නොමිලේ දුන් නිසා (විනෝදාස්වාද )

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අද ගීතයක තේරුමක් ඉදිරිපත් කිරීමට මම තෝරගත්තෙ නොමිලේ දුන් නිසා ගීතය. මේ ගීතය ගායනය කලේ සමන් ලෙනින් මහතා, සංගීතය දර්ශන රුවන් දිසානායක මහතා. පදරචනය ජයන්ත චන්ද්රසිරි මහතා. මේ ගීතය පහුහිය කාල වකවානුවේ ආදිත්යා නැගෙනියගේ ගායනයත් සමග ගොඩක් ජනප්රිය උන ගීතයක්. අපි බලමු මේ මොන වගේ කතාවක් පාදක කරගෙනද මෙය ලියවුනේ කියල.
නොමිලේ දුන් නිසා මගේ නිමල ආදරේ
කවුරුවත්ම ගත්තේ නෑ ඔහෙ තිබුණා පාඩුවේ
ඒ හින්දා වැඩුනා එය මහමෙරක් වගේ
දැන් අත උඩ විකිණිය හැකි මහ ඉඩම වගේ
දැන් අත උඩ විකිණිය හැකි මහ ඉඩම වගේ”
මේ කතාවෙ ලියවෙන්නෙ ගොවිතැන් කරන් ජීවත්වෙන ගැමි තරුණයෙකුගෙ ආදර කතාවක් ගැන. ඉතින් මේ තරුණය ගමේ ඉන්න සුරූපී තරුණියකට ආදරය කරනවා. මේ ගමට එලවලු ආදිය ගෙනියන්න හෝ කුමන හෝ හේතුවක් මත තරුණයෙක් එනව හොද පෙජරෝවකින්. ඉතින් මේ ගැමි තරුණය කොච්චර අර තරුණියට ආදරය කලත් ඒ තරුණිය ආදරය කරන්නෙ අර පෙජරෝවකින් එන නාගරික තරුණයට. ඒත් පෙජරෝකාරයනම් මේ තරුණියව සතේකටවත් ගනන්ගන්නෙ නෑ. මේ තරුණය පස්සෙ තීරණය කරනවා ගමේ ගොවිතැන් කරල විතරක් හරියන්නෙ නෑ. මාත් නගරයට (සිදාදියට) යන්න ඕනෙ කියල.
“සිදාදිියෙන් ගමට දුවන මහ සෙනගට මම කියන්නෙ
සිදාදිියෙන් ගමට දුවන මහ සෙනගට මම කියන්නෙ
කුරහන් මිල බෝමැයි”
ඉතින් දැන් ගැමි තරුණයත් සිදාදියට ගිහින් එහෙන් ගතයුතු දැනුමත් අරන් හොදින් හම්බකරල පොහොසත් වෙනවා. ඒ කාලෙ ගිනි ගනන් වලට තමන්ගෙන් බඩුගන්න ආපු අයගෙ කෙරුවාවල් දැන් මේ තරුණය දන්නවා. ඔව්න් ගමෙන් කුණුකොල්ලෙට අරන් නගරෙට ගිහින් ඒව විකුණන මිල ගනන් මේ තරුණය නගරෙ ජීවත් උන නිසා හොදින් දන්නවා. දැන් ඔහු සිදාදියෙ ඉදන් බඩුගන්න ගමට එන කලු කඩකාරයන්ගෙන් උපහාසයට වගේ නගරයේ කුරහන් මිල එහෙම අහනවා.
“මයෙ පපුවට එබෙන කරන ඇත්තිට මං දැං කියන්නෙ
මයෙ පපුවට එබෙන කරන ඇත්තිට මං දැං කියන්නෙ
පැජරොයියගෙ ගානයි
පැජරොයියගෙ ගානයි”
දැන් ගැමි තරුණයගෙ අතමිට සරු උනාම අර කලින් ඔහුගෙ ආදරේ ප්රතික්ෂේපකරල පෙජරෝකාරය පස්සෙ ගියපු තරුණියත් මේ තරුණයට මනාප වෙනවා. ඒත් දැන් තරුණයගෙ හිතක් නෑ එකපාරට ආදරේ දෙන්න. නැතිදා නැති උන් ඇතිදා කුමටද කියල මේ තරුණයත් ගනන් උස්සනවා. දැන් ඔහු අර පෙජරෝකාරය වගේම අර තරුණියව ගනන් නොගෙන ඉන්නවා. හැබැයි තරුණයගෙ හිතේ ආදරේ නැතුව නෙවේ. මේ මුනිවත රකින්නෙ සුලු දඩුවමක් විදියට.
“ඔන්න ඉතිං අඬන්න ගත්තා
අපිට තමයි බඩු විකුණන්නට බැරි
අපිට තමයි බඩු විකුණන්නට බැරි
ඔන්න ඔහේ දීල දානවා මං
මගෙ අමිල ආදරේ ….
මගෙ අමිල ආදරේ ….
මගෙ ….. අමිල ආදරේ .”
කොච්චර ගනං ඉස්සුවත් අර තරුණයට අදරේ පිට නොකර ඉන්න බැරි වෙනවා. ඉතින් අර තරුණියගෙ සෙනෙහස් ඉගිබිගි අස්සෙ අර තරුණය සංවේදී වෙනවා. ඉතින් ඔහු තමන්ගෙ පිවිතුරු ආදරය අර තරුණියට පූජාකරනවා.
මේ ගීතයේ විශේෂත්වය වෙන්නෙ මේ ගීතය පුරාවටම මේ කතාව කෙලින් නොකියා ව්යංග්යර්ථයෙන් කීම. ඒ වගේම සංගීතයේ විචලනයෙන් දෙන මිහිරත් ගීතයේ අර්ථ රසය තව වැඩිකරනවා. මෙවන් නිර්මාන තව තවත් බිහිවෙනවානම් මේ සමාජය බාල රසාස්වාදයට යොමු නොවනු ඇති. නැවත ගීතයකින් හමුවෙමු 🙏
✍️ විවරණය – මලිත් මධුශංක

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!