සුපිරි වෙළඳසැලකින් සෞඛ්‍ය සම්පන්න ආහාර තෝරා ගන්නකොට, අපි හැම වෙලාවෙම අපිට වගේම අපේ පවුලේ අයටත් හොඳම දේවල් මිලදී ගන්න උත්සාහ කරනවා. ඒත් පර්යේෂණවලින් පෙන්නුම් කරන්නෙ වඩාත් සාමාන්‍ය ආහාර පවා භයානක විය වෙන්න පුලුවන් බවයි.
අද අපි ඔයාට කියන්නෙ අපි කවදාවත් නොහිතපු ආහාර කිහිපයකින් අපේ ශරීරයට හානි කරන ආකාර ගැනයි. ආහාර පිසින්න කලින් හොඳින් ඒවා පිරිසිදු කිරීමෙන් වගේම විශ්වාසදායී තැනකින් මේ නිෂ්පාදන මිලදී ගන්න පුරුදු වුණොත් මේ ලෙඩ රෝගවලින් බේරෙන්න ඔයාටත් පුලුවන්.
01. සලාද කොළ

සලාද කොල, මේ වෙනකොට වැඩිපුරම විෂවෙන ආහාරයක් කියලා හොයාගෙන තියනවා. වසංගත 363 ක් සඳහා එය වගකිව යුතු අතර විෂ වීම් පිලිබඳ ගොඩාක් සිදුවීම් වාර්තා වෙලත් තියනවා. ඒ නිසා කොයිතරම් හොඳට ඇසුරුම් කරලා තිබුණත්, සලාද කොල ආහාරයට ගන්න කලින් ආයෙත් හොඳින් සෝදන්න.
02. බිත්තර

ආසාදිත කුකුළන්ගේ බිත්තර මගින් ඇති වෙන සැල්මොනෙල්ලා ආසාදනය විශේෂයෙන් ළමයින්ට, වැඩිහිටියන්ට සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අයට අනතුරුදායක වෙන්න පුලුවන්. ඒ නිසා බිත්තරයක් කඩන්න කලින් බිත්තර කටුව හොඳින් සෝදා පිරිසිදු කරන්න.
03. චිකන්

උයපු නැති කුකුල් මස් වල මිනිසෙකුට ආසාදනය කිරීමට ඇති තරම් කැම්පිලොබැක්ටර් බැක්ටීරියා තියනවා. මේ බැක්ටීරියා මගින් උණ සහ ආමාශ ආශ්‍රිත ගැටළු ඇති කරනවා. අපි මස් සෝදනකොට මස්වල තියන බැක්ටීරියා අපේ අත්, ඒප්‍රන් ආදිය මත ගෑවෙන නිසා මේ බැක්ටීරියාව කුස්සිය පුරාම ඉක්මනින් පැතිරෙනවා. මේ රෝගටෙන් ආරක්ෂා වෙන්න නම් කුකුල් මස් කපනකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕන. කුකුල් මස් කැපුවට පස්සෙ ලෑල්ල සහ පිහිය උතුරන වතුරෙන් සෝදනවා නම් ගොඩක් හොඳයි.
04. ටූනා

මාළු වැරදි ආකාරයෙන් ෆ්‍රිජ් එකේ ගබඩා කලාම, ඒවායේ ස්කොම්බ්‍රොටොක්සින් කියන විෂ සහිත ප්‍රෝටීනයක් හැදෙනවා. එමගින් සමේ කැක්කුම, වමනය, බඩේ කැක්කුම, පාචනය, හෘද ස්පන්දන වේගය වැඩි වීම සහ පෙනීම නැති වීමට වගේ දරුණු තත්ව ඇති වෙන්නත් ඉඩ තියනවා.
ඒ නිසා ටූනා ෆ්‍රිජ් එකේ තියනකොට වාතය ගැටෙන්න ඉඩ දෙන්න එපා. හොඳින් ඇසුරුම් කරලා තමයි ෆ්‍රිජ් එකට දාන්න ඕන. ෆ්‍රිජ් එකේ ශීතකරණයේ පහළම රාක්කයේ ඇසුරුම් කරපු ටූනා ගබඩා කරලා තියන්න.
05. චීස්

චීස් වල විෂ රසායනික ද්‍රව්‍ය නැති වුණත්, නිෂ්පාදනය කරනකොට ඕනෑම පියවරකදි විෂ වීමට හේතු වන ක්ෂුද්‍ර ජීවීන් චීස් වලට ඇතුල් වෙන්න පුලුවන්. නිෂ්පාදනයේදී රෝගී සතුන්ගේ පැස්ටරීකරණය නොකළ කිරි භාවිතා කරලා තිබුණොත්, එමගින් ඔයාට බෘසෙලෝසිස් සහ ලෙස්ටීරියෝසිස් වගේ බැක්ටීරියා ආසාදනය වෙන්න පුලුවන්. ඒ නිසා විශ්වාසවන්ත නිෂ්පාදකයින්ගෙන් පමණක් චීස් මිලදී ගන්න.
06. සොසේජස් සහ මස් නිෂ්පාදන

පර්යේෂණයන්ට අනුව, සොසේජස් සහ අනෙකුත් මස් නිෂ්පාදනවලින්, ඊ.කෝලි සහ ලිස්ටීරියෝසිස් සහ සැල්මොනෙල්ලා වගේ රෝගකාරක ක්ෂුද්‍ර ජීවීන් ආසාදනය වෙනවා. වයස්ගත පුද්ගලයින්, ගර්භනී කාන්තාවන්, අලුත උපන් දරුවන් හා වයස අවුරුදු 1 ට අඩු ළමයින්ට ලෙස්ටීරියෝසිස් ගොඩක් භයානකයි. එමගින් ඔවුන්ගේ ස්නායු පද්ධතියට හානි කිරීමට හා මෙනින්ජයිටිස් රෝගය හැදෙන්න පවා ඉඩ තියනවා.
07. ඇඹරූ මස්

ඇඹරූ මස් වල ඊ.කෝලි, සැල්මොනෙල්ලා සහ ලිස්ටීරියා වගේ රෝගකාරක ක්ෂුද්‍ර ජීවී කොටස් තියන බව වෛද්‍යවරු හොයාගෙන තියනවා. ඒ නිසා අඹරාගත් මස්වලින් තුනී පැතලි මස් කැබලි සාදා ඒවා ෆ්‍රයි කිරීම වඩා හොඳයි.
08. මුහුදු ආහාර කොක්ටේල්

අධ්‍යයනවලින් පෙනී යන්නේ මේ ආකාරයේ ආහාර වල ඕනෑවටත් වඩා යීස්ට් අඩංගු වන බවයි. ඒ කියන්නෙ සී ෆුඩ් කොක්ටේල් නිෂ්පාදනයේදී සනීපාරක්ෂක ප්‍රමිතීන් වලට එරෙහිව ඒවා නිෂ්පාදනය කරන බව හොයාගෙන තියනවා. ඒ නිසා අයිස් සහිත ශීත කළ මුහුදු ආහාර පමණක් ආහාරයට තෝරා ගන්න.
09. සෝඩා

තරබාරුකම හා අක්මාව හානිවීම හැරුණු විට, සෝඩා පානය කිරීමෙන් ඉවත් වීමට තවත් හේතුවක් තියනවා. මොකද සෝඩා මගින් ඔයාගෙ අස්ථිවලට හානි සිදුකරනවා. සෝඩා වල පොස්පරික් අම්ලය සහ කැෆේන් යන දෙකම අඩංගු වෙනවා. එයින් අස්ථිවල ඝනකම (BMD) අඩු කරන නිසා අන්තිමට ඔස්ටියෝපොරෝසිස් ඇති වෙන්න ඉඩ තියනවා.
උපුටා ගැනීම: adobae