පැය දහ අටක් ඩියුටි කරලා ගෙදර එද්දී උදේ නමය හමාරට විතර ඇති. ආපු ගමන් වොශ් එකක් දාලා කාලා එහෙම අම්මාත් එක්ක ලඟ පාත අඳුනන ආන්ටි කෙනෙක් බලන්න ගියා.
” ආන්ටි කොහොමද දැන් ? “
” දැන් ටිකක් හොදයි පුතේ, අද නිවාඩුද ? “
” නෑ ආන්ටි අද නයිට් “
” අනේ මන්දා ඔය රස්සාවනම් නේද දරුවෝ, මහ කරුම රස්සාවක්නේ , මංනම් දන්න කෙනෙක්ටවත් යන්න කියන්නේ නෑ. අනේ මන්දා නංගී ඔයාලට මේ ළමයව නර්සිංග් යවන්නැතුව ඉන්න තිබ්බේ “
මං අම්මගේ දිහා බැලුවා, අම්මා යන්තන් හිනා උනා විතරයි , ආන්ටි දිගටම මගෙ රස්සාව ගැන කතාව. අම්මගේ මූඩ් අවුල් වෙන්න කලින් කතාව වෙන පැත්තකට හරවන්න හිතුවා.
” ඉතින් දැන් ආයෙ ක්ලිනික් එන්න කිව්වේ කවද්ද ආන්ටි ? “
” ලබන බදාදා උදේ එන්න කිව්වා, අනේ දරුවෝ එදාට යද්දී බ්ලඩ් ටෙස්ට් වගයක් කරන් යන්න තියෙනවා , මගෙ මේ කකුල් කැක්කුම එක්ක ලැබ් ගානේ යන්න බෑ දරුවෝ , අපේ ළමයට කියලා මං ලැබ් එකෙන් ටියුබ් ටික ගෙන්නගන්නම් . ඔයාට පුළුවන් නේද අඟහරුවාදාට බ්ලඩ් ටික අරන් දෙන්න. “
” ආ පුළුවන් ආන්ටි මං කොහොමත් එදාට නිවාඩු “
” එහෙනම් අක්කේ අපි යන්නම් ” ඒ අපෙ අම්මා.
” හරි නංගී, ආ නංගී පොඩ්ඩක් දුවට අඟහරුවාදාට මතක් කරන්න හොදේ. මේ දරුවා ළඟ පාතක ඉන්න නිසාම හොදයි “
” ඒකනේ නර්ස් කෙනෙක් වෙච්ච නිසාම හොඳයි , අපි යන්නම් අක්කේ “
මීට අවුරුදු කීපයකට කලින් වෙච්චි ඇත්ත සිද්ධියක් තමයි ඕං. නර්සිංග් කියන්නේ ලේසි වෘත්තියක් නෙමෙයි තමයි , සෑහෙන්න කැපවීම් කරන්න ඕනි වෘත්තියක්, ඒ වගේම ජීවීතේට වටින දේවල් ගොඩාරියක් ලැබුන වටිනා වෘත්තියක්.
උපුටා ගැනීම: Buddhi Jayaweera