උදේම ගෙදරින් එනකොට කොල්ල කියාපි
ලේසර් ටෝච් එකක් ගෙන්න කියල
ඵ්කෙන් පුසට මොකක්දෝ කරන්න පුළුවන්ලු
මන් ඉතින් ඕව දන්නා එකකයේ,
දවස් ගානක් ඉදල ඌ තාත්තාගෙන් ඉල්ලනවා
මම අහගෙන.
පොඩි එකාගේ ආසාවනේ සර්ප්රයිස්
එකක් දෙන්න ඕන,
හවස එන ගමන් බැස්ස ගම්පහින්.
පොත් කඩේට යන්න කලින් කෝකටත් කියලා ඇරිලා බැලුවා පර්ස් එක ,
රුපියල් 100,50,50,20,20, මාරුත් ඇති තව.
කමක් නෑ ටෝච් එකට 150 යි බස් එකට 50 යි ත්රීවීල් එකට 50 යි සල්ලි ඇති.
එතකොටම කොල්ලෙක් පැන්න ඇගට මිස් මේකත් අරන් යන්න ,නොමිලේ දුන්න සිම් එකක් ඒකත් අරන් හැරුන වමට පොත් සාප්පුවට,
මු අයෙමත් කතා කරනවා මිස් අයිඩෙන්ටිය පොඩ්ඩකට. ඌ ඉස්සරහ පර්ස් එක අරිනවා බොරු. අමාරුවෙන් කොල්ලට පේන්නේ නැති වෙන්න ඇරිලා පර්ස් එක,අයිඩෙන්ටියයි ලයිසන් එකයි දෙකම එකට .
අයිඩෙන්ටිය දෙනවද ලයිසන් එක දෙනවද ? ලයිසන් එක ගත්තත් හරි ආද වෙනකල් පාවිච්චි කලේ නැති එකේ මේකටවත් දෙනවා. කොල්ල ගෙහුව ෆොටෝ එකක් .මිස් දැන් මැඩම් මූ දැන් කියවනවා,කියවනවා සත්තකුඹ ජාතකේ ගිරවා වගේ සිම් එක ගැන ,
කැමති අංකයක් කියන්න මැඩම් , කිව්වා හරි දැන් යන්නද ? 290 මිස් රීලෝඩ් එක කොල්ලා කියපි, හුටා සන්තකේටම තියෙන්නේ 240යි ,ලැජ්ජාව තිබ්බ පැත්තකින් කොල්ලට පෙන්නුවා පර්ස් එක ,මෙච්චරයි පුතා තියෙන්නේ, කමක් නේ 190ක් දෙන්න ,
බැලුවේ නෑ පැත්තවත් උස්ස ගත්ත මස්ක් එක ඇස් දෙකත් වැහෙන්න ,දිවුවා අපහු බස් එකට හිතින් මටම බැන බැන .
ඔලුවත් තෝන්තු වෙලා වගේ. ඉදගත්තා හාමුදුරු සීට් එකේම ,50 කොලයක් තියනව ත්රීවීල් එකට අත දාගෙන හොයාගත්තා 10 යේ කාසී 3යි 5 හේ කාසී 4 යි හරි ගානටම.
කැටේ කපු පොඩි එක වගේ කාසී ටිකත් අතේ ගුලි කරන ඉන්නකොට ඉඳගත්තේ නැතැයි ජැන්ඩියට ඇදගත්තු මහත්තයෙක් ලගින්ම.මිස් කොහාටද ? මීගමුවටම බස් එක යන්නේ නැද්ද? කොවිඩ් කවද ඉවර වෙයි ද? මාරම වදේ මොකෑ මම හදපු එකක්ද ඔච්චර අහන්න.අහන එකේ ටිකට් එකක් ගන්න අහපන් බනින්නේ නෑ නොවෑ අද වගේ දවසක.
කොන්දොස්තර කොල්ල එනවා පිං කැටේ කඩපු හොරෙක් වගේ දැන් කොහොමැයි මේ කාසි රොත්ත අත අරින්නේ ඒ ගොඩට ඇරත් වැදගත් නෝනා කෙනෙක් විදිහට ,
හිමීට කාසි ටික අත ඇරියා බෑග් එකට.
ගත්ත 50හේ කොලේ 47යි බස් එකට තියාගන්න කිව්වා ඉතුරු 3ත් ,
ගත්ත කෝල් එකක් ගෙදරට කිව්වෙ නෑ මුකුත්ම රුපියල් 50ක් දෙන්න සුදූ මම එන ත්රීවීල් එකට එච්චරයි, මොකෝ මාරු කාසි දුන්නැකිද?
අනේ යනකොට කොල්ල ඉන්නව ගේට්ටුව ලග.පුතේ දෙන්න අන්කල්ට සල්ලි,
කොල්ල අත ඇරියේ 10යේ කාසිම 5ක්.
මරු සර්පයිස් එක…..
උපුටා ගැනීම: Jani DeSilva