නොහුරු කැමැත්ත (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
සමහරු අකමැතියි තමන්ට නොහුරු දේකට බහුතරය කැමති වෙනවට.එහෙම අයට අපහාස විදිහට කතා කරන්න මෙයාල හරිම කැමතියි .
ගැහැනු අය, පිරිමි අය කැමති දේවල්, විදිහට වෙන් වෙනකොට ඒක පැහැදිලිව පේන දෙයක්.
ඒ කාන්තාවො කැමති දෙයක් නම්,”ආ ඔය අඳින්නෙ රැල්ලට,ඕව බලන්නෙ රැල්ලට” කිසි අවබෝධයක් නැතුව ඔහේ follow කරනව.ඇත්ත කතාව නම් යමක් ගැන හොඳ දැනුමක් නැතුව follow කරන්න බෑ.කැමැත්ත නිසා හෝ රැල්ල නිසා හෝ ඒ ගැන හොයන්න ඉගනගන්න පටන් ගන්නවා.නැත්තන් ඒ ගැන ඇති කැමැත්ත කෙටි කාලීනයි.
රැල්ලක් හැදෙන්නෙත්,හදන්නෙත් මිනිස්සු.ඒ ඒ කාලෙට මිනිස්සු කැමති දේවල් වලින්. බහුතරයක් මිනිස්සු අකමැතියි නම් ඒක කොහෙන් ආවත් නැති වෙලා යනවා. මේ බහුතරයට ඕන කෙනෙක් අයිති වෙන්න පුලුවන්.
Teenagers මේ වගේ සින්දු ඇහුවොත්, “ආ ඒ රැල්ලට”
නරක දේකට කැමති වෙනවට වඩා එහෙම හොඳ දේකට රැල්ලක් හැදෙන එකත් වටිනවා.
ඒ වගේම මේ music වලින් දෙන පණිවිඩ ගැන දන්න අය එහෙම කතා කියන්නෙත් නෑ.මේවල මිනිසෙක්ට හැදෙන්න මිසක් නොමග යවන දේවල් නෑ,ඒ නිසා teenagers මේව අහනව නම් ජීවිතේට හැදෙන්න ගොඩක් දේ එකතු කරගන්න පුලුවන්.
මිනිස්සුන්ට වැඩිය ඇසට නොහුරු දේවල් වලට පුරුදු වෙන්න කාලයක් යනවා තමයි නමුත්,
තමන්ට ඒ දේවලට රසවින්ඳනයක් නෑ කියල හෝ අනිත් අය කැමති වෙනවට තියන කුහකකම, ඉරිසියාව ප්රදර්ශනය කරන අයට අමාරුවෙන් උනත් දරාගන්න වෙනවා සමනල්ලු නෙවෙයි ලෝකෙ නැති මොන සතාගෙ නම කිව්වත් කිසිම වැඩක් වෙන්නෙ නෑ කියලා.මොකද,අනිත් අය ලෝකෙ දකින්නෙ එයාලට ඕන විදිහට මිසක් ඔයාට ඕන විදිහට නෙවෙයි.ඒවගේම සමනල මිනිසුන් ඉන්න රටවල ඉතිහාසයත් පොඩ්ඩක් හොයල බැලුවනම් පෙනෙයි අපහාස කරන්න කලින් පොඩ්ඩක් දැනගෙන හිටියනම් හොඳයි කියල.හොඳ දෙයක් දකිනකොට අගය කරන්න බැරි නම්,ඇදයක් කියනවට වඩා නිහඬ වීමත් ලොකු දෙයක්.
උපුටා ගැනීම: Dinithi Basnayake

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!