ඔබේ දරුවා ට නිතරම කේන්ති එන්නේ ඇයි ? මේ සදහා ප්‍රතිකාර තිබේ ද ?….. (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
” මගේ දරුවා ගොඩක් දඩබ්බර වෙලා , කියනදේ ටිකක්වත් අහන්නේ නැහැ . මේ දරුවා ට අපලයක් ……”
මෙසේ කියනා බොහෝ දෙමාපියන් අද සමාජයේ බොහෝ ය.
මා මුණගැසී මනෝ උපදේශන හා මනෝ ප්රතිකාර ලබා ගන්නට දෙමාපියන් විසින් රැගෙන එන වයස අවුරුදු 3 ,4 , 5, වයසේ දරුවන් බොහොමයි. එම සමහර දරුවන් ගේ කරේ යන්තර නූල් හා ගල් බැදි පන්චායුධ පලදවා ඇත.
” මේ දරුවා කියන්දේ අහන්නෙම නැහැ . එපා කියනදේමයි කරන්නේ , කොච්චරවත් උඩ නගිනවා, ගෙදර බඩු කඩලා දානවා , දරුවා ගුටිකන එකෙත් සීමාවක් නැහැ . කරන්න පුළුවන් හැමදේමත් කරලා තමයි බැරිම තැන මෙතෙන්ට ආවේ නෝනා “
මේ විදිහට තමයි මේ දරුවන් රැගෙන එන දෙමාපියන් කතා කරන්නේ ……..
දරුවා ට මෙහෙම වෙන්න මොකක්ද ?…
කොතනද දෙමාපියන් ට වැරදුනේ …….
මීට වසර 5 ට පමණ කලින් මා මුහුණ දුන් සිද්ධියක් මෙසේ සටහන් තබමි…..මාගේ කාර්යය මන්ඩලයේ සේවයේ නියුතු මා ඔහු සිසිර නමින් හදුන්වම් . සිසිර ඒ දිනවල අසනීප තත්ත්වයෙන් පසුවූ බැසින් අප කාර්යය මන්ඩලයේ කිහිප දෙනෙක් සිසිර ගේ නිවසට ගියේ ඔහුගේ දුකසැප සොයා බැලීමටය. ඔහුට වයස අවුරුදු 4 පමණ පුන්ච් දරුවකු සිටියේ ය. ඔහු පිරිමි දරුවෙකි . අපි නිවසට ගොඩ වැදී සිසිර සමග කතා බහේ යෙදුනේය. සිසිර ගේ පුන්ච් පුතා ඇවිත් අපි දෙස බලමින් ඔහු කෙරෙහි අවධානය දිනාගන්නා අටියෙන් ජනේලය මතට ගොඩ වැදී හයියෙන් සින්දු කියන්න ගත්තා පමනි. සිසිර දරුවා හයියෙන් අල්ලා බිමට බස්සා තම බිරිඳ ට මේ ලමයා අරන් යන ලෙස අනකලා. දරුවා ගේ ඇතුලේ අඩනවා. ටික වෙලාවකින් ඇඩිල්ල නතර විය . දරුවා දොර රෙද්දෙන් එහා පැත්තේ සිට අපි දෙස බලා නැවතත් ගෙට දුවයි.
ටික වෙලාවකින් සෙල්ලම් කාර් එකක් අපි ඉදිරියට ගෙනවිත් බූම්…බූම්..කියමින් සද්දෙන් එහා මෙහා කරන්නට විය. එතකොට ම සිසිර දරුවා ට කෑ ගසා
” ආයෙත් ආවද මෙතෙන්ට කෙහෙල් මලක් අරන් , ඕක අරන් යන්න යි කිව්වේ නැත්නම් මම ගහනවා ඕක පොලවේ “
එතකොට ම දරුවා කාර් එක කෑලි කෑලි වලට කැඩිලා යන්න පොලොවේ ගැසුවේ ය. සිසිර දරුවා ගේ කණ මිරිකා ගෙට ගොස් තරවටු කරන හඩක් ඇසුනේ ය . මට සිසිර ට මේ කරන්නේ තමා ලොකු වරදක් බව පෙන්වා දෙන්න අවශ්ය වුනත් එය ඊට සුදුසු වාතාවරණයක් නොවුනි .
පැය බාගයක් පමණ ගතවිය . සිසිර ගේ බිරිඳ විසින් සන්ග්රහයක් සූදානම් කලාය. අයිසින් මල් යෙදා අලන්කාර කේක් එකක් කපා සන්ග්රහය පිනිස මේසය මත තැබුවාය.
” අප්පච්චි ….මල් කේක්…”
කියමින් දුවගෙන ආ දරුවා කේක් කෑල්ලක් ගන්න සූදානම් විය . සිසිර ආයෙමත් ..
ඒයි….ඒයි …..
කියා හයියෙන් කෑගසුවේය. දරුවා ගේ කේන්තිය වැඩි වී ගියේ ය . දරුවා කේක් කෑල්ලක් අතට ගෙන එය බිමට දමා පාගන්නට විය . මේ අවස්තාවේ සිසිර දරුවාගේ පාදයට පහරක් ගසා තම පියාට දරුවා ටික වේලාවක් කොහේට හෝ රැගෙන යන ලෙස අන කලේය .
“දරුවන් ගේ වරදක් දැක්ක තැන දඩුවමක් දෙන්න ඕනෑ”
යි කියමින් සිසිර ක්රියා කලාපය නිවැරදි යැයි අපිට ඒත්තු ගැන්වීය .
ටික කලකින් සිසිර ගේ මේ ක්රියා කලාපය වෙනස් කරන්නට මට හැකියාව ලැබීම සතුටට හේතුවක් විය .
————————————————————————
“ළමයා යනු ළමකි “………..
මෙසේ කියන්නේ රූසෝ නම් දාර්ශනිකයා විසිනි . සැබැවින්ම එය සැබෑවකි . දරුවා ට වැඩිහිටියන් කරන දේ වැදගත් නැත . දරුවා ට වැදගත් වන්නේ තමා කරනදේ පමනි . දරුවා උඩ නගින්න කැමතියි . ගල් විසිකරන්න කැමතියි . පිරිස් ඉදිරියේ තමාගේ හැකියාව පෙන්වීමට කැමතිය. ඒ ඔවුන්ට අවධානය දිනා ගැනීම පිණිසය . දරුවකු හා වැඩිහිටියකු අතර විශාල පරතරයක් ඇත . මෙය බොහෝ වැඩිහිටියන් තේරුම් නොගන්නා කරුනකි….
—-” එපා …….කියන වචනය කිසිවිටෙකත් දරුවා ට භාවිත නොකරන්න ………
පුන්ච් දරුවන් ට වැදගත් වන්නේ තමා කරනදේ පමනි. වැඩිහිටියන් මෙය මනාව තේරුම් ගත යුතුය . ….එපා….කියන වචනය රිනාත්මක වචනයකි. මෙය භාවිත නොකල යුත්තකි . ඔබේ දරුවාට ධනාත්මක අණක් ලබා දෙන මවක් පියෙක් විය යුතුය . මෙය දරුවා ට මුල් අවදියේ සිටම භාවිත කල යුතුය .
….එපා …යනු රිනාත්මක අනක් වෙනුවට ධනාත්මක ආරක්ෂාකාරි පරිසරයක් දෙමාපියන් විසින් දරුවා ට ලබා දිය යුතුය . නිතරම උස් ස්තානවලට දරුවා නගින්න කැමතියි නම් එතනට මෙට්ටයක් වැනි යමක් දමා දරුවා ආරක්ෂා කරන්න . එසේම දෙමාපියන් කව්රරුහරි එතන රැදෙන්න. එවිට වැඩිහිටියන් සමග එම ක්රියාකාරකම කල යුතු බව දරුවා වටහා ගනී.
පිරිසක් ඉදිරියේ දරුවා ගේ ක්රියාකාරකම් පෙන්වනවා නම් දෙමාපියන් එයට ඉඩ ලබා දි දරුවා දිරිමත් කරන්න . දරුවා අගය කරන්න . ඒ අවස්ථාව තරම් වටිනා ධනාත්මක අවස්ථාවක් ඔබේ දරුවා ට නැත . එය අනාගතයේ සුභසිද්ධියට බෙහෙවින් බලපානු ඇත .
දරුවා කිසිවිටෙකත් බය කරන්න එපා . යකා එනවා , බිල්ලා එනවා …ආදී අදහස් කිසිවිටෙකත් දරුවා ට නොකියන්න. එය දරුවා ගේ පවුරුෂට බෙහෙවින් ම බලපෑම් එල්ල කරනු ලබයි .
පවුලේ සියලුම දෙනා එක මතයක සිටිය යුතුය . බොහෝ වෙලාවට දෙමාපියන් තම දරුවා ට ලබා දෙන අවවාද වලට වඩා වෙනත් අවවාද ආච්චි ලා සීයලා ලබා දෙයි. මෙවැනි අවස්ථාවකදී දෙමාපියන් කෙරෙහි ඇති විස්වාසය පලුදු වේ.
දෙමාපියන් දරුවා තේරුම් ගත්තේ නම් කිසිවිටෙකත් ඔබේ දරුවාට කේන්ති එන්නේ නැත . ඔබ ඔබේ දරුවා නිතරම අගය කරන්න . වෙනත් දරුවන් සමග සන්සන්දනය නොකරන්න . දරුවා සමග කාලය ගත කිරීමට යොමුවෙන්න. නිතරම දෙමාපියන් දරුවා සමග ආගමික වතාවත්වල යෙදෙන්න. නිතරම දරුවා ට සත්ය දේ පමනක් පවසන්න…….ඔබට මෙවැනි ගැටලු ඇතිනම් මාගේ සහය පතන්න….
                         ජේෂ්ඨ මනෝ විද් යා උපදේශිකා හා මනෝ චිකිත්සක

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!