අති දුශ්කර ඇමරිකානු මැරීන් නාවික පුහුණුවෙහි අවසන් පරීකශණය ‘ නොගිලී සිටීමේ පරීක්ශාව ( Drown proofing) ලෙස හැදින්වේ. දෙපා බැද, දෑත්ද පිටුපසට තබා බඳින ලද පුහුණුවන නාවික සෙබලා අඩි 9 ක් ගැඹුරු ජල තටාකයකට දමනු ලැබේ. ඔහු මිනිත්තු 15ක කාලයක් ජලයේ නොගිලී සිටිය යුතු අතර මෙය අසමත් වන්නන් පුහුණුව අසමත් වූවන් ලෙස සැලකේ. මෙහිදී සෙබලුන් බොහොමයක් අසමත් වන අතර සමහරු මරණයට පවා පත්වේ. සෙබලුන් බොහොමයක් මෙය පිහිනීමේ පරීක්ශණයක් ලෙස සලකන අතර පිහිනීමට උත්සාහ කිරීම මගින් ඔවුන් නොගිලී සිටීමට උත්සාහ කරති. නමුත් දෑත් පිටුපසට තබා ගැට ගැසූවකුට පිහිනීම කල නොහැකි කටයුත්තකි. එම නිසා පිහිනීමට උත්සාහ කරන බොහෝ දෙනෙක් පිහිනීමට නොහැකි බව දැක දැඟලීම නිසාවෙන් ජලයේ ගිලීයාම සිදුවේ. මෙහි නොගිලී සිටීමේ රහස නම් තමන්ව ජලයේ ගිලීමට ඉඩ දීමයි. නිසොල්මන්ව සිටිමින් තමාව ගිලීමට ඉඩදී පතුලෙහි දෙපා ගසා ඉහලට ඉපිලී ඒම සිදුකල යුතුය. වරක් මතුපිටට පැමිනි පසු ගැඹුරු හුස්මක් ගෙන නැවතත් වරක් ගිලීමට ඉඩ දිය යුතුය. මෙම පරීක්ශාව පිහිනීම පිලිබද පරීක්ශාවක් නොවන අතර එය ඉවසීම හා මනා තීරණ ගැනීම පිලිබද පරීක්ශාවකි. අවිනිශ්චිතතාව හා මරණය හමුවේ කලබල නොවී සිටිමින් දිවි රැක ගැනීමට අවැසි නිවැරදි සරළ තීරණ ගැනීම මෙහිදී පරීක්ශාවට ලක් කරනු ඇත.
මට දැනෙන්නේ “Covid19” වෛරසය තුලින්ද අප සැවොම Drown proofing පරීක්ශාවකට ලක්වන බවකි. නොනැසී සිටීමට නම් අප කල යුත්තේ කලබල නොවී සිටිමින් අවිනිශ්චිත බව දරා ගනිමින්, දෑත් සේදීම හා මීටරයක දුරතබා ගැනීම හා එම රෝගයට පිලියම් වශයෙන් ලබා දී ඇති නිවැරදි සෞඛ්ය පිළිවෙත් ටික රැකීම වැනි සරල දේවල් වේ. අවිනිශ්චිත බව හා මරණ බිය විසින් අප අනවශ්ය සහ හානිකර ක්රියා සදහා පහසුවෙන් යොමුකල හැක.
උපුටා ගැනීමකි
උපුටා ගැනීම: Danuma Potha / දැනුම පොත