අධ්‍යාපනය කියන්නෙ බලවත්ම මෙවලමක් කියලා අමුතුවෙන් කියන්න ඕන වෙන්නෙ නැහැ.අපි සිහින දකින ලෝකයට යන්න දොරගලු විවර කරන යතුර වෙන්නෙ අධ්‍යාපනයයි. ලෝකයෙ ඕනම පහත් තත්ත්වයක සිටින කෙනෙක්ට පවා ලොව බලවත්ම තැනක් දක්වා උසස් වීමට අවශ්‍ය පාලම තැනෙන්නෙ අධ්‍යාපනය ඔස්සෙයි. දැන් කෙනෙක්ට හිතෙන්න පුලුවන් නිසි අධ්‍යාපනයක් නැතිව සාර්ථක වුන අය ලොව කොතෙක් ඉන්නවාද කියලා.ඔව් අද ඒ ගැන තමයි මේ ලිපියෙන් කතා කරන්න යන්නෙ.
-
ඔයාට සාර්ථක වීමට උනන්දුවක් තියෙන්නම ඕන.
ඉස්සෙල්ලම ඔයාට ඔයාගෙ ජීවිතය සාර්ථක කරගන්න දියුණු වෙන්න බලවත් උනන්දුවක් තියෙන්නම ඕන. ඇස් දෙක පියාගෙන ටිකක් හිතලා බලන්න අනාගතයෙ දවසක ඔයා ජීවිතය ගැන පසුතැවිල්ලෙන් ,දුකෙන් හරිම අමාරුවෙන් ඉන්න විදිය.ටිකක් බය හිතෙනවා නේද ? දැන් ඒත් ඒක්කම මවාගන්න ඔයා,ඔයාගෙ සිහින සැබෑ කරගෙන හරිම සතුටින්,සැහැල්ලුවෙන්, තමන් සිහින මවපු ලෝකය තුල ජීවත් වෙන විදිය.ඔයාගෙ අම්මා තාත්තාට ඔයා රජ සැප දීලා ඒ අයව සතුටින් බලාගන්න විදිය.ඒ අය ඔයා ගැන දවසක නොසෑහෙන්න ආඩම්බර වෙන විදිය..
තමන්ගෙ සිහින අනාගතය තමයි තමන්ට වැඩ කරන්න උනන්දුව සපයන ඉන්ධනය වෙන්නෙ.තමන්ගෙ අනාගතය සාර්ථක කරගන්න නම් ඒ ගැන ඉස්සෙල්ලම පැහැදිලි චිත්‍රයක් හිතෙ තියෙන්න ඕන.දැන් ඔයාට පුලුවන් ඒ තැනට යන්න වැඩ කරන්න උනන්දු වෙන්න.

-
එක දෙයක් හරියට තෝරාගන්න.
සමහර අය, දියුණු වෙලා ඉන්න කෙනෙක්ව දැකලා එයා තෝරගෙන තියන ක්ෂේත්‍රය තමන්ටත් හොදයි කියලා තෝරගන්නවා.ඒ වුනාට ටිකක් කල් කරගෙන යනකොට හිතෙනවා අපරාදෙ මම මේක කරන්න තෝරගත්තෙ මට මේකට ටිකක්වත් ආස හිතෙන්නෙ නැහැ කියලා.ඒ වගේ තමන් අකමැති විෂයක්, රැකියාවක් ,ව්‍යාපාරයක් කව්රුත් කරනවා දැක්කට ,කාගෙවත් කීමකට තෝරාගන්න එපා.හොදට මතක තියාගන්න ඔයාගෙ ජීවිතයෙන් වැඩි කාලයක් ගත කරන්න වෙන්නෙ ඒ තෝරාගැනීමත් එක්ක කියලා.ඉස්සෙල්ලා කියපු විදියට කව්රුත් කියන දෙයක් අහලා කව්රුත් කරනවා දැකලා දේවල් තෝරාගැනීම මම නම් දකින්නෙ ඔයාගෙ ජීවිතය නිස්කාරනෙ නාස්ති කරගැනීමක් විදියටයි.
කාලය අරගෙන හොදට හිතන්න මම ඇත්තටම මොනවටද ආස කියලා.හරිම ආසාවෙන් ඉගෙනගන්න පුලුවන් , රැකියාවක් විදියට කරන්න ආස මොනවටද කියලා ටිකක් හිතන්න. මේ ආසාව කැමැත්ත ඔයාගෙ ඇගෙන්ම එන්න ඕන දෙයක්.ඔයාට මේ ලෝකයෙ ඉහලම තැනකට යන්න ඕන නම් තමන්ගෙ ආසම දෙයක් තෝරගන්න එක ගොඩාක් වටිනවා.මොකද ලසිත් මාලිංග ක්‍රිකට් වෙනුවට සින්දු කියන්න ගියා නම් අද වෙනකොට ඒ සුපිරි චරිතය ගැන අහන්න දකින්න වෙන්නැතිවෙන්න පුලුවන්.තමන්ගෙ හැකියාව, ආසාව කියන දෙකම ඒ නිසා ගොඩාක් වැදගත් වෙනවා.
-
හොද අධ්‍යාපනයක් ලබන්න.
අධ්‍යාපනය සාමාන්‍යයෙන් ක්‍රම 2කකට සිදු කරන්න පුලුවන්. මේ ලෝකයෙ සාර්ථක වුන හැම කෙනෙක්ම මේ කියන ක්‍රම 2න් එක්කො එක විදියක් නැත්තම් ක්‍රම 2ම භාවිතා කරලයි ඒ තැන් වලට ගිහින් ඉන්නෙ. ඒ තමයි,
(1) විධිමත් අධ්‍යාපනය
(2) අවිධිමත් අධ්‍යාපනය

(1) විධිමත් අධ්‍යාපනය
ඔයා විශ්ව විද්‍යාලයකට,පාසලකට, උසස් අධ්‍යාපන ආයතනයකට ගිහින් කරන අධ්‍යාපනය විධිමත් අධ්‍යාපනයක් කියලා හදුන්වන්න පුලුවන්.හොද දැනුමක් අරගෙන බය නැතිව ඕනම තැනක රැකියාවක් ලබාගන්න නම් විධිමත් අධ්‍යාපනය ගොඩාක්ම වැදගත් වෙනවා.මම අහලා තියනවා කතාවක් ‘ උගතෙක් දුප්පතෙක් කරන්න අමාරුයි ‘ කියලා.අපෙ ලංකාවේ විදියට නම් මේ කතාව ඇත්ත වෙන්න පුලුවන්. විධිමත් අධ්‍යාපනයෙන් ඔයාට ලැබෙන ප්‍රතිලාභ, ඒ කියන්නෙ සහතික, උපාධි ,ඩිප්ලෝමා වලට පුලුවන් ඔයාව යම්කිසි ක්ෂෙත්‍රයකට වැඩදායී ස්ථාවර මනුස්සයෙක් කරන්න.
(2) අවිධිමත් අධ්‍යාපනය
හරියට අධ්‍යාපනයක් නැතිව පවා ලෝකයෙ හැමෝම අභිබවමින් සාර්ථක වුන මිනිස්සු අධ්‍යාපනය අරගෙන තියෙන්නෙ මේ විදියටයි.මගෙ මතයට අනුව හරිහැටි අවිධිමත් අධ්‍යාපනය භාවිතා කලොත් විධිමත් අධ්‍යාපනයට වඩා මහා සාගරයක් වගෙ තියන දැනුම, කුසලතාවය කියන මේ හැමදෙයක්ම සීමාවක් නැතිව අරගන්න පුලුවන්. තමන් උනන්දු වෙන ක්ෂේත්‍රය ගැන තියන පොත්පත්තර කියවන්න ඕන, ඒ ක්ෂේත්‍රයෙ ඉහලටම ගිය අය එක්ක කතාබහා කරලා අත්දැකීම් අරගන්න ඕන, තමන්ගෙ උත්සාහයෙන් ප්‍රායෝගික පුහුණුව ගන්න ඕන, අලුත් විදියට හිතන්න ඕන, අලුත් වැඩක් කරන්න උත්සාහ කරන්න ඕන, තමන් තනියම විවිධ ක්ෂේත්‍ර ඔස්සෙ අධ්‍යනයන් කරන්න ඕන.මේ විදියට උනන්දුවෙන් කැපවීමෙන් අවිධිමත් අධ්‍යාපනය ගත්තොත් අදාල ක්ෂේත්‍රයෙන් ලෝකයෙ ඉන්න ඉහලම ප්‍රවීණයෙක් වෙන්න ඔයාට අනිවාර්යයෙන්ම පුලුවන් වෙනවා.
මම නම් ලංකාවේ ඉන්න අපෙ නංගිලා මල්ලිලාට කියන්නෙ මේ ක්‍රම 2ටම තමන්ට පුලුවන් උපරිමයෙන් ඉගෙනගන්න කියලයි.