නුවර ගැම්ම (සංස්කෘතිය හා කළා නිර්මාණ)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
නුවර කියන්නේ ගැම්මක් කියල කියනවා සමහරු. මට නම් නුවර කියන ගැම්ම එන්නේ අගෝස්තු මාසෙට විතරයි. ඒ මාසේ තමා පෙරහැර තියෙන්නේ. ඉතින් ඒ මාසේ නුවරට වටේම ඉන්න සෙනග එනවානේ. ඉතින් ඔය දුර පළාත් වල ඉන්න නැයෝන්ට පවා නුවර උන්දැලව මතක් වෙන මාසයක් තමා අගෝස්තු මාසය. ඉතින් මේ අගෝස්තු මාසය ගැන පොඩ්ඩක් මෙහෙම ලියන්න හිතුනේ, මේ දවස් නුවරට වහිනවා. මට මේ ගෙදර ඉදලා වැඩ කරන නිසා ඕක ලොකුවට ගානක් ගියේ නැහැ. පස්සේ අද හවස නිකමට වගේ මතක් උන අඩේ මේ මාසේ නේද දළදා පෙරහැර කියලා.
ඉස්සර පෙරහැර දවස් වල ඉස්කෝලේ යනකොට, ක්ලාස් යනකොට කොටින්ම නිකමට හරි ටවුමට යනකොට අම්මා කියන දෙයක් තමා අනිවාර්යෙන් කුඩයක් අරන් යන්න කියලා.. අපේ අම්ම විතරක් නෙවෙයි, නුවර මිනිස්සුන් කියන කතාවක් ඒක .මොකද අනිවාර්යෙන් පෙරහරට කලින් පොඩි වැස්සක් වහින නිසා..
ඒ දවස් වල මන් ඕවා විශ්වාස කලේ නැහැ ලොකුවට, හැබැයි පොඩි හරි මේ ගැන අදහසක් ආවේ මන් පොඩි කාලේ, ඒ කිව්වේ ඔය 8 – 9 වගේ වෙන්න ඇති (හරියටම මතක නැහැ) දළදා ප්රදර්ශනයක් තිබුනා.. ඒ කිව්වේ ශ්රී දන්ත ධාතුව මහජනතාවට ප්රදර්ශනය කළා..පැය ගණන් පෝලිමේ ඉදලා තමා බලන්නේ.. ඒ දවස් වල, දන්ත ධාතුව කුටියෙන් එලියට ගන්න කොට වහිනවා.. එකෙන් පොඩි විශ්වාසයක් ඇති වෙන්න පටන් ගත්තා.. පස්සේ මන් කොමෂල් බෑන්ක් එකේ වැඩකරන කොට නුවර බ්රාන්ච් එකේ ඉන්න දවස් වල ඕක තදින්ම දැනුනා..හොදට පායලා තිබුණත් හවස් වෙනකොට කලුකරගෙන පොඩි පොදක් හරි යන එක සාමාන්ය දෙයක් උනා මේ කියන පෙරේහර දවස් වලට.. ඒ වගේම දවල් පෙරේහර ඉවරවෙනකොට මිනිස්සු ගෙදර යන්නේ බොහෝවිට කුඩා ඉහලාගෙන.. මොකද අනිවා වහිනවා. ඕකට නුවර අපි කියන්නේ පෙරහරට කලින් මල් වැස්සක් වහිනවා කියලා.
මේ කියන කතාවේ විද්යාත්මක පැත්තක් ගැන මන් දන්නේ නැහැ.. මොකද මේ යන්නේ වැහි සීසන් එකද නැත්නම් මෝසම් කාලයක් ද සංවහන වර්ශාපතනයක්ද කියලා පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ.. පෙරේහර නැතුව තිබුනත් මේ දවස් වලට හවස වැහිවිද කියලා කියන්න දන්නේ නැහැ..ඒ සම්බන්දයෙන් විද්යාත්මක පැහැදිලි කිරීමක් තියෙනවද කියලා දන්නෙත් නැහැ හැබැයි.. එකම දෙය, මේ වටපිටවත් එක්ක අපේ විශ්වාසයත් එකට එකතු කරගත්තම පුදුම හැගීමක් හිතට එනවා.. නුවර ඉන්න අපිට විතරක් නෙවෙයි, සමහර විට රටේ ඉන්න හැමෝටම එහෙම හිතෙනවද දන්නේ නැහැ.
දැන් නුවර ගැම්මට එමුකො. ඉස්කෝලේ යනකොට පෙරහැර දවස් වල වැව රවුම වටෙන් එනකොට හෙන සීන් එකේ තමා අපි හැමෝම යන්නේ ඉතින්. එදාට නුවර හරියට සෙනග. රට වටෙන්ම එනවා. මිනිස්සු ඉතින් පැදුරු එලාගෙන දවල් ඉදලම ඉදාගෙන ඉන්නවා. දන්සල් එහෙමත් තියෙනවා ඔය දවස් වලට. සමහර වේලාවට දුකත් හිතෙනවා මිනිස්සු ඉටිරෙදි ගෙන කුඩා ඉහලාගෙන ඉන්න හැටි දැක්කමත්. පස්සේ කලෙක ලොකු වෙලා යාලුවෝ එක්කන් පෙරහැර බලන්න අවාමත් ඔය කියන ගැම්ම ඇගපුරාම ඉතින්. උන් පෙරහැර දිහා බලන් ඉද්දිත් ආඩම්බරයි මට නිකන්, මන් දියවඩන නිලමේ වගේ හැගෙන්නේ ඒ වෙලාවට.
මට උනත් තාමත් මතකයි පොඩි කාලේ අපේ අම්ම පෙරහැර බලන්න එක්කන් යන හැටි. එදාට අපි වෙජිටේරියන් ඉතින්. සිනි සම්බෝලයි පානුයි හදාගෙන, තේ එකක් ප්ලාක්ස් එකකට ගෙන තව එක එක ඒවා අරන් තමා යන්නේ. ඉටි කොලයක්, කුඩයක් ඕවා අනිවාර්ය භාණ්ඩ. මමයි නංගියි ඉතින් කට ඇරන් බලන් ඉන්නේ පාන් කන්නයි අර පුම්බලා රබර් පටියක් දාලා දෙන බැලුමක් ගන්නයි, මම්මා පප්පා එකක් ගන්නයි. පුළුවන් තරම් අපේ අම්ම බැලුවෙම අපිව පලවෙනි පෙරහැර බලන්න එක්කන් යන්න. මොකද එක බැලුවම එදා රෝග වලට හොදයි කියලා තමා එයාල විශ්වාස කරන්නේ. පොඩි කාලේ පෙරහරට වඩා උනන්දුව තිබ්බේ පෙරහැර ඉවර උනාම යන කානිවල් එකේ මෙරිගෝ රවුන්ඩ් එකයි, මාරක ලිදයි බලන එකට. පස්සේ කාලට තමා හරියට නුවර පෙරහැර මුලක ඉදල බැලුවේ. පළවෙනියට මුළු පෙරහරම බලපු දවසේ ඉදලාම මාරම ගැම්මක් තමා ඉතින්. වෙස් නැටුම් වල ඉදල තියෙන හැම දෙයක්ම මට බලන්න බලන්න ආස හිතෙනවා. අලි දැකලා නැතුව නෙවෙයි, ඒත් ඒ අලි ටික දකිද්දී කකුලේ ඇගිලි වලින් ඉදලා ඉස්සි ඉස්සි බලනවා. බෙර හඩයි, බෙර පද එක්ක මැදින් ඇහෙන නැටුම් පද ටිකයි ඔක්කොම එක්ක මුහු වෙලා එනකොට වෙන මට නම් ඔක්කොම අමතක වෙනවා. මට නුවර ගැම්ම ඉතින් ඕක තමා.
හැබැයි එක දෙයක් කියන්න ඕනේ. නුවර පින්වන්තම දවස් ටික තමා මේ. හරිම ලස්සනයි මේ දවස් වලට. (දැන් නම් නෙවෙයි). දවස පුරාම දාලා තියෙන බෞද්ධ සින්දු, කවි, සහ දළදා ඉතිහාසය හතරවටින් ඇහෙනකොට මේ දවස් වල නුවර ඇවිදින්න මන් පට්ටම අසයි, මුළු නුවරම පින්වන්තයි කියන්නේ ඒකයි.නුවර හිටියොත් කොමහරි රන්දෝලි පෙරහරක් බලන්න යනවා..බෙර හඩ එක්ක හේවිසි සද්දේ ඇහෙද්දී මුළු හිතම එක්තැන් වෙලා ඇස කට අරන් බලන් ඉන්නේ කරඩුව අරගෙන එන තේජවන්ත ඇතා එනකන් බලාන.. වෙස් නැට්ටුවෝ 100ක් විතර ඉස්සර කරන් වඩම්මාගෙන එන කරඩුව දකිද්දී හන්දිපත් රුදවල්, ඇගපත රුදාවල් ඔක්කොම අමතකගෙන අත් නලෙලේ තියන් නැගිට්ටෙන්නේ ඉබේම.. ඒක නුවරට විතරක් නෙවෙයි, රටේ කොයි පැත්තකින් ආවත් ඒ මනුස්සයා ඒ වෙලාවට එහෙම කරනවා..අපේ රටේ නොවන උන් පවා නැගිටිලා ගෞරව කරනවා..කරඩුව දකිද්දී කදුළු එන්නේ නැහැ කියන්නත් බැහැ.. ඒ තරමට අපි එකට කවැදීලා ඉන්නේ.
බලලා නැත්නම් මේ කරදර ඉවර උනාම අනිවාර්යෙන් එක සැරයක් හරි බලන්න රන්දෝලි පෙරහරක්. කදුළු පෙරාගෙන බලන්න පුළුවන් දෙයක් මේක. දැනට අවුරුදු දෙකක් තිස්සේ කරගන්න බැරි උනා. මේ කරදර ඉකමනට ඉවර උනාම ඊළගට තියෙන පෙරහැර අනිවාර්යෙන්ම බලන්න යන්න ඕනේ.
එහෙනම් මගේ රටටත් ඔබටත් සිරි දළදා හිමි සරණයි..
උපුටා ගැනීම: Kanishka SD

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!