පුතා දැන්ද ආවේ .?
නිවසට අවුරුදු රැගෙන පැමිණ තිබුණේ අල්ලපු ගෙදර තලතා ඇන්ටිය.
ආ ආන්ටි ඔව් මේ ආවා විතරයි වාඩිවෙන්න ආන්ටි මම නැන්දම්මට කියන්නම් .
සාලයේ වාඩි වී සිටි සුගත් නැගිට
කල්හාරී…….. කල්හාරී……
යැයි අමතමින් කුස්සියට ගොඩ විය .
ඇයි පුතා ?
නැන්දම්මා විමසීය .
යමක් කීමට උත්සහ කරත් ඊට පෙර බීමට උගුරට ගත්ත වතුර ටිකත් නහයෙන් එලියට පැන
ඇහ් ඇහ් කහින්නට විය .
මොකද පුතා මේ පිටඋගුරේ යන්න තරම් දෙයක් මම ඇහැව්වද ?
අනේ නෑ නැන්දම්මා එහා ගෙදර ආන්ටි ඇවිල්ලා
කවුද තලතා ද ?
ඔව් නැන්දම්මා ඔව් ඒ ගෑනු කෙනා තමයි
නැන්දම්මාද දත් විලිස්සලා සිනා සීය .
ගිය අවුරුද්දේ කතුරේ සිද්ධියෙන් පස්සේ ඔය මේ ආවමයි පුතා ඉන්න මම බලලා එන්නම් .
නැන්දම්මා සාලයට යනවාත් එක්කම සිහියට නැගුනේ පෙර වසරේ සිදුවීම
ගිය වසරේ කලබලයෙන් මෙන් කල්හාරිගේ මව එහෙම නැත්තම් සුගත් නැන්දම්මා බැලීමට ආවත් ඇයට ගවුම් රෙදි හා මාමණ්ඩියට ගෙනා සරම් පවා මැසීමට නොහැකිව රැගෙන ආවේ කල්හාරිගේ කලබලය නිසාය.
ඇදුම් මූට්ටු මසා නොමැති බැවින් ඒවා නැන්දම්මාට දී මසා ගැනීමට සිතූ සුගත්
නැන්දම්මා කලබලේට ඇදුම් ගෙනාවට මේ වාටි මහලත් නෑ පුලුවන්නම් අදම මහලා දෙනවද ?
බැනා ඇසූ දෙයට පිලිතුරක් ලෙස නැන්දම්මා පවසන්නට උනේ
අනේ පුතා කතා අරලා වැඩක් නෑ මේ එහා ගෙදර ගෑනිත් එක්ක බෑ පුතා ඉදිකටුවේ ඉදලා පොල්බෑයේ ලුණු හැන්දේ ඉදලා ඉල්ලගෙන යනවා මට වැඩක් කරන්න නෑ
කොයි වෙලේ හරි මොකාක් හරි කරන්න ගත්තොත් ඒ බඩුව උන්ගේ දිහා දැනුත් මේ කුස්සිය පැත්තෙන් ගිහින් හිරමනේ අරන් ආවේ සම්බෝලයක් හදන්න පොල් ටික ගාගන්න වෙලාවකට එපා වෙනවා පුතා දැන් කතුර ගෙනිහිල්ලා දවස් පහකට වැඩී තාම ගෙනත් දුන්නේ නෑ ඉන්ඩකෝ පුතා
නැන්දම්මා නැගිට එහා ගෙදර ආන්ටිලාගේ නිවසට ගොඩ වැදී
තලතා නංගී
තලතා නංගී
ඕ අක්කා එන්න
අනේ නංගි මේ ඇදුම් වගයක් කපා ගන්න තියෙනවා කතුර අරන් යන්න ආවේ
අනේ අක්කා ගෙනාවට වැඩේ කරගන්න බැරි උනා මම ම තව පැයකින් ගෙනත් දෙන්නම් අක්කා
නැවත තරහින් මෙන් ගෙට ගොඩ උනු නැන්දම්මා
අනේ වැඩක් නෑ පුතා කතා කරලා ඒ ගෑනි තව පැයකින් ගෙනත් දෙන්නම් කියනවා
මටනම් මේ ගෑනිත් එක්ක එපා වෙලා ඉන්නේ පුතා හැමදාම ඔහොමයි.
හරි නැන්දම්මා මම වැඩක් කියන්නම් ඊට පස්සේ ඔය ගෑනි ආයේ සීනි හැන්දක්වත් ඉල්ලන් එන්නේ නැති වෙයි .
සුගත් නැගිය නැන්දම්මාට යමක් රහසින් පැවසීය .
මොනාද මොනාද මේ කුටු කුටු ගාන්නේ කල්හාරි විමසුවද කිසිවක් නොපවසා නැවත කුස්සියට ගිය නැන්දම්මා එහි ඉහුම්පිහුම් කටයුතු වල නියැලීය.
ටික වේලාවකින්
අක්කා ….. අක්කා….. කියාන පැමිණියේ එහා ගෙදර ආන්ටිය.
ඒත් එක්කම කුස්සියේ ඉදල ආපු නැන්දම්මා ආ නංගී කතුර ගෙනාවද අහපි
සාලේ දොරකඩ ගාව සිටම කතුර අතට ගත් නැන්දම්මා
පුතේ මෝල්ගහ ඇති කුස්සියේ අරන් එනවද ?
කලින් කතා කරගත් පරිදි ඉක්මනින් ගොස් මෝල්ගහ ගෙනැවිත් නැන්දම්මා අත තැබීය .
එහා ගෙදර ආන්ටි බලා සිටියෙදීම කතුර දිග හැර ගෙට ගොඩවන පඩියෙන් තබා මෝල්ගහෙන් පලුදෙකට වෙන් වෙන්නට ගැසීය.
තලතා නංගියේ ගෙදරටම තිබුණේ එකම කතුරයි ඒකත් දැන් කැඩුනා උබම දැක්කානේ මීට පස්සේ කතුර හොයාන එන්න එපා
ආවාටත් වඩා ඉක්මනින් ගියපු ආන්ටි කිව්වත් වගේ ලුණු හැන්දක්වත් ඉල්ලන්යන්න ආවේ නැතිළු මේ වෙනකම්
ඒ මතකයත් එක්ක නැන්දම්මා නැවත කුස්සියට පැමිණි අතර
අවුරුද්දට නෑගම් කියලා යන්න ඇවිත් තියෙන්නේ ආ පයින්ම ගියා පුතා , පුතා නොහිටින්න ඔය ගෑනි නිසා මට කවදාවත් හොද වෙන්නේ නැති ඔලුවේ කැක්කුමක් හැදෙන්න තිබ්බා .
.සමාප්තයි.
උපුටා ගැනීම: අයිති නැති අකුරු