එක්සත් ජනපදයේ හමුදාව ඇත්ත වශයෙන්ම ඒ රටට වඩා පැරණි බව ඔයා මීට කලින් දැනගෙන හිටියද? එක්සත් ජනපද හමුදාව, මුලින්ම මහාද්වීපික හමුදාවෙන් ආරම්භ වූ අතර වරක් එහි නායකයෙකු ලෙස ජෝර්ජ් වොෂිංටන් කටයුතු කර තිබෙනවා. ඒ වගේම, එක්සත් ජනපදයේ හමුදාව වගේ සංස්ථාපිත ආයතනයකට එයාලටම අනන්‍ය වුණු නීති රීති හා පුරුදුත් තියනවා.
රටට සේවය කරන හමුදා නිලධාරීන් භාවිතා කරන වැඩ පහසු කර ගැනීමේ ක්‍රම සහ ඔවුන් අනුගමනය කරන විවිධ විශේෂ දේවල් 11ක් ගැනයි අද අපි ඔයාට කියන්නෙ.
01. නෑමේදී මුත්‍රා කිරීම.

ස්නානය කිරීමේදී මුත්‍රා කිරීම සමහර නිවෙස් වල මතභේදාත්මක මාතෘකාවක් වුණත්, වෛද්‍ය ප්‍රජාවට අනුව එමගින් මලල ක්‍රීඩකයන්ගේ කකුල් ආරක්ෂා කරන බව කියනවා.
02. ටේප්වලින් විළුඹ එතීම
හමුදා සපත්තු කකුල්වලට අපහසුතා ඇතිකරලා බිබිලි හෝ ලප ඇතිවෙන්න පුලුවන්. ඒ නිසා දිගු වේලාවක් දිගු දුරක් දුවන්න වෙනවා නම් සපත්තුවේ වැඩිපුරම ගෑවෙන කකුලේ කොටස ඩක් ටේප්වලින් ආවරණය කරන්න.
03. ලේස් ගැට ගැසීම.
විශාල සපත්තු ලේස් දිගු වේලාවක් ලිහෙන්නෙ නැතුව තියාගන්න නම්, ගැටේ මැද චලනය නොවන පරිදි ලේස් එක දිගේ ගැට කිහිපයක් දමන්න.
04. මැක්සි පෑඩ්වල ප්‍රයෝජන.
හදිසි අවස්ථාවකදී පුද්ගලයෙකුගේ තුවාල වලින් ලේ ගැලීම වැළැක්වීම සඳහා කාන්තා මැක්සි පෑඩ් භාවිතා කරනවා. තුවාලය මත මැක්සි පෑඩ් එකක් තබා පටියකින් බැඳ තබන්න. ඒ වගේම යටි පතුල්වලින් ගලන දහඩිය උරා ගැනීම සඳහා සපත්තු ඇතුළට මැක්සි පෑඩ් දමන්න.
05. සීනි පවුඩර් කිරීම.
සීනි කුඩුවලින් තුවාල වැසීමෙන් බැක්ටීරියා බෝවීම වැළැක්විය හැකි බව ඔයා දන්නවාද? අධික සීනි ප්‍රමාණයක් නිසා බැක්ටීරියා වලට ජීවත් වීමට අපහසු වෙනවා. ඒ නිසා තුවාලයක් වුණාම බරපතල ප්‍රධමාධාර ලබාදෙන තුරු, සීනි කුඩු හෝ සීනි පේස්ට්වලින් තුවාලය ආවරණය කරන්න.
06. දුවද්දි අඳින කලිසම්වල ප්‍රයෝජන.
දිවීමේදී අඳින තද කලිසම් කියන්නෙ විලාසිතාවක් හෝ දිවීමේදී භාවිතා කරන දෙයක් විතරක්ම නෙවෙයි. ඒවා මගින් ඕනම අඩු උෂ්ණත්වයක් යටතේ වුවත් ඔයාව උණුසුම් කරනවා.
07. දියමන්තියක් වගේ දීප්තියෙන් බබළන්න.
සොල්දාදුවන්ගේ දිලිසෙන සපත්තු ගැන වැඩි අවධානයක් යොමු වෙනවා. ඔවුන් ඒ සඳහා සපත්තු හෝ බූට්ස්වල සපත්තු ෂයින් හොඳින් ආලේප කරලා විනාඩි 10-15 අතර කාලයක් තියනවා. ඉන්පසුව ලයිටරයක්, ගිනිදැල්ලක් හෝ තාප තුවක්කුවක් මගින් ආවරණය කර ඇති ස්ථානයට ගොස් එය දිලිසෙන ආකාරය බලන්න පුලුවන්. අන්තිමටම පිරිසිදු හා තරමක් තෙත රෙදි හෝ කඩමාල්ලක් භාවිතා කර සපත්තුවේ මතුපිට ඔප දමන්න.
08. කමිස යට කිරීම.
මේක ඉතින් ඔයාගෙ වෙඩින් එකේදි අත්හදා බලන්න තරම් හොඳ දෙයක් නෙවෙයි. හැබැයි, තරමක් ඇඟට ලොකු ෂර්ට් එකක් අඳිනකොට ඔයාටත් මේ උපක්‍රමය භාවිත කරන්න පුලුවන්.
09. ගිනි ඇති කරන උපකරණය.
සාමාන්‍යයෙන් අපි මිල අධික ගිනි නිවන උපකරණ මිල දී ගන්නෙ කඳවුරු බැඳීම සඳහා හෝ බාබකියු දැල්වීම සඳහා විතරයි. කපු බෝලයකට වැස්ලින් ආලේප කිරීම යම් මුදලක් ඉතිරි කරගෙනම, ගින්නක් ඇති කළ හැකි ක්‍රමයක් ලෙස භාවිතා කරන්න පුලුවන්.
10. ෆලෝ කරන අය ගැන දැනගන්න.
වාහනයක් ඩ්‍රයිව් කරමින් ඉන්නකොට කවුරුහරි ඔයාව ෆලෝකරනවා කියලා හිතෙනවා නම්, පිට පිට හැරීම් 4 ක් එකවර සිදු කරන්න. ඒත් ඒ වාහනය ඔයාගෙ පස්සෙන්ම එනවා නම් වහාම ළඟම ඇති පොලිස් ස්ථානය වෙත යන්න.
11. ඇඳන් සෑදීමේ කලාව.
නිදාගන්න ඇඳ හරියට සකස් කිරීමට මුදා ක්‍රමය භාවිතා කරන්න පුලුවන්. රූපයේ පෙනෙන පියවරවලට ඇඳේ රෙද්ද යට කිරීමෙන් නිවාගන්න ඇඳ පිළිවෙලට හදා ගන්න හැකියි.
උපුටා ගැනීම: adobae