අනාදිමත් කාලයක සිටම මිනිසා අපි දකින සිහින වලට අනාවැකි පැවසීමේ ගුප්ත බලයක් පවතින බව විශ්වාස කරනු ලබයි.ඒ නිසා සිහිනයක් දැකීමෙන් පසු අප ක්‍රියා කළ යුතු පිළිවෙත් ද දැන ගැනීම වැදගත්ය.ඔබ සිහිනයක් දුටු විට එය අන් අය සමඟ කිවයුතු නො වන අතර ඉන් යස ඉසුරු හෝ ගරු නම්බු නාම ලැබෙන බව දැනගත්තේ නම් එම පෙරනිමිත්ත ආරක්ෂා කළ යුතුය. අන් අයට පැවසීමෙන් හොඳ ප්‍රතිඵල අහෝසි විය හැකියි. දුටු සිහිනය රහසක් සේ තබා ගැනීමෙන් යහපත් ප්‍රතිඵල උදා කරගත හැකිය. අසුබ සිහින දැකීමෙන් පසු එය බොහෝ දෙනෙකුට කීමෙන් සිදුවීමට ඇති අනිසි ප්‍රතිඵල අවම කර ගැනීමට හැකිවේ.එවන් සිහින පළමුව පැඟිරි ගසකට කීීම ද අප අතර පවතින විශ්වාසයක් වෙයි.

1.ගෙවත්තක් හෝ උද්‍යානයක් සිහිනෙන් දැකීම.ඉතා හොදින් සකසන ලද එහෙත් මල් දක්නට නැති උද්‍යානයක්, ඉඳහිට ඇතිවන ක්ෂණික කරදර පෙන්නුම් කලත් ජීවිතය සුවපහසුව ගෙවේ. ඉතා හොඳින් වැඩුණු ගහකොළ වලින් පිරීගිය එහෙත් නොසලකා හරින ලද නැතිනම් සැලකීමක් නොකර තිබෙන්නාවූ උද්‍යානයක් නම් අහේතු සහගත බවක් ගැන හෝ විපතක් ගැන කෙරෙන්නා වූ පූර්ව නිමිත්තකි. නමුත් පැරණි කියමන් වලට අනුව මලින් පිරී ගිය ප්‍රසන්න වූ ගෙවත්තක් නම් අධ්‍යාත්මික වශයෙන් ද, පවුලේ ආදරය මෙන්ම ආර්ථික අතින් ද, ආරක්ෂාව අතින්ද වඩා යහපත් වන බවට පෙන්නුම් කරන්නා වූ සිහිනයක් බව කියවැවේ.
2.සතුන් දැකීම-කලු නයෙකු දුටුවොත් නුවමනා දේවල් වලට පැටලේ. ඇසුරු කරන අයගෙන් වෙන් වීමට පවා කරුණු යෙදේ. තම ජීවිතය පවා අනතුරුදායක වීමට ඉඩ ඇත.ගැරඬියෙකු දැකීම් අඩු කුලයේ ස්ත්‍රියක හා ගැටී ආරවුල් ඇති කර ගනියි.පොළඟෙකු දුටුවහොත් ලෙඩ රෝග වලට කරදර වලට හා නෑදෑයන් සමග අසමගිකම් ඇති වීමට හේතු වේ. වලසකු දැකීමෙන් මිතුරන් සමඟ දරුණු අමනාපකම් ඇතිවෙයි. කොටියෙකු සිහිනෙන් පෙනීම මගින් අභිරහස් කටයුත්තකින් හෝ උවදුරක් ඇති වේ. කුළු හරකකු දුටුවහොත් සතුරු කරදරයක් නිසා අනතුරක් පෙන්නුම් කරයි .
3.සිංහයන් පිට නැගී යාම-යම් කෙනෙක් සිංහයකුගේ පිට උඩ නැග යනවා සිහිනෙන් දුටුවේ නම් ඔහුට හෝ ඇයට රජකම හෝ නායකත්වයක් හිමිවෙයි.රජකම අද කාලයේ අසීරු කාරණයක් බැවින් රජයේ උසස් තනතුරක් හෝ උසස් නිලයක් ලැබීම එයින් පෙන්නුම් කෙරේ.

4.ජලයෙ කිමිදීම-වරදෙහි බැඳීමට හේතුවන තදබල කරුණක් සම්බන්ධයෙන් මෙන්ම ප්‍රබල දිවුරුම් දීමකට ලඟදීම මුහුණ දීමට සිදුවිය හැකියි.ජලයෙ ස්වභාවය අනුව ගතහොත් වඩාත් පැහැදිලි ජලයේ කිමිදෙන අයුරු දුටුවේ නම් වඩා සතුට දනවන ප්‍රතිපල ලැබෙනු ඇත.වඩා දුර්වර්ණ වූ මෙන්ම මඩ සහිත ජලයේ කිමිදෙන අයුරු දුටුවේ නම් අප්‍රසන්න වූ සිදුවීම් වලට මුහුණ දීමට සිදුවේ.
5.ඇඳුම් දැකීම-සුදු ඇඳුම් දැකීමෙන් පෙන්නුම් කරන්නේ ප්‍රීති වීමට ඉඩ ප්රස්ථා ළඟදී ලැබෙන බවය.නිල් හෝ රතු පැහැති ඇඳුම් අඳිනු සිහිනෙන් දැකීමෙන් දුක්කම්කටොලු ළඟා වන අතර කිසියම් ගමනක් යාමට බලාපොරොත්තුව සිටින අවස්ථාවක කොළපාට ඇඳුම් අඳිනු සිහිනයෙන් දර්ශනය කළේනම් ඔබ ඉදිරියේ යාමට බලාපොරොත්තුව සිටින ගමනින් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලැබුණු ඇත.
6.මංගල මුදුව-විවාහක කාන්තාවක් සිය මංගල මුද්ද ඇඟිල්ලෙන් ගිලිහී වැටෙනවා සිහිනෙයෙන් දුටුවේ නම් ඉන් අදහස් වනුයේ තම ස්වාමියාගේ ද්‍රෝහිකමකි.ඔහු පරිහානියට හෝ අගතියට වැටුණු කාන්තාවක් සමඟ සම්බන්ධ වී තමාව එම කාන්තාව විසින් විනාශ කරනු ලබයි. විවාහක කාන්තාවක් තම මංගල මුදුව කැඩී වැටෙණු සිහිනෙන් දුටුවේ නම් තමාගේ ස්වාමි පුරුෂයා මරණයට පත්වෙයි. විවාහක කාන්තාවක් තමාගේ මගුල් මුද්ද කැඩී ඇඟිල්ල තුවාල වෙනු දුටුවේ නම් තම ස්වාමි පුරුෂයා රෝගී වේ. නැතිනම් පවුලේ කෙනෙකු හෝ අසනීප වේ. කෙනෙකු තමන්ගේ අතට මුද්දක් දමනවා සිහිනෙන් දුටුවේ නම් ඔහු හෝ ඇය සමඟ තමා විවාහ වෙයි.
7.මරණය-සිහිනෙන් තමාගේ මරණය වී නම් විවාහය ඉක්මනට සිදුවේ.අන් අයකුගේ මරණයක් දුටුවේ නම් රෝග පීඩා ඇති වේ.

8.මරණාසන්න වචන-යමකු මැරෙන මොහොතේදී කියන වචන තමන් හොරෙන් අසනවා දුටු කළ ස්වකීය අදහස් මුදුන්පත් වේ. වාසනාවන්ත ජීවිතයක් ළඟා වේ.
9.මළමිනියක් ඉසිලීම-සිහිනෙන් මළ මිනියක් උසුලාගෙන යනු දුටුවෙ නම් අධික වස්තුවක් සැපයක් හිමිවෙයි.
10.මළ මිනී නෑවීම-මළ මිනිසකු නෑවීමෙන් ජයග්‍රහණ හිමිවේ.මළ මිනිසකු සමග එකට වාඩිවී ආහාර ගනු දුටු කල ධන ලාභ ද, මළ මිනිසකු සමග එකට නිදනු දුටු කල දීර්ඝායුෂ ද, මළ මිනිසකු වළලනු දුටු කල ලෙඩ ද සුව වේ. මිය ගිය ගැහැනියක් ජීවත් වී සිටිනු දුටු කල වස්තුව ප්‍රීතිය ගෙනදේ. මළකුණක ඔළුවක් දුටු කල හානි සිදුවේ.
11.හදිසි අනතුරක්– හදිසි අනතුරක් සිහිනෙන් දුටුවේ නම් එම්ගින් පෙන්නුම් කරන්නේ ඔබගේ අවධානය ඔබ නොසිතන දේකට යොමු කළ යුතුව ඇති බවයි. ඔබ සිහිනයෙන් දුටුවේ හදිසි අනතුරකට ඔබ යොමු වන බව නම් එය ඔබේ ශරීරයේ ආබාධයක් ඇති බවට පූර්ව නිමිත්තකි. ඒනිසා ඔබ වෛද්‍ය පරීක්ෂණයක් කර ගැනීම නුවණට හුරු වෙයි.

12.උස් තැනකින් වැටීම -ඔබ උස් ස්ථානයක ඉඳ වැටෙනු සිහිනෙන් දුටුවේ නම් අනතුරුක් අත ළඟම ඇති බවට පෙර නිමිත්තකි.එමනිසා ප්‍රවේශම් වීම වැදගත් වෙයි. උස් ස්ථානයකට අපහසුවෙන් හෝ නගිනු සිහිනෙන් දුටුවේ නම් ඉදිරි කාලයේ දී සැප සම්පත් ළඟා වෙන බව කියැවේ.
13.ගංගාවක් හෝ ගංවතුරක් -වේගයෙන් ගලා යන මඩ සහිත ජලය ඇති ගංගාවක් කෙනෙකු සිහිනයෙන් දුටුවේ නම් ඔහුට හෝ ඇයට මතු කරදරවලට මුහුණ පෑමට සිදුවේ.ව්‍යාපාර හා පෙම් සම්බන්ධතා ද කඩාකප්පල් වෙයි. මෙම ගංගාවේ ජලය නිශ්චලව ද පැහැදිලිව ද ගලා යනු දුටුවේ නම් තමාගේ ආදර සම්බන්ධතා ඉටු වී යහපත් වූ විවාහයක් ද සිදුවී යහපත් දරුවන්ද ලබා වෙළෙඳ ව්‍යාපාර ද සාර්ථකව දියුණු වී යහපත් ජීවිතයක් ගත කිරීමට ලැබේ.
14.අවතාරයක් දැකීම-අවතාරයේ ක්‍රියාකාරකම් අනුව බොහෝ දේ කිව හැකියි. අවතාරය පැහැදිලි අයුරින් පෙනී සිටියා නම් සාමාන්‍යයෙන් එදිනෙදා කටයුතුවලට සුබදායක තත්ත්වයක් උදාවෙයි. නමුත් ඔබ අවතාරයට බිය වූවා නම් හෝ ඔබට ඇමතීම කලානම් ඔබගේ ප්‍රතිපත්ති වලට එරෙහිව උද්ගත වූ තත්ත්වයක් මත දැඩි මානසික පීඩාවකට පත් වීමට හේතු වේ.
15.කළු කූඹින් දැකීම -කළු කූඹීන් බිත්තර රැගෙන විත් තම සිරුරෙහි ගමන් කරනු දැකීම ධන ලාභයකට හේතුවක් බව කාලයක සිට පැවත එන විශ්වාසයකි.
මෙවැනි සිහින ඔබ මොන යම් දිනක හෝ දැක තිබෙනවා නම් එම සිහිනවල අර්ථය පිළිබඳව ඔබට යම් ගැටළුවක් මතු වෙන්නට ඇති. නමුත් මෙම ලිපිය මගින් ඔබගේ ගැටලුවලට මවිසඳුමක් ලබාගත හැක.
උපුටා ගැනීම: Hela Rahas