ඔබේ ශරීරයට “විටමින් ඌණතාවක්” බවට පළවන ඉඟි (සෞඛ්ය හා යෝග්යතාව)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
🐼ලස්සනට වගේම නිරෝගී ඉන්න නම් අපේ ශරීරයට විවිධ පෝෂක කොටස් අත්යාවශ්යයි.මේ අතර විටමින් කියන්නේ ඉතාම වැදගත් දෙයක්.මේ විටමින් කියන්නේ ඔබ ඔබේ ශරීරයට බාහිරින් ලබාදිය යුත්තක්.එය ඔබ ගන්නා ආහාර පාන හරහා සිදු කරන්න පුළුවන්.
නමුත් අද බොහෝ දෙනා පුරුදු වෙලා ඉන්නේ විටමින් වර්ග පෙති ගිල දැමීමට.මේක ඒ තරම්ම හොඳ දෙයක් නෙවේ.මාත්රාව ඉක්මවූ අවස්ථාවක එය ඔබට අනතුරක් කරන්නට සමත්.ඒ නිසා ඔබ ගන්නා ආහාර මඟින් ඔබේ විටමින් අවශ්යතාව සමබර කිරීමට සැළකිලිමත් වීම ඉතාම වැදගත්.
🍒ශරීරයට අවශ්ය විටමින් ප්රමාණවත් නොවීම අපි හඳුන්වන්නේ විටමින් ඌණතාවය ලෙසයි.මේ විටමින් ඌණතාවය ඔබේ ශරීරයේ විවිධ ප්රතික්රියා හරහා ඔබට දැනුම්දීම් සිදු කරනවා.
😟විටමින් ඌණතාව හඟවන ලක්ෂණ
🍁දත් රෝග
දත් රෝග ඇති වීමට හේතුව වන්නේ විටමින් D වල මඳ බවයි.
විටමින් D , කැල්සියම් සහ පොස්පරස් අඩංගු ආහාර ලබා ගැනීමෙන් මෙම ගැටළුව විසඳා ගත හැකියි.
කිරි ආහාර, රතු සහල්, තක්කාලි, බෝංචි, මාළු, දොඩම් සහ මිදි වර්ග වැඩිපුර ආහාරයට ගන්න.
🍁අතපය හිරිවැටීම
මෙවැනි තත්වයක් ඇති වන්නේ ඔබේ සිරුරේ B6, B12 සහ B9 (ෆෝලික් අම්ලය) ආදි පෝෂක වල හිඟතාවය නිසායි.
සිරුරේ සෛල වලට රුධිරය මඟින් සැපයෙන ඔක්සිජන් ප්රමාණය සීමා වීමක් මෙහිදී සිදු විය හැකියි.
බෝංචි, දොඩම්, මාළු ඇතුළු මුහුදු ආහාර සහ කුකුළු මස් ආහාරයට වැඩිපුර එක් කර ගන්න.
කට වටා සමේ ඇති වන පැලීම්
මෙසේ වීමට හේතු වන්නේ විටමින් B3, B2, සහ B12 වල හිඟතාවය නිසායි.
මේ වෙනුවෙන් කුකුළු මස්, සැමන් මාළු, බිත්තර, බෝංචි සහ ඇට වර්ග ආහාරයට එක් කර ගන්න.
මීට අමතරව විටමින් C අඩංගු ආහාරත් ලබා ගන්න. එය සිරුරට යකඩ උරා ගැනීමට උදව් කරනවා.
🌼මුහුණේ ඇතිවෙන පලු
මේ තත්වය ඇති වීමට හේතුව වන්නේ සිරුරේ බයෝටීන් හිඟතාවයයි.
මේ ගැටළුව විසඳා ගැනීම සඳහා ඔබට පුළුවන් චීස්, හතු, අර්තාපල්, තැම්බූ බිත්තර, නිවිති හා මල්ගෝවා ඔබේ ආහාරයට වැඩියෙන් එක් කර ගන්න.
ස්වභාවික ආහාර මඟින් බයෝටීන් සපයා ගැනීමට අමතරව, බයෝටීන් අඩංගු පෝෂණ අතිරේක ලබා ගන්න.
🍁කෙණ්ඩා පෙරලීම
නිතර නිතර ඔබේ කෙණ්ඩා පෙරළෙනවා නම්, එය ඔබේ සිරුරේ තිබිය යුතු කැල්සියම්, මැග්නීසියම් සහ පොටෑසියම් ආදි පෝෂක ගුණ මඳ බව හඟවන සංඥාවක් විය හැකියි.
ඇතැම් විට මෙය සිදු වන්නේ අධික ලෙස වෙහෙසීම හා ක්රීඩා කිරීම නිසා සිරුරේ අඩංගු මිනරල් වර්ග දහදිය හරහා පිට වීම නිසායි.
මේ වෙනුවෙන් ඇට වර්ග (ආමන්ඩ්, හේසල්නට්), වට්ටක්කා, කෙසෙල් සහ ඇපල් වැඩිපුර ආහාරයට ගන්න.
🍁ඇසේ සුදු ඉංගිරියාව කහ පැහැති වීම
මෙවැනි තත්වයක් ඇති වන්නේ විටමින් B12 අඩු වූ විටයි.
මේ සඳහා කුකුල් හෝ හරක් පීකදු, කිරි, සැමන්, බලමාළු සහ එළු මස් ආහාරයට එක් කර ගන්න.
උකුලේ සහ අත් මතුපිට ඇති වන තඩිස්සි වීම්
🌼මෙසේවන්නේ සිරුරේ විටමින් A, විටමින් D සහ මේද අම්ලයේ හිඟතාවය නිසයි.
මේ සඳහා ඔබ වැඩිපුර සැමන් මාළු හා ඇට වර්ග ආහාරයට ගන්න.
විටමින් A බහුල කැරට් ආදී එලවලුත් ඔබේ බත්පතට එක් කර ගන්න
උපුටා ගැනීම : Suwa arana

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!