාත් සමග ප්රශ්න කතාක්කිරීමට ඔහු බය තමගේ මානසික මට්ටම ගැන තමගෙ නැන්දනිය සහ මින්දුලී ගෙ මතය විය හැක….පවුල් ජීවිතයත්,ආර්ට් ගැලරියත් දෙකම බේරගත යුතුය…..එදින රැය අඹු සැමියෝ ලෝක දෙකක සැරිසැරුවේය.
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
පහුවෙනිදා සනුල් උදේම ලෑස්තිවෙල …..අප්සරා මම යනවා අද මාතර හොටෙල් එකකට යන්න ඕන ..ඊයෙ මොන හරි හිත රිදෙන දෙයක් කිව්වනම් සමාවෙන්න.ගෙට වෙල පරිස්සමට ඉන්න ….හිත හිත දුක් වෙන්න එපා
ඔයා මාතර යන්නෙ මින්දුලි එක්කද
අනේ නෑ මින්දුලී ගියාම කවුද ආට් ගැලරිය බලාගන්නේ…මින්දුලි එයි මේ යතුර එයාට දෙන්න අප්සරා බහුබූත ඔලුවෙන් අයින් කරලාඒ ළමයා එක්ක හොදට කතාකරන්න
සනුල් මම අද එලියට පොඩ්ඩක් යනවා.
හා කමක් නෑ අප්සරා පරිස්සමින් යන්න මේ ගේ ඇතුලට වෙල ඉන්න නැතිවබ පොඩ්ඩක් එලියට යන එක හොදයි කල්පනාවෙන්.
අප්සරා උදේම නාගෙන සුදු දිග සායට සුදු හැට්ටයක් ඇද සුදු මල් වට්ටියක් පුරොගෙන උදේම පිටත් උනේ පන්සල් යන්න ගෙදරින් එලියට බහිනකොටම ඇය ඉදිරියෙ සිටියේ මින්දුලී යි…
සුදු ඇදන්කොහෙද උදේ පාන්දර මේ ඇඩූ කදුලෙන් යන්නෙ අක්කි….මින්දු ඇසුවේ අසල තිබූ මේසයෙන් ඇපල් ගෙඩියක් අරන් සපමිනි
මම කොහේ ගියත් ඔයාට මොකටද ඇයිමොකද මෙහේ ආවෙ ලැජ්ජ නැද්ද අනුන්ගෙ ඇපල් කන්න.අප්සරා ඇසුවේ ආවෙගයනි
මම හිතන්නෙ මල් වට්ටියකුත් අරන්
යන්නෙ පන්සල් වෙන් ඇති මයෙ හිතේ අක්කි ශෝක් මෙහෙනිආරමයක් තියනවදැන්ම ඉදන් බුකින් එකක් දැම්මනම් හරි.
මම ඒක කරගන්නන් තමුන් මොකද උදේ පාන්දර මෙහේ කරන්නේ
අනේ මේ අක්කි මට ඔය නාහෙන් අඩන් ඉන්න ජරා මූන බලන්න ඕනෙ නෑ ….ආර්ට් ගැලරි එකේ කන්ෆරන්ස්රූම් එකෙ යතුර ඇති මම ආවෙ ඒක ගන්න නැතුව පිස්සු හෝන්තු එක්ක කියවන්න නෙමේ
අප්සරා නැවතත් මින්දුලී ගේ වචන හමුවේ කඩාගෙන වැටුනේය උඩට ගිහින් ඇදෙ කොට්ටෙ බදාගෙන හඩන්නට වැලපෙන්නට ඇයට වුවමනාව විය.ඒත් එක්කම ඇය දුටුවෙසාලෙ බිත්තියෙ ගසා තිබූ සනුල්ගෙයි ඇයගෙයි සිතුවමයි මෙය සිතුවම් කරන ලද්දේ සනුල් විසින් ඔව්න් පෙම් කරන අවදියෙදීය.
ඇය නැවත් වත්සලාගෙ ඔවදන් සිහියට ගත්තේට පසුවට තිබූ පය ඇය නැවත් පෙරට තැබුවේය
ඇය පැමිනියේ පන්සලටය්…වෙන සරණක් අහින්සක ඇයට කොයින්ද …ඇය හිතේ හැටියට බුදුන් වැන්දා …..කදුලු අතරින් ඇය ඇගේ වේදනව බෝම්ළුව තුලදී පිට කලා.ඇය තමගේ පව්ල් ජීවිතයවෙනුවෙන් කන්නලව් කලා..ඇය අවසානෙ පත්තිනි දෙව් මැදුරටත් ගියා .ඇය සනුල් සමග ආදරෙන් බැදුන දා ඉදන් රැකපු පති භක්තිය සත්යයි ඒ සත්ය බලයෙන් මගේ පවුල් ජීවිතයරැකේව යැයි අසරණ පතිණිය ප්රාර්තනා කරා….ඉතින්දෙවියනත්වත් මේ කදුලු කතාවට ආශිර්වාද නොකර ඉන්න බෑ.කදුලු පිසදා ඇය යලි පන්සලෙන් පිටත් උනේ අමුතුම ශක්තියකින්…..ඇය පන්සලෙන් එලියට බහින විටදීම වගෙ කොහේදෝ තිබූ වැහි පොදක් වසින්නට විය …
අප්සරා කෙලින්ම ගියේ ඇගෙ යෙහෙලියක් කරන රූපලාවණ්යයගාරයකටයි .ඇගෙ දිග කොන්ඩය තවත් ලස්සනට පෙනන පරිදි ලස්සන හෙයා කට් එකක් කරා…ඇගෙ මුහුනේ ලස්සන වහගෙන හිටපු අනවශ්ය රෝම ඉවත් කරා ..අවාරෙට වැවී තිබුන ඇහිබම ස්වාභාවික පෙනුම රැකෙන පරිදි සකසා ගත්තා මේ සියළුම දේ කරගෙන ..නිම් ඇදුම් කඩේකින් අක්කා කිව්ව ඇගේ ගානට ලස්සන ඇදුම් ටිකකුත් ගත්තා..අවශ්ය සපත්තු හෑන්ග් බෑග් මේ හැම දේම අතේ තිබ්බ මුද්ල් පිරිමහගෙන මිලට අරගෙන…ඇය කෙලින්ම ආවෙ නිවසට අප්සරා කොහොමත් මීට කලින් අනවශ්ය ලෙස මුදල් නාස්ති කරේ නෑ..ගෙනාපු ලා රෝස පැහ නිය ආලෙපනය ඇය නිස්කලන්කේ ආලේප කලා. සනුල් එන වෙලාවට ලන්ව ඇති බැවින් කිසි වෙනසක් නැතුව කොන්ඩය ගෙඩියක් බැදගෙන කෑම පිලියෙල කර සනුල් ට වැඩිය මූන දෙන් නැතිව ඉන්න වග බලාගට්තා.
සනුල් සිතුවේ අප්සරා තාමත් ඊයෙ කියපුවට හිත රිද්දගෙන මෙලෙස හැසිරෙනවා කියාය..සනුලුත් මහන්සිය නිසම ඉක්මනට ඇදට වැටුනා කොහොමත් මේ කුරුලු ජෝඩුව අතරෙ මේ ලගකදී ඉදන් නිහඩ යුද්දයක් තියනවා.වෙනද නිවස පුරා තිබුන කිචිබිචිය දැන් ඇත්තෙම නෑ.🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
මින්දුලී උදේම වැඩට නොගියේ සිතා මතාමය..අද මගෙ සනුල් දවල් වෙලානෙ එනවා කිව්වෙ ඒ නිසා මමත් දවල් වෙලා යනවා කියා සිතමින් ඇය දවල් වී කොට ටය්ට් ස්කර්ට් එකට කර ඕනටත් වඩා කැපුනි හැට්ට කෑල්ලකුත් ඇදගෙන නැලවි නැලවි ආර්ට් ගැලරිය වෙත් පැමිනයේය.මින්දුලී ට ආට් ගැලරියට ඇතුලුවෙනවාත්සමග මොකක්ද දෝ වෙනසක් දැනුනි..ආට් ගැලරි එකෙ රෙසෙප්ශන් එක ලග බිත්තිය මත ගසා තිබූ සිතුවම දැක ඇය …එතනම නතර විය.ඒ සිතුවම…සනුල් සහ අප්සරා ගෙ ගෙදර සාලෙ තිබුනු සනුල් විසින් සිතුවම් කරනලද සිතුවමයි.
ඇය වහා රෙස්ප්ශන් ගර්ල් අසිතාගෙ ඇගට කඩාගෙන පැන්නේය.අසිතා මොකක්ද මේ චිත්රේ කව්ද මගෙන් අහන් නැතිව මෙතන චිත්ර ගැහුවෙ ගලවල දානවා මේක…
සොරි මින්දුලී මිස් අලුතින් ආපු මැඩම් තමා කීවෙ මේක ගහන්න කියලා…
ඒ ගමන කව්ද අලුතින් ආපු හෝන්තුව බොහොම අමාරුවෙන්..අප්සරාට පිස්සු හැදෙව්වා…ඒ මල හෝන්තුව ගෙදරට වෙල අඩ අඩා ඇති මෙලහකට…ගොන් ගහ…මින්දුලී හිතින් බැන බැන ගියේ තමන්ගේටේබල් එකටයි..මින්දුලිගේ ටේබල් එක තිබුනේ සනුල්ගෙ කැබින් එක ඇතුලෙ සනුල්ගෙ ටේබල් එකට මුහුනලයි..මෙලස ටේබල් එක දමාගන්න ලද්දේ මින්දුලී විසින්මයි සනුලුත් එය එච්චර ගනන් ගත්තෙ නැත්තේ තමුන්ට කැබින් එකට වෙලා ගතකරන්න තියන කාලය අඩු නිසයි.
සනුල්ගේ කැබින් එක පුරා පැතිරුනු හදුන්කූරු සුවද මින්දුලී ට දැනෙන්න විය….වෙන්දටහැඩි වෙලා තියන කැබින් එක අද පිලිවෙලට සකස්කර තිබුනි ..සනුල්ගේ මේසය මත මෙතෙක් නොදුටු රන්පැහ පුවරුවක චෙයාර්මන්” සනුල් මායාදුන්න” ලෙස අකුරුකර තිබුනි.
මින්දුලී ගේ ටේබල් එක වෙනස් කර තිබුනි ..අලුත් ටේබල් එක උඩින්ද පුවරුවක් තිබුනි එහි අකුරු කර තිබූ පැත්ත තිබ්බෙ අනික් පස හැරීය.මින්දු ගෙ චෙයා එක වෙනුවට සුවපහසු ඔෆිස් චෙයා එකක්ද තිබුනි ඒ චෙයා එකත් තිබුනේ අනික් පසහැරීය.
මින්දුලී ට කිසි දෙයක් සිතාගත නොහැක…එකම නිමේශයක් අනික්පස හැරි තිබුනු …ඔෆිස් චෙයා එකා මින්දුලි සිටින පසට හැරුනි. එම නිමේශයේම මේසය මත තිබූ..පුවරුවේද අකුරු කල පැත්ත හරි පැත්තට හැරුනි එහි තිබුනේ,” මැනෙජින් ඩිරෙක්ටර් අපූර්වා අප්සරනි මායදුන්න” ලෙසයි..
ගානට සකස ලද ඇහිබම…මූනට ගැලපෙන ලෙස දමා තිබුනු සලර මේක් අප් එක මනාව කපා සකසන ලද රැලි කොන්ඩය..වතටම තබා මනාව අදින ලද බටර් පැහැ සාරිය ගෙලෙහි පැලදි රන් චේන් එකමැද්දට තිබුනු ලස්සන පෙන්ඩන්ට් එක අප්සරාව වෙනස්ම කර තිබුනි කෙසේවත් ඇයව අදුන ගන්නට බැරි තරමටඇය ලස්සන වී තිබුනි … මින්දුලිට උඩ යට මාරුවිය ..මෙය විය නොහැකිය මෙය කිසිසේත් විය නොහැකිය….අප්සරාද මේ …………පිස්සියෙක් මෙන් පාරවල ගානෙ අඩා අඩා ඇවිදගිය ඊයේ උදේත් අඩා වැලපුනු තමන් නැගිටගන්නට බැරිලෙස මානසිකව වට්ටා තලා පෙලා දැමූ අප්සරා මද මේ කියා අදහගන්න බැරිලෙස..දෑස් දල්වා සිටි මින්දුලිට පියවි සිහියටඑන්නට බොහෝ වෙලාවක් ගතවිය….

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!