හොද පණිවිඩයක්… 

ඔහු බ්රසීලයේ ධනවත්ම හා බලවත්ම පුද්ගලයකු වන තානේ චික්වින්හෝ ස්කාර්පා…
ඔහු දවසක් ඔහුට අයත් ඩොලර් මිලියනයක් පමණ වටිනා ඔහුගේ බෙන්ට්ලි කාර් එකක් භූමිදාන කිරීමට සැලසුම් කරන බව ප්රසිද්ධියේ ප්රකාශ කලා…
ඔහු එසේ කරණුයේ මරණින් මතු ඔහුගේ ජීවිතය වඩාත් සුඛෝපභෝගි ලෙස ගමන් කිරීම සදහා බව ප්රකාශ කලා…
මේක බොහෝ මාධ්ය අවධානයට ලක් වූ අතර අතිශය පුදුම සහගත නිසා සමාජයේ විවිධ විවේචන වලටද ලක් උනා…
ඔහු මෙම මෝටර් රථය පුණ්ය කටයුතු සඳහා පරිත්යාග නොකරන්නේ ඇයි..?
ඇයි මේ පුද්ගලයා යථාර්ථය ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැත්තේ..?
විවිධ විවේචන එල්ල උනා…
එහෙත් ඔහු ඒ කිසිවක් ගනන් නොගෙන මෝටර් රථය භූමිදාන උත්සවයේ සංවිධාන කටයුතු ඉදිරියට කරගෙන ගියා…
නමුත්… ඔහුගේ එම ක්රියාවේ යම් පෙරළියක් තියෙන බව ඔහු පෙන්නුවා…
දිනය උදාවුනා…
මෝටර් රථය පොලවේ වැලලීමට මොහොතකට පෙර ඔහු සිය අව්යාජ චේතනාව රටට හෙළි කලා… ඒ තම ශරීර ඉන්ද්රියන් පරිත්යාග කිරීමේ වැදගත්කම පිළිබඳ මුළු රටම දැනුවත්භාවය ඇති කිරීමෙන්…
ඔහු මෙසේ සදහන් කලා… “මෙම බෙන්ට්ලි මෝටර් රථය එහෙමත් නැත්නම් මේ ඩොලර් මිලියනය භූමදාන කිරීමට මට අවශ්ය වූ නිසා මිනිසුන් මාව හෙළා දකිනවා.
ඇත්ත වශයෙන්ම මේ රටේ, මේ ලෝකයේ බොහෝ දෙනෙක් මේ මගේ මෝටර් රථයට වඩා වටිනා දේවල් දිනපතා නිකන්ම පොලොවට භූමිදාන කරනවා…”
“ඔවුන් ඔවුන්ගේ හදවත්, අක්මාව, පෙනහළු, ඇස්, වකුගඩු නිකන්ම පොලොවට භූමදානය කරනවා… මේක මහ විකාරයක්… “
මේ අවයවයන් නොමැතිව බද්ධ කිරීමක් බලාපොරොත්තුවෙන් බොහෝ දෙනෙක් මරණය අභියස බලාගෙන ඉන්නවා…
ඒත් ඔබ ඔබේ වටිනා අවයව අන් අයෙකුට නොදී, ඔවුන්ට බද්ධ කිරීමක් නොකර භූමිදානය කරනවා…
ඔබ දන්නවාද..? “ඔයාලා නිකන්ම භූමදානය කරන ඔබේ ඔය සෞඛ්ය සම්පන්න අවයව වලින් බොහෝ වටිනා ජීවිත බේරා ගත හැකි බව…”
උපුටා ගැනීම අන්තර්ජාලයෙන්..
මූලාශ්‍රය: Ranjani Indi