ගොඩක් වෙලාවට අපේ ශරීරයේ තියන අපි නොදන්න ගැටළු හෝ රෝගාබාධ ගැන, අපේ ශරීරයෙන් අපිට අනතුරු ඇඟවීමේ සංඥා ලබා දෙනවා. අපේ දිවත් ඒ වගේමයි. ඔයාගෙ සෞඛ්‍ය තත්වය ගැන ඔයාගෙ දිවෙනුත් ගොඩක් දේවල් පෙන්නුම් කරනවා. ඒවාගෙන් සමහරක් අපිට ගොඩක් හානිකර නැතත් මුඛ පිළිකා වගේ භයානක තත්වවලට අදාල අනතුරු ඇඟවීම් පවා අපේ දිවෙන් අපිට කියනවා. ඒ නිසා දිවේ යම්කිසි වෙනසක් දැක්කොත් වෛද්‍යවරයෙක් හමුවෙලා මේ ගැන උපදෙස් ගන්න එක ගොඩක් වටිනවා.
ඉතින්, අපේ සෞඛ්‍යය ගැන දිවෙන් පෙන්වන අනතුරු ඇඟවීම් මොනවද කියලා නිම්නයේ අපි හොයලා බැලුවා. කවදහරි ඔයාටත් මේ ලක්ෂණ ඇති වෙලා තියනවද බලන්නකෝ.
01. දිව ස්ට්‍රෝබෙරි රතු පැහැයක් ගැනීම

ඔයාට ප්‍රමාණවත් තරම් විටමින් නොලැබෙන බවට සංඥාවක් විදියට තමයි දිව ස්ට්‍රෝබෙරි පාට වෙන්නේ. දිව දිලිසෙන හෝ ස්ට්‍රෝබෙරි රතු පාටක් ගන්නවා නම්, ඒකෙන් කියන්නෙ ඔයාට ප්‍රමාණවත් තරම් යකඩ හෝ විටමින් බී 12 නොමැති බවයි. ටික කලක් යනකොට, දිව වඩාත් සුමට වෙලා ගොඩක් රස අංකුර සුමට වෙන්නත් ඉඩ තියනවා. මේ තත්වය දරුණු වුණාම, උණුසුම් බීම හා කුළුබඩු සහිත ආහාර අනුභව කරනකොට දැඩි වේදනාවක් ඇතිවෙන්න පුලුවන්. ඒ නිසා මේ වගේ තත්වයක් දැක්කොත් වෛද්‍යවරයක් හමුවෙලා ඔයාගෙ ආහාර වේල ගැන ආයෙත් සලකා බලන්න.
02. දිවේ කළු හෝ දුඹුරු මැලියම් ඇතිවීම

දිවේ කළු හෝ දුඹුරු පාට මැලියම් ඇති වෙන එක මගින් තරමක් බියජනක පෙනුමක් ලැබෙනවා. ඒත් ගොඩක් වෙලාවට එහෙම වෙන්නෙ නරක සනීපාරක්ෂාව, දුම්පානය හෝ කෝපි හෝ කළු තේ පානය කිරීම වගේ දේවල් නිසයි. එහි ප්‍රතිඵලයක් විදියට, මුඛයෙන් අප්‍රසන්න සුවඳක් ඇති වෙන්න පුලුවන්. ඒ වගේම රස විෂමතා (රස හඳුනා ගැනීමේ දුෂ්කරතා) ඇති වෙන්නත් පුලුවන්. මේ තත්වය වළක්වගන්න ඔයාට මුලින්ම කරන්න තියෙන්නෙ, මැලියම් ඇති කරන නරක පුරුදු අත්හැරලා, දිනපතා දත් මදිනකොට දත් විතරක් නෙවෙයි දිවත් හොඳින් මදින එකයි.
03. සුදු පාට මැලියම් ගොඩක් තිබීම

දිවේ සුදු පාට මැලියම් ගොඩක් බැඳෙන්නෙ යීස්ට් ආසාදනයක හෝ කැන්ඩිඩියාසිස් වල සංඥාවක් විදියටයි. කැන්ඩිඩා ඇල්බිකන්ස් අධික ලෙස වැඩෙන විට මේ මැලියම් දකින්න ලැබෙනවා. ඒ වගේම එය නිරෝගී පුද්ගලයෙකුගේ මුඛයේ තියන යීස්ට් වලින් සමන්විත වෙනවා. ප්‍රතිජීවක, දියවැඩියාව, දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් හෝ අධි රුධිර පීඩනය වගේ හේතු නිසා ඕනෑවට වඩා සුදු මැලියම් ඇති වෙන්න පුලුවන්. හොඳම දෙ තමයි වෛද්‍යවරයකු හමුවීම.
04. දිවේ ඇතිවෙන ඉරිතැලීම්

අපි වයසට යනකොට අපේ දිවත් වයසට යනවා. සාමාන්‍යයෙන් දිවේ මෙහෙම ඉරිතැලීම් ඇති වෙන්නෙ වයස්ගත වීමත් එක්ක. මේ ඉරිතැලීම් වලින් හානියක් වෙන්නෙ නැති වුණත් ඔයා දත් මදින්නේ නැත්නම්, ආසාදනයක් ඇතිවෙන්න පුලුවන්. එතකොට ඉරිතැලීම තුළම දිලීර ආසාදනයක් වර්ධනය වෙලා දැඩි වේදනාවක් හා පිළිස්සීමක් ඇති කරනවා. මේ සඳහා විශේෂ බෙහෙත් තියනවා. ඒ වගේම දත් බද්ධ කිරීම් වැරදි ආකාරයෙන් සිදුකර ඇත්නම්, දිවේ ඉරිතැලීම් ඇති වෙන්න පුලුවන්.
05. දිවේ කුඩා සුදු ලප

සමේ කෝපයක් ඇති කරන බවක් තමයි මේ වගේ ලපවලින් පෙන්නුම් කරන්නෙ. උදාහරණයක් විදියට, දිව මත නිරන්තරයෙන් ඇතිල්ලෙන දතක් මෙයට හේතු වෙන්න පුලුවන්. ඒත් ගොඩක් වෙලාවට මේ වගේ ලප ඇතිවෙන්නෙ දුම් පානය කරන අයගේ සෛල වැඩි වීමෙන්. මේ සෛල වලින් 5% සිට 17% දක්වා පූර්ව සෛල විය හැකියි. සති කිහිපයක් ඇතුළත ලප අතුරුදහන් වුණේ නැත්නම්, වෛද්‍යවරයකු හමුවීම හා අවශ්‍ය සියලු පරීක්ෂණ සිදු කරගන්න එක ගොඩක් වැදගත්.
06. රතු ලප සහ බිබිලි

දිගු කලක් තිස්සේ තියන රතු ලප හා බිබිලි ඇත්තටම බරපතල රෝගයක ලක්ෂණයක් වෙන්න පුලුවන්. ගොඩක් වෙලාවට ඒවා දිව පිළිකාවට සම්බන්ධ වෙනවා. ඒ නිසා වහාම වෛද්‍යවරයකු හමුවෙන්න ඕන.
07. දිවේ ඇතිවන දැවිල්ල

ගොඩක් වෙලාවට කාන්තාවන්ට ඔසප් වීම සිදුවෙන දවස්වලට දකින්න ලැබෙන ලක්ෂණයක් තමයි මේ. සැලකිය යුතු හෝමෝන වෙනස්කම් නිසා තමයි මේ තත්වය ඇති වෙන්නෙ. විශේෂයෙන් ඔසප් වීම ආරම්භ වූ වහාම මේක සුලබ ලකුණක්. ඔයාට මේ ගැටළුව තියනවා නම්, වෛද්‍යවරයා හමුවෙන එක සුදුසුයි. දිවේ දැවිල්ල ඇති වෙන්න තවත් හේතුවක් තමයි වැරදි දන්තාලේප භාවිතා කිරීම. මොකද සමහර අය සමහර අමුද්‍රව්‍ය වලට ආසාත්මිකතා දක්වනවා.
08. ගැටිති සහ වළවල් ඇතිවීම

මේක පොඩ්ඩක්වත් භයානක නෑ. ඒත් හරිම දුර්ලභ ලක්ෂණයක්. ඔයාට කිසිම වේදනාවක් දැනෙන්නෙ නැත්නම්, කරදර වෙන්න හේතුවක් නෑ.
09. වේදනාකාරී තුවාල

ඔයාගෙ දිවේ වේදනාකාරී තුවාල තියනවාද? මේක ළමුන් අතර බහුලව දකින්න ලැබෙන රෝගයක් වන මුඛ කුෂ්ඨයේ සංඥාවක්. ඒත් වැඩිහිටියන්ගෙන් 20% කටත් මේ විදියේ තුවාල ඇති වෙනවා. ඒකට හේතු වෙන්නෙ උගුරේ ආතතිය හා දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතිය. ඒවා සාමාන්‍යයෙන් සති 2 ක් තුළ අතුරුදහන් වෙනවා. එහෙම නැති වුණොත්, වෛද්‍යවරයකු හමුවෙන්න ඕන. ඒ වගේම, ඔයාට හොඳ විවේකයක් තිබිය යුතු අතර සෞඛ්‍යය ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි.
උපුටා ගැනීම: adobae