“රුපියල් විස්සක් මහත්තය..”
“සල්ලි නෑ අන්කල්..”
“ගහෙන් වැටිල කකුල කැඩුන..”
“ඔය රුපියල් විස්සක් තියේනන් දීල දාපන් බන්..”
සික් මුන්නන් තනිකරම ශාපයක්..
.කාලකන්නි.
ඒ කකුල ඉදිමිල.
අප්පිරියාවෙ බෑ
මැස්සොත් වහනවා..
“ආ ආ මේක අරන් යන්න..”
“බුදු බව අත්වෙන්න ඕනෙ..”
“අපරාදෙ සල්ලි දුන්නෙ. ඕක හවසට බාර් එක ගව බොනව..”
“යන්නෑ බන්.. උදේම ලේ කෝප කරගන්න බෑ. බලපන් කකුල..”
“ඔය කෝච්චියට තියල.. කුඩු ගහන්න තමයි සල්ලි හොයන්නෙ..”
” ජරා යක්කු..”
හිගන්නු උන් ඇත්තටම මහ වදයක්.
උදේ පාන්දර බස් එකට නැගල දවසම කනව.
පාරෙ නොන්ඩි ගහ ගහ යන ඒ මිනිහ දිහා බලාගෙන මන් දෙස් තිබ්බ…
########################################################
“යශිත..”
බයික්කෙ අයිනෙන් කරල නවත්තද්දි යශිත හිනා වුනා..
“සර්..”
“කොහෙද යන්නෙ..”
“මේ එහා පැත්තෙ ගෙවල් තියෙන්නෙ සර්..”
“නගින්න මාත් එහාට යන්නෙ..”
“එපා සර් සර් යන්න මන් තව ටිකයිනෙ..”
“නගිනව නගිනව..”
හෙල්මට් එක මන් දික් කරද්දි යශිත බයික්කෙට නැග්ග.
“අක්කගෙ රිසාල්ට් කොහොමද යශිත..”
“සර් අක්ක මෙඩිසින් සිලෙක්ට් උනා.. “
“නියමයිනෙ.. යශිතත් අක්ක වගේ වෙන්න ඕනෙ..”
මගෙ ක්ලාස් එකේ හිටපු දක්ශම ළමයෙක්.
ගණන් වලට ලකුණු අසූ වට වඩා ගත්ත.
හරිම චාම්..
සුහදශීලී
ඒ වගේම ආචරශීලී ළමයෙක්..
“සර් “
“ඇයි පුතේ..”
“ඔහොම නතර කරන්න. මේ අපේ ගෙදර සර්..”
“මේ ගෙදර..”
ඒක ගෙයක් කියක පෙනුනෙ නෑ.
මන් ආයෙත් යශිත දිහා බැලුව.
ඒත් ඒ ඇස් වල ලැජ්ජාවක් තිබ්බෙ නෑ.
“අපි ගොඩක් දුප්පත් සර්…. සර් කැමතිනන් ඇතුලට එන්න..”
මන් හිතුවෙ සල්ලි කාරයෙක්ගෙ පුතෙක් කියල
ඔව්
කවදාවත් මගෙන් ෆ්රී කාඩ් ඉල්ලල නෑ…
කවදාවත් පරක්කු වෙලා ක්ලාස් පීස් දීල නෑ.
පිළි වෙලට අදිනව
ඒත් ගෙදර..
යශිත ඇතුලට යන දිහා බලන් මන් ඉද්දි ගේ ඇතුලෙන් ගෑනු කෙනෙක් එලියට ආව.
“එන්න සර්.. අනේ මන්ද සර්ට ඉදගන්නවත් හරියට..”
“කමක් නෑ අම්මෙ..”
“අපි ගොඩක් දුප්පත් සර්.. දුක් විදල තමයි ළමයි දෙන්නට උගන් වන්නෙ. මේ දෙන්නට උගන්නල ඉවර වෙලාම ගේ ඩිංගක් හදාගන්නවා”
පොඩි කාමරයක් තිබ්බ…..
සාලෙ ලොකු පොත් මේසයක් තිබ්බ…
පුටු දෙකක් තිබ්බ.
ඒකෙ කොහොමද හතර දෙනෙක් ඉන්නෙ.
මන් කල්පනා කලා
අලුත්ම අලුත් අඩු කෝප්පෙක තේ එකක් අරන් බිස්කට් එකක් එක්ක ලස්සන පොඩි කෙල්ලෙක් එලියට ආව..
“යශිතගෙ අක්කද..”
“ඔව් සර්..”
“යශිත කිව්ව මෙඩිසින් සිලෙක්ට් උනා කියල..”
“රෑන්ක් එක දහය සර්.. “
“ස.. නියමයිනෙ.. “
තාමත් හිතාගන්න බෑ.
මෙච්චර දුප්පත් පවුලක කෙල්ලෙක් දිස්ත්රික් රෑන්ක් එක දහය දාල.
“සුදු නෝනා.. කෙල්ලෙ..”
“අප්පච්චි..”
මගෙ පපුව නැවතුන.
කකුල් පන නැති උනා.
හිගන්නා ඔව් ඒ හිගන්න
දොරෙන් ඇතුලු උනා.
මට ඉබේටම පුටුවෙන් නැගිටුනා
“සර් මේ මගෙ අප්පච්චි.. “
ඒ අතේ ආප්ප වගයකුයි වඩේ ටිකකුයි තිබ්බ..
ඒත් ඔහු බය උනෙ නෑ.
ගොඩක් යටහත් පහත්ව මට හිනා වුනා.
“සර්.. “
“අයියද යශිතගෙ අප්පච්චි..”
ඉබේටම් කියවුනා.
කොහොම නොකිය ඉන්නද
මේ ඒ හිගන්න.
දෙයියනේ…
අර පාරවල් ගානෙ මහ ගිණි අව්වෙ හිගා කන හිගන්නෑ…
ඒ හිගන්න..
දාහක් දෙනාගෙන් බැනුම් අහ අහ අපවාද විද විද තනියම දරාගෙන මට හිනා වෙන
මේ ඒ හිහන්න
“සර් මාව දැකල තියෙනවනෙ.. හිගාකාල තමයි කෙල්ලව විභාගෙ පාස් කෙරෙව්වෙ සර්.. කොල්ලවත් කොහොම හරි ඉන්ජිනේරුවෙක් කරන්න ඕනෙ. මේ කරුමෙන් උන් දෙන්න ගැලවෙන්න ඔනෙ සර්..”
අමාරුවෙන් ඒ ඉදිමුනු කකුල උස්සල තියද්දි අර කෙල්ලගෙ කම්බුල් දිගේ කදුළු ගැලුවා.
“සුදු අම්ම.. සර්ට තේ එකක් දෙන්න පුතේ. “
“දුන්න අප්පච්චි..”
“මගෙ කොල්ලට කොහොම හරි ගණන් වලට A එකක් අරන් දෙන්න සර්. මෙයාට ඕනෙ පොත් ටික කියන්න සර් මන් ගෙනත් දෙන්නන්.. “
මගෙ දිහා බලාගෙන බැගෑපත්ව ඔහු කිව්ව..
හිගන්නෙක්
ඌ හිගන්නෙක්
තාත්තෙක්
වෛද්ය වරියකගෙ
ඉන්ජිනේරුවෙක් වෙන පුතෙක්ගෙ
අනාගතේ වෙනුවෙන් හිගාකන
ආඩම්බර තාත්තෙක්..
ලයික් කමෙන්ට්ස් සෙයාර් කරන් යන් ගයිස්…
කවර් එකේ රොටිය
ඒක බෝර්ඩිමෙ මන් හදපු රොටියක්
දාන්න ෆොටෝ එකක් නොතේරෙන කමට
රොටිය දැම්ම
උපුටා ගැනීම: …Lahiru Milan….