නොමැරී ජීවත්විය හැකි කැර‍පොත්තන් (පරිසරය හා ස්වභාවධර්මය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
චාල්ස් ඩාවින්චිගේ පරිණාමවාදය අනුව ලෝකයේ ඉදිරියට එන්නේ ශක්තිමත් ජීවින් නොවේ. පවතින පරිසරයට අනුව හැඩගැසෙන්න (අනුවර්තනය) වෙන්න පුළුවන් ජීවින් පමණි. මිනිසුන්ට මේ පරිසරයට අනුගත වෙන්න බැරි දවසකදී මිනිසාත් වදවී යනු නියතය.
එසේ වූවද න්යෂ්ටික පිපුරුමකට වුවද මුහුණදී නොමැරී ජීවත්විය හැකි සත්වයෙකු ලෙස අප බොහෝ දෙනකු විසින් හඳුනාගෙන ඇත්තේ කැරපොත්තන් පමණකි.
ඒ කැරපොත්තා ඩයිනොසර යුගයේ සිට පැවත එන සත්වයෙකු ලෙස හදුනාගෙන ඇති නිසාය. මෙතෙක් න්යෂ්ටික යුද්දයකින් පසුව මේ ලෝකයේ ජිවත් වෙන්න පුළුවන් එකම ජීවියා කැරපොත්තා ලෙස හදුනාගෙන සිටියද කරපොත්තට දරා ගැනීමේ සීමාව අභිබවා දරා ගැනීමේ හැකියාවක් පවතින සත්වයෙකු හදුනාගෙන ඇත.
කැරපොත්තාගේ ධාරණ සීමාවන් පහත පරිදි වේ.
✍️ සෙල්සියස් අංශක 0 උෂ්ණත්වයේ ජිවත් වීමේ හැකියාව
✍️කාන්තාරයක උනත් ජිවත් වෙන්න පුළුවන්
✍️කකුලක් කැඩුනොත් සති 3ක් වගේ කාලයක් තුළ ප්රකෘති තත්වයට පත්වීම
✍️බඩේ දත් පිහිටා තිබීම
✍️හිස නැතුව දින 4ක් 5ක් ජිවත් වීමේ හැකියාව
✍️ජලය යට පැයක් දෙකක් හුස්ම නෙගෙන සිටීමේ හැකියාව
✍️තම ගමන් දිශාව තත්පරයක් තුල 25වතාවක් වෙනස් කරීමේ හැකියාව යන්නයි.
කැරපොත්තා එසේ වූවද න්යෂ්ටික පිපුරුමක් නොව ලෝක විනාශයකට වුවද මුහුණදී ඉදිරියටද ජීවත්විය හැකි ලොව වෙසෙන ශක්තිමත් ජීවියා ලෙස අවිවාදයෙන් සැලකෙනුයේ ‘ටාඩිග්රේඩ්’ නොහොත් ‘දිය වලසාය’. වලසෙක් ලෙස හැඳින්වුවද මොහු ප්රමාණයෙන් මිලිමීටර් එකක පමණ විශාලත්වයකින් යුතු පියවි ඇසට පැහැදිලිව දැකගත නොහැකි සරල ජීවියෙකි.
බැලූ බැල්මට කිසිදු සිත් ඇදගන්නාසුලු පෙනුමකින් තොර ඛණ්ඩිකා සහිත ශරීරයකට උරුමකම් කියන ‘ටාඩිග්රේඩ්’ විශේෂ නවසියයකට අධික සංඛ්යාවක් ලෝකයේ උසැතිම කඳුමුදුනේ සිට මුහුදේ ගැඹුරුම අගාධය දක්වාවූ සෑම අස්සක් මුල්ලක් නෑරම ව්යාප්තව සිටින්නෝය. සැකෙවින් කිවහොත් ලෝකයේ ඕනෑම ස්ථානයක, ඕනෑම පරිසර තත්ත්වයක් යටතේ ජීවත්වීමේ හැකියාව මොවුන් සතුය.ප්රමාණයෙන් ක්ෂුද්ර වුවද මොවුන් සතු දරාගැනීමේ හැකියාව ඇත්තෙන්ම මවිත කරවනසුලුය.
උණු වතුරෙන් තම්බා, ජලය මිදෙන උෂ්ණත්වයද ඉක්මවා අධිශීතකොට යළිත් වියළා විකිරණයන්ටද ලක් කළද එකී සියලු උපද්රවයන්ට සාර්ථක ලෙස මුහුණදී තවත් වසර දෙසීයක කාලයක් ජීවත්වීමට තරම් දිය වලසුන් ශක්තිමත්ය. -4570Cක තරම් පහළ උෂ්ණත්වයක්ද 3570C වැනි ඉතා ඉහළ උෂ්ණත්වයක්ද දරාගනිමින් ජීවත්වීමට සමත් මොවුහු ග්රේ 10-20 (‘ග්රේ’ යනු විකිරණ ප්රමාණය මැනීමට භාවිත කරන අන්තර්ජාතික ඒකකයයි) වූ විකිරණ ප්රමාණයකට ලක්වීමෙන් ලොව බුද්ධිමත් සත්වයා වන මිනිසා මියයත්දී ග්රේ (gray) පන්දහස් හත්සියයක්වූ විකිරණ කදම්බයකට වුවද ලක්වී නොමැරී ජීවත්වීමට තරම් සුවිශේෂී හැකියාවකින් යුතු දිය වලසෙකු හට ආහාර හෝ ජලය හෝ නොමැතිව වසර දහයක් වුවද ජීවත් වීමේ හැකියාව ඇති බව කියැවේ. කිසිදු ජීවියෙකුට ජීවත්විය නොහැකි ලෙසට සැලකෙන අභ්යවකාශයේ වුවද කිසිදු අපහසුවකින් තොරව ජීවත්වීමට හැකි දිය වලසුන් සැබැවින්ම ජීවී ලොවේ තවත් එක් ආශ්චර්යයක් නොවන්නේ දැයි සිතා බැලීම වටී.
අන්තර්ජාලය ඇසුරිණි💐   

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!