පෝය දවසේ නිවාඩුව භුක්ති විදිමින් ,ඇදට වෙලා මලපෙරේතයා පොලේ ගැහුවා වගේ හතරගාතෙ දාලා දපාගෙන ඉන්නකොට හිතුනා “හෙටත් වැඩට යන්න බෑ බෑ වගේ නිවාඩුවක් දාන්න ඕනි කියලා”
යකා බැදගත්තා වගේ හැමදාම වැඩට යන්න ඕනි කියලා නියමයක් නෑනෙ කියලා හිතලා ගත්තා බොසාට කෝල් එකක්
ලෝකෙ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ…
ලෝකෙ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ..
මංජු …හාහ්හා…මංජු…. හ්ම්ම්හ්ම්…
එහා පැත්තෙ ඉදන් ක්ලැරන්ස් අංකලුයි ලතා ඇන්ටියි මගුලක් කියනවා…ඇයි යකෝ බොරු කියනවා කියලා ඔහොමත් කියනවද කිය කිය හිතින් බැන බැන ඉන්නකොට බොසා සිංදුවට ටටා බායි කියලා ෆෝන් එක ආන්සවර් කලා.
“හෙලෝ.ගුඩ් ඊවිනින් .කියන්න නිර්මානි..”
“මොනා කියන්නද යකෝ..පොඩ්ඩක් හිටපං. තෝ ඔය දාලා තියෙන වෙල්කම් ටෝන් එක ඇහුවා විතරයි කෝල් එක ගත්ත හේතුවත් අමතක උනා.ශික්..”
කියලා හිත හිත කෝල් එක ගත්ත හේතුව මතක් කරනගමන් මොනා හරි කියන්නත් ඕනි නිසා ඔන්න මම ජාතක කතා වස්තුව රැප් කලා වගේ කියවන්න පටන් ගත්තා.
“ගුඩ් ඊවිනින් සර්.කෝල් කලේ නම් පොඩි උවමනාවකට .මේ ..ඒ උනාට දැන් කෝල් එක ගත්ත හේතුව මතක නෑහ්”
“මොකක්ද…මතක නෑ…යකෝ පිස්සු හැදිලද දෝනා උබට..”
කියලා කාලකණ්ණි බොසා හොක හොක ගගා හිනා වෙනවා නිකං පිනිමුවාට නත්තල් සීයා වැහිලා වගේ.
පිස්සු හැදෙන්නෙ නැද්ද ඔටුලබ්බො තො අර දාලා තියෙන වෙල්කම් ටෝන් එක ඇහුවම.මූ වගේමයි මුගේ වෙල්කම් ටෝන් එකත් තනිකරම කෙලින්නෙ පචනෙ.තොටම හරියන සිංදුව.නෙදකින් දාර කෙප්පයා.ඇයි යකෝ ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වෙයි නම් තෝ කොහොමද මෙච්චර කල් ජීවත් උනේ..අම්මටසිරි මේවනෙ යකෝ ජෝක්ස්…
පොඩි හරි ලස්සනක් තිබිලා මූ එකේන් බේරුනත් ලෝකේ ලස්සනට වන්නට දෙදෙනක් ඕනෑ වේ කියන තියරියෙදි මූ ඉතුරු වෙන්න විදියක් නෑනෙ..මූ තාම එක්සත් තනිකඩයන්ගේ සංගමේ,එක්සත් කසාද එපා වූවන්ගේ සංගමේ,එක්සත් බූට් කෑවුන්ගේ සංගමේ එහෙම ක්රියාකාරී සාමාජිකයෙක්නෙ.කියලා හිත හිත ඉන්නකොට මතක් උනා කෝල් එක ගත්ත හේතුව…
“පිස්සු නෙමෙයි සර්.සර්ගෙ වෙල්කම් ටෝන් එක ඇහුවම කියන්න ආපු එකත් අමතක උනා.මම මේ කෝල් කරේ, මගෙ උගුරෙ රිදෙනවා සර් පොඩ්ඩක් හෙම්බිරිස්සාවත් වගේ උණ ගැනෙයිද දන් නෑ.ඉතින් හෙට නිවාඩුවක් ඇපෲල් කරගන්න සර්ට කෝල් කලේ”
කියලා නිදාගෙන ඉන්න ගමන් ඔලුව ඇදෙන් පල්ලට වෙන්න බිමට දාගෙන බබා වගේ මේ දවස් වල දෙන්න පුලුවන් හොදම බොරුව දාලා බොසාට ලණුව අතෑරියා.
(ඔලුව අරම තියාගත්තම එන්නෙ පට්ට ලෙඩ වොයිස් එකක්.ඕනි නම් අත් හදා බලන්ටකෝ)
“අයියෝ එහෙමද නිර්මානි.හරි අවුලක් නෑ එහෙනම් හෙට නිවාඩු ගන්න.උණ වගේ නම් හෙට එන්නෙපා කොහොමත්.හෙට ගිහින් බෙහෙත් අරන් සෙනසුරාදා එන්නකො එදාට ඩේ හාෆ් එකක්නෙ කෝමත් තියෙන්නෙ. හෙට රෙස්ට් කරන්න එහෙනම්.මොකක් හරි උවමනාවක් උනොත් කෝල් කරන්නකො”
කියලා බොසා අමාරිස් වෙලා මගේ පචේට අහුවුනා….
සතුටට හයියෙන් හූවක් එහෙම තියලා කාමරේට වෙලා සිංදුවක් කියලා නටන්න ගිහින් තව පොඩ්ඩෙන් මනෝජ් මාව අංගොඩ පටෝනවා පෝයට හදමෝරද්දි පිස්සු තදවෙලා කියලා හිතලා.
බොසාව අන්දලා නිවාඩු ගත්තට සිකුරාදා දවසම ගෙදරට වෙලා ඉන්න කම්මැලි නිසා දෙයියෝ මා වෙනුවෙන් මවපු සාපයක් වගේ මාව අතාරින් නැතුව මගේ පස්සෙන් එන යාලුවා එක්ක ගියා ශොපින් පාරක් මනෝජ්ගෙ ඩෙබිඩ් කාඩ් එකකුත් ශේප් එකේ ගල්ටික් කරන් .
දවසම කඩවල් සීයක විතර ඇවිදලා ඇවිදලා ඇදුමක් නොගෙන ආපහු ගෙදර යන්න බැරිකමට එකම එක ඇදුමක් විතරක් අරන් ගියා ගෙදර.ගෙදර ගිහින් නාලා කාලා පුටුවක් උඩට වෙලා හොල්ල හොල්ල ෂැපේ ඉන්නකොට මතක් උනා.
“යකෝ හෙටත් වරුවක් වැඩට යන්නෙපැ”
කියලා.ඔන්න ඔහේ ඒකත් ශේප් එකේ නිවාඩුවක් දානවා කියලා හිතලා ආයෙම ගත්තා බොසාට කෝල් එකක්.ලෙඩ වොයිස් එක ඊයෙට වඩා අමාරු විදියට දාලා කතා කලා.
“හෙලෝ සර්..මම මේ ගත්තෙ”
කියලා මම කියන්න හදපු එක කියලා ඉවර කරන්න කලින්ම මැදින් පැනලා බොසා උත්තර දෙන්න පටන් ගත්තා.
“ආහ් හරි හරි නිර්මානි.මම මේ කෝමත් ඔයාට කෝල් එකක් ගන්න තමයි හිටියෙ ඉක්මන් සුව පතන්න.හෙටත් නිවාඩුවක් ගන්න .ඔයාට නෝලිමිට් එකේ පැයගානක් රෙදි තෝරල හුගක් අමාරුත් ඇතිනෙ.සදුදා හම්බෙමුකො දෝනා හොදේ”
කියලා අසමජ්ජාති බොසා ෆෝන් එක කට් කලා.මොකක් යකෝ ඒ වුනේ කියලා හිතාගන්න බැරුව පැය කාලක් විතර මම එලෝ මෙලෝ නැතුව බලාගෙන හිටියා.
හතර විලිලැජ්ජ නැති වැඩක්නේ යකෝ ඒ වුනේ.එතකොට මූ දැකලද මම රෙදි තෝරනවා.යකෝ මොන නවනිංගිරාවක්ද කොරෝනා සීන් එක දාලා නිවාඩු අරන් රෙදි තේරුවා කියලා දැන් ඕකා මුලු ඔෆිස් එකේම පතුරවයි.නෙදකින් මල් ඇටිකුකුළා ,මූ මොන මගුලකට ඒ වෙලාවෙම නෝලිමිට් එක අස්සෙ රිංගන්න ආවද මන්දා.දැන් කෝමද යකෝ රෙද්දක් ඇදන් ගිහින් මූට මූණ දෙන්නෙ.කියලා හිත හිත හොදට කකා බීබී මම දැන් ගෙදරට වෙලා කලපනා කරනවා.
මොන ලැජ්ජාව සිද්ද උනත් රස්සාව අතාරින්නත් බෑ .නොමිලේ හම්බුන නිවාඩුව අතාරින්නත් නෑනෙ කියලා අන්තිමට හිතලා සෙනසුරාදාත් නිවාඩුව අරන් සදුදා ගියා වැඩට..
අම්මටසිරි ලදේ මල්කාන්ති ලිදේ කියලා.එදා අසනීප නිවාඩු දාලා රෙදි තෝරන්න ගිය සීන් එක ඒ වෙනකොට ඔෆිස් එක ඉස්සර හිගාකන වයසක අන්කලුත් දන්නවා.අමාරිස් වැඩේ පත්තු කරලා ලෙසටම.හිතාගනිල්ලකො අපේ බොසාගෙ රොයිටර් සේවාව ගැන.ඕකා හරියන්නෙ දැන් ඔය කරන ජාතියෙ බිස්නස් එකක් කරන්න නෙමෙයි .බී.බී.සී වගේ හොද රොයිටර් බිස්නස් එකක් කරන්න.ගස් ගොබිලා.
ආයෙ නම් මතක ඇති කාලෙක නිවාඩුවක් ගන් නෑ කියලා එදාම ඒකීය ප්රතිපත්තියකට ආවා.ඒ වුනාට ඊගාව සතියෙත් අරූට බොරුවක් කියලා නිවාඩුවක් ගත්තා මෙයාලා.මොකද ප්රතිපත්ති කන්ඩයෑ..
උපුටා ගැනීම: Nirmani Sandareka