අපි ඕන තරම් දැකලා තියෙනවා ඇපල්, දොඩම් වගේ වෙළඳපොලේ විකිණීමට ඇති පළතුරු වල ස්ටිකර්ස් අලවා තියෙනවා. මේවායේ ඇති දීප්තිමත් ලාංඡන හැරුණු විට ඩිජිටල් PLU කේතයක් (හෝ මිල බැලීමේ කේතය) ද තිබෙනවා. මෙම ස්ටිකර්ස් ඇලවීම මගින් පලතුරු නිෂ්පාදකයින් දැන්වීම් පළ කිරීමට උත්සාහ කරනවා පමණක් නොව, ඔවුන් අපට වැදගත් පාරිභෝගික තොරතුරු ද මෙම ස්ටිකර්ස් වලින් ලබා දෙනවා. අපි අද ඔබට අරගෙන එන්නේ මෙම පළතුරු වල අලවා එවන ස්ටිකර්ස් වලින් අපට රැගෙන එන පණිවිඩ මොනව වගේද කියලා.
01. අංක 3 හෝ 4 සමඟ ආරම්භ වන ඉලක්කම් හතරක කේතය

ස්ටිකරයේ අංක හතරක් පමණක් තිබේ නම්, එයින් අදහස් කරන්නේ පලතුරු (හෝ එළවළු) නවීන කෘෂි විද්‍යාත්මක ශිල්පීය ක්‍රම මගින් නිපදවන ලද බවයි – බහුල පොහොර හා පළිබෝධනාශක ද ඇතුළුව.
02. අංක 8 න් ආරම්භ වන ඉලක්කම් පහක කේතය

ඔබ මෙම ස්ටිකරය අලවා ඇති පළතුරු ජානමය වශයෙන් වෙනස්කොට ඇත. දිගින් දිගටම බොහෝ ආන්දෝලනයට තුඩු දෙන GMO ආහාර මෙවායි. කොමඩු, කෙසෙල් සහ පැපොල් යනු බොහෝ විට ජානමය වශයෙන් වෙනස් කරන ලද පලතුරු වර්ග බව පර්යේෂණවලින් හෙළි වී තියෙනවා.
03. අංක 9 න් ආරම්භ වන ඉලක්කම් පහක කේතය

ඔබ මේ ආකාරයේ කේතයක් දුටුවහොත් එයින් අදහස් වන්නේ අපේ මුතුන් මිත්තන්ගේ පැරණි ගොවිතැන් ක්‍රම භාවිතා කරමින් එම පළතුරු වගා කර ඇති බවයි: ඔවුන්ගේම දෑතින් හා කිසිදු රසායනික ද්‍රව්‍යයකින් තොරව නිෂ්පාදනය කොට ඇති මෙම පළතුරු කාබනික නිෂ්පාදනය.
04. පලතුරට PLU කේතයක් නොමැති නම්

බොහෝ අය ස්ටිකර් අලවා නොමැති පලතුරු සොයා ගැනීමට උත්සාහ කරනවා. නමුත් මෙය සැබවින්ම භයානක විය හැකියි. පිටරටින් ආනයනය කරන පලතුරු සෑම විටම මේ ආකාරයෙන් ලේබල් කළ යුතුය. ලේබලයක් නොමැති නම්, එය නිශ්චිත හේතුවක් නිසා ඉවත් කර තිබිය යුතුය.
Preview photo credit flickr
උපුටා ගැනීම: Ceylon journal