ඔයා ආදරය කරන කෙනාව සිප ගැනීමෙන් ඔයාට සහ ඔයාගෙ සහකරුට හොඳ හැඟීමක් ඇති වෙනවා වගේම ඔයාලා අතර තියන බැඳීමත් ශක්තිමත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, සිප ගැනීම මගින් සෞඛ්‍යමය වාසි රැසකුත් ලැබෙනවා. උදාහරණයක් විදිහට, ඔයාට හිසරදයක් ඇති වුණාම ඔයාගෙ ආදරණීයයා සිප ගැනීමෙන් යම්තාක් දුරට වේදනාව අඩු කරගන්න පුලුවන්.
සිප ගැනීම අපේ සෞඛ්‍යයට කොයි තරම් හොඳද කියලා ඔයාට පැහැදිලි කරන්නයි අද අපි සූදානම් වෙන්නෙ. දැන් අපි බලමු සිපගැනීමකින් ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා.
01. ධමනිවල සෞඛ්‍ය සම්පන්න බව වැඩි වීම

බොහෝ විට සිප ගන්නා පුද්ගලයින්ගේ කොලෙස්ටරෝල් මට්ටම අඩු බව අධ්‍යයනයකින් හෙළි වෙලා තියනවා. ඔයා සිප ගන්න විට ඔයාගෙ ශරීරය ඔක්සිටොසින් වැඩි ප්‍රමාණයක් නිපදවීමට පටන් ගන්නවා. මේ හෝමෝනය ආතතිය සහ කාංසාව දුරු කිරීමට උපකාරී වන අතර එමඟින් කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැංවීමටත් උදව් වෙනවා. ඒ වගේම සිප ගැනීම ඔයාගෙ රුධිර පීඩනය අඩු කිරීමටත් උපකාරී වෙනවා.
02. ආසාත්මිකතාවලට දක්වන ප්‍රතික්‍රියාව අඩු වීම

සිප ගැනීම මගින් මානසික ආතතිය අඩු කරන අතර ධනාත්මක සිතුවිලිවලින් ඔයාව පුරවනවා. එමඟින් අසාත්මිකතා අඩු කර ගන්න පුලුවන්. කොහොම වුණත්, ඔයාගෙ සහකරු ඔයාට ආසාත්මිකතාවයක් ඇති දෙයක් ආහාරයක් අරගෙන තිබුණොත් එමගින් ආසාත්මිකතා ප්‍රතික්‍රියාවක් වෙන්න පුලුවන් බවත් මතක තබා ගන්න ඕන.
03. මුහුණට තරුණ පෙනුමක් ලැබීම

සිප ගන්නා විට මුහුණේ මාංශ පේශි විශාල ප්‍රමාණයක් සම්බන්ධ වන නිසා ඒක ඔයාගෙ මුහුණට හොඳ ව්‍යායාමයක් වෙනවා. සිප ගැනීමක් මගින් විනාඩියකට කැලරි 26 ක් දක්වා දහනය කරගන්නත් පුලුවන්. සිපගැනීමෙන් ඔයාගෙ මුහුණේ රුධිර සංසරණය වැඩි වෙන නිසා, මුහුණට තරුණ පෙනුමක් ලබා ගැනීමට උපකාරී වන කොලජන් සහ ඉලාස්ටීන් නිපදවීමත් වැඩිදියුණු වෙනවා.
04. හිසරදය හෝ කැක්කුම් අඩු වීම

හිසරදයක් හෝ මාසික වේදනාවක් තියන වෙලාවක සිපගැනීමෙන් වේදනාව සමනය කර ගැනීමට උත්සාහ කිරීම හොඳ ක්‍රමයක්. සිපගැනීමෙන් ඔයාගෙ රුධිර වාහිනී ප්‍රසාරණය වෙලා රුධිර පීඩනය අඩු වෙන නිසා වේදනාව අඩු කර ගන්න පුලුවන්.
05. දත් කුහර ඇතිවීමේ ඉඩ අඩු වීම

සිප ගැනීමෙන් කෙල නිෂ්පාදනය වැඩි වන අතර එමඟින් ඔයාගෙ දත් හානිකර බැක්ටීරියා වලින් ආරක්ෂා කර දත් දිරායාම වළක්වනවා. කෙල වල තියන ඛනිජ අයන දත් එනමලයේ ඇති කුඩා තුවාල පවා යථා තත්වයට පත් කිරීමට උපකාරී වන බව විශේෂඥයින් කියනවා. කොහොම වුණ්ත්, සිප ගැනීමේදී කුහර ඇති වෙන්න හේතු වෙන බැක්ටීරියාත් සම්ප්‍රේෂණය වෙන්න පුලුවන් නිසා ඔයාගෙ වගේම ඔයාගෙ සහකරුගේ මුඛ සෞඛ්‍යය හා සනීපාරක්ෂාව ගොඩක් වැදගත් බව මතක තබා ගන්න.
06. සිරුරේ බර අඩු වීම

සිප ගැනීම, ශරීරය වැඩිපුර ඩොපමයින් නිපදවීමට හේතු වෙනවා. ඔයාගෙ ශරීරයේ මෙම හෝමෝනය අඩුවෙන් පවතිනවා නම් ඔයාට ආහාර රුචිය වැඩ්පුර ඇතිවෙන්න පුලුවන්. ඒ කියන්නෙ, සාමාන්‍යයෙන් ඔයාට සෞඛ්‍යයට අහිතකර හා වැඩිපුර කැලරි අඩංගු යමක් ආහාරයට ගැනීමට අවශ්‍ය විය හැකි බවයි. ඒ වගේම, ඔයා ඒවා ආහාරයට ගැනීමෙන් පසුව වුණත්, කෑවා ඇති කියලා හිතෙන්නෙ නැතිවෙන්නත් පුලුවන්. වැඩි ඩොපමයින් ප්‍රමාණයක් මගින් ඔයාගෙ ආහාර රුචිය පාලනය කිරීමට සහ බර වැඩිවීම වැළැක්වීමට උපකාරී වෙනවා.
07. නිදිමත ගතිය අඩු වීම

ඩොපමයින් හෝමෝනය අපේ ශරීරයේ ශක්ති මට්ටමටත් බලපානවා. ඔයාගෙ ඩොපමයින් මට්ටම අඩු නම් ඔයාට මහන්සියක් දැනෙන අතර වෙනදාට වඩා වැඩි නින්දක් අවශ්‍ය වෙනවා. සිප ගැනීමෙන් ඩොපමයින් මට්ටම වැඩි වෙන නිසා නිතර නිදිමත සහ මහන්සි ගතිය ඇතිවෙන්නෙ නෑ.
උපුටා ගැනීම: adobae