ඔබ ආසියාතික රටක ඉපදුනානම් ඔබේ හීනවලින් භාගයක් ඉවරයි කියන්න හේතු (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
විරුද්ධ පාර්ශවයන් විකුණද්දි මරාගෙන මැරෙන්න හදල තමන් විකුණද්දි කටපියන් ඉන්න රටක
⭕ ගමේ කුකුලෙක් හොරකම් කරපු මිනිහ අවුරුදු දෙකක් හිරේ ඉද්දි මහදවල් මහබැංකුව කඩපු වුන් සිංගප්පූරුවේ සැපවිදින රටක
⭕ කන් හැන්දෙන් එකක් විතර කුඩු ශොට් එකක් දාන එකා හිරේදාල කන්ටේනර් ගනන් කුඩුගේන උන් පාර්ලිමේන්තු යන රටක
⭕ ගෑනිගෙ දරුවොන්ගෙ බඩගින්න නිවන්න ගමේ කසිප්පු ටිකක් පෙරන එකා කුදලන් ගිහින් කූඩු කරල එතනෝල් පර්මිට්කාරයොන්ට ගරු මන්ත්රීතුමා කියන රටක
⭕ ගමේ බූරුවො ගහන එකා හංවඩු ගහල බුකීකාරයො මුල් පුටුවල ඉන්න රටක
⭕ ලෙඩෙකුට රෝහලක ඇදක් නැති රටේ අහස උසට කුලුණු හදල ලෝකෙට පෙන්නන්න හදන රටක
⭕ යට වුන් පක්ෂ වලට බෙදිල මෝඩයො වගේ මරාගද්දි උඩ උන් වෙඩින් එකට ගිහින්, අඩියක් ගහල කරට අතදාගන ටීවි එකේ මරණ ගනන් කරන රටක
⭕ උතුරු නැගෙනහිරට ගිහින් දකුනට බැනල, දකුණට ඇවිත් උතුරු නැගෙනහිරට බැනල ජනතාව ජාතිවාදයෙන් අන්ධ කරල තමන්ගෙ පුටුව ස්ථාවර කරගන්න රටක
⭕ අධිකරණයකින් දිය හැකි ඉහලම දඩුවම වන මරණ දඩුවම ලැබුන මිනිස්සු නීති හදන පාර්ලිමේන්තුවේ ඉන්න රටක
⭕ කන්න කෑමක් නැතත් බොන්න වතුර නැතත් අවුරුදු පහකට වරක් දකින්න ලැබෙන අපේක්ෂකය දින්නම අහිංසක මිනිස්සු තමන්ගෙ සල්ලි, කාලය වැයකගෙන රතිඤ්ඤා පත්තුකරන කිරිබත් කාල රටක් රාජ්යයක් පහල උනා වගෙ සතුටුවෙන රටක
⭕ ගමට පාරක්, ගෙයක් හැදුවම ඒක හැදුවෙ අපි කන බත්, පරිප්පු, සීනි ඇටෙන් ගහපු බදුවලින් කියල නොතේරෙන, මන්ත්රීතුමා පෞද්ගලික ධන පරිත්යාගයෙන් හැදුව කියල හිතාගෙන උන්ට වදින පුදන මිනිස්සු ඉන්න රටක
⭕ නීතිවිරෝධී ව්යාපාරවලට හව්ල් වෙලා මුදල් උපයන, ඕනෑම වැරැද්දක් සාධාරණීකරණය කරන අපරාධකාරයන්ගෙ මාධ්යවල කියන නිව්ස් උදේ හවස අහන රටක
⭕ ගෙදර ලමයට ඉගනගන්න අමාරුවෙන් හම්බකරල ඩිවයිස් එකක් අරන්දීලත් කනෙක්ෂන් හොයන්න ගස් උඩ නගින්න වෙන රටක
⭕ ලොකු ලොකු උන් කැලෑ එලිකරල සත්තුන්ට ඉන්නතැනක් නැතිව ගම්වදිනකොට රෑ එලිවෙනකම් බයෙන් පැල්පත් උඩ ජීවත්වෙන මිනිස්සු ඉන්න රටක
⭕ දවසක් චන්දෙ දාල ඇවිත් අවුරුදු පහක් බැන බැන ඉදල ආයෙත් චන්දෙ දවසට ගිහින් උන්ටම චන්දෙදාන රටක
⭕ තමන් දවසට හම්බකරන මුදලින් බාගයකටත් වඩා බදු විදියට රජයට දීල උඩ ඉන්න උන් ඒව හොරා කද්දි අපි හම්බකරොත් අපි කනව කියන්න තරම් අබුද්දිමත් මිනිස්සු ඉන්න රටක
⭕ උඩ පුටුවල ඉන්න උන්ගෙ ණය ගමේ පැලේ ඉපදෙන්න ඉන්න ලමයටත් ලක්ෂ ගානක් ගෙවන්න වෙන රටක
⭕ ජපානයේ, ඉන්දියාවෙ වාහන හදන කම්පැනි උපයන මුදලටත් වැඩිය රේගු බදු හරහා ඒ වාහන වලින් මුදල් උපයන ආණ්ඩුවක් තියෙන රටක
දේශපාලනය ගැන හිත හිතා ඉදල වැඩක් නෑ සහෝදරයා. මේ රට හැමදාම තුන්වෙනි ලෝකයේ සංවර්ධනය වන රටකි කියලම තමයි උබලගෙ දරුවොන්ගෙ දරුවන්ටත් කියන්න වෙන්නෙ. ඊට ලේසියි “මේ රට සංවර්ධනය නොවෙන රටකි” කිව්වනම්. මේකට පිලියම් දෙකයි තියෙන්නෙ.
✔️1) එක්කො හම්බකරගෙන කාල පිනක් දහමක් කරගෙන ජීවත් වෙන එක.
✔️2) මේ රටෙන් එලියට ගිහින් ලෝකෙ ඇත්ත තත්වය අත්විදින එක.
මේ රට හදන්න පුලුවන් කියල දගලන උන්ට වෙන්නෙ හැමදාම එකතැන ඉන්න. අන්තිමට රටට උන දේකුත් නෑ තමන්ට කරගනිපු දේකුත් නෑ. තම තමන් ගැන හිතල දාර්මිකව තම තමන් හැදුනොත් රටම හැදෙයි. මේ රටේ ඉපදීමෙන් ලැබුන එකම භාග්යය තෙරුවන් සරණ ගිය භෞද්ධයෙකු වීම පමනයි. ධර්මපාලතුමාටත් එපා උනානම් අපට කවර කතාද
✍️ මලිත් මධුශංක

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!