කාන්දමක් කීවේ හරි ගැඹුරු දෙයක්.මේ විශ්වයේ ජීවත්වෙන හැම සතෙකුගේම අවශ්යතා ඉෂ්ඨකරගැනීම පිණිස ලබා දී ඇති උතුම්ම බල ශක්තිය තමා ආකර්ෂණ බල ශක්තිය.
කාන්දමක ධර්මය ආකර්ෂණය හා විකර්ෂණයයි.ආකර්ෂණය කියන්නේ ළංකරගැනීමයි,විකර්ෂණය කියන්නේ ඈත් කිරීමයි.මොළය ශරීරයට අවශ්ය කාන්දම් ශක්තියට හා අවශ්ය විදුලිය නිෂ්පාදනය කරයි.මොළය හා ස්නායු පද්ධතිය විදුලිය හා කාන්දම් බලශක්තිය සිරුර පුරා සම්ප්රේෂණය කරවයි.
අපට අවශ්ය දේ ළංකර ගැනීමට නම් මේ කාන්දම අවශ්ය කාරණයට ආරෝපණය කල යුතුයි.අපේ අවශ්යතාවය අනුව මේ කාන්දමේ ආකර්ෂණ බලය අවශ්ය දේ වෙතට පමණක් ක්රියාත්මක කරන අරුමයයි පුදුමය…එය කරන්නේ චිත්ත ශක්තිය හෙවත් අවධානය යොමු කිරීමෙන්.
ආරෝපණය කිරීම යනුවෙන් අදහස් කළේ පුරුදු කිරීමයි.ඔබට අවශ්ය යම් දෙයක් ලබා ගැනීමට,යම් තත්වයකට පත් වීමට,යම් දෙයක් කිරීමට හෝ යම් රටකට හෝ ස්ථානයකට යාමට අවශ්ය නම් ඒ අවශ්යතාවය ඉෂ්ඨකරගැනීමට ඉතා පහසුයි.ඔබේ සෑම අවශ්යතාවයක්ම ඔබේ මොළය සාධාරණයැයි දකී.ඒවා සිදුකිරීම මොළය විසින්ම සිදු කරයි.
අවශ්ය වන්නේ අඩු දේකි.
අවශ්යතාවය යනු අඩුවක් නිසා ඇතිවන හැගීමකි.තමන්ට අඩු දේ පැහැදිලි වූ පසු අවශ්යතාවය තීව්ර වෙනවා.තීව්ර වූ අවශ්යතාවය ඉටු කරගැනීමට ආශාවක් ඇති වෙනවා.තීව්ර ආශාවක් ඇති වුණාම අපි ඒ ආසා දේ ගැන කතා කරන්න ගන්නවා.තමුන් ආසා දේ නිතරම කියවනකොට ඒක මන්තරයක් වෙනවා.මංතරය හැම වෙලේම කියවද්දී අපේ ස්නායු මණ්ඩලයම ඒ ආසාව වෙනුවෙන් හැඩ ගැහෙනවා.තමුන්ගේ මුළු ශරීරයම තම අවශ්යතාවයෙන්,එම ආශාවෙන් ආරෝපණය වුණාම අවශ්ය දේ අප වෙතට උදා වෙනවා.
උපුටා ගැනීම: Sudeera Thennakoon