මේක පොඩි කතාවක්. කලිසම දැක්කම මතක් උනේ
කැම්පස් එකේ ඉන්නකොට මොකක් හරි ප්රසන්ටේශන් එකකට ජෙන්ඩ ගහන්න උනා. මට පොඩි අවුලක් තීනව ශර්ට් එකක් අඳිනවනම් ලොවෙත් වෙස්ට් එකක් ඕනෙමයි. නැත්නම් හෙළුවෙන් ඉන්නව වගේ ෆීලිං එකක් එන්නෙ. මගෙ වෙලාව කියන්නෙ හොස්ටල් එකට ඇඳුම් ගේනකොට කරුමෙට වෙස්ට් එකක් ගේන්න අමතක වෙලා. රෑම් එකේ ඉන්න අනිත් උන්ගෙන් ඉල්ලල වැඩක් නෑ උන් ඉන්නකොට මම ෆෑන් එකවත් වේගෙන් දාන්නෙ නෑ උන්ව හුළඟට ගහගෙන යයි කියල බයට. ඒ තරම් ඇඟ පත තීන ඩයල්ස් 3ක් හිටියෙ. මොනව කරන්නද ඉතින් ගියා කටුබැද්දෙ හන්දියට සෙනිකව, ෆැශන් බග් එකට ගිහින් ගන්නව කියල හිතාගෙන.
කටුබැද්දට ගියාට මොකද ෆැශන් බග් එකට යන්නනම් කිලෝමීටරයක් විතර පයින් යන්න ඕනෙ. කම්මැලිකම වැඩි නිසා පට ගාල ඔළුවට ආව k zone එකේ ඔඩෙල් එක. ඔන්න ඔහේ ගිහින් බලල අඩුවට තිබ්බොත් ගන්නව කියල හිතාගෙන ගියා ඔඩෙල් එකට.
ඔය රෙදි කඩවල් වල මටනම් තීන මහ එපාම කරපු සීන් එක තමයි ඕවයෙ කස්ටමර් ස’විස් එක. ඕවයෙ ඇතුලට ගිය වෙලාවෙ ඉඳන් මොකෙක් හරි එකෙක් වටේ කැරකෙනව හරියට අපි උගෙ කඩේ කඩන්න ආව වගේ. මේකෙත් ගිය ගමන් කොල්ලෙක් කඩාගෙන බිඳගෙන ආව මොනවද සර් බැලුවෙ ගාගෙන. ඌටම කියල ගෙන්නගන්නව කියල හිතාගෙන
“මචන් මට සෙට් වෙන වී කොලර් වෙස්ට් එකක් දියන්”
කොල්ල ඉතින් සෑහෙන වෙලාවක් අරගෙන කොහෙදෝ මන්ද තිබිල වෙස්ට් එකක් වගේ ටී ශර්ට් එකක් අරන් ඇවිල්ල ඔහොම අහනව
“වෙස්ට් නෑ නෙ සර්. මේ වගේ එකක් හරියන්නැද්ද?”
හැබැයි අවුලකුත් නෑ වගේ. ප්රසන්ටේශන් එකට යටින් ඇඳල ඊට පස්සෙ උඩින් අඳින්න බැරියෑ. ඒක මටත් සෙට් උන නිසා ගාන එච්චර අවුලකුත් නැති නිසා අරන් කවුන්ටරේට එනකොට අම්මටහුඩු මෙන්න යකො පට්ට සන්ග්ලාස් වගයක් තීනව
මට ඉතින් ෆුල් ආතල්. කාලයක් තිස්සෙ හොය හොය හිටපු මොඩ්ල් එකක් හම්බුනාම තීන සතුට මයෙ අම්මේ. අපිට ඉතින් කෙල්ලොන්ට වගේ පැය ගනන් ඕව දදා බලන්න දෙයක් නෑ නෙ. සෙනික ගත්ත කවුන්ටරේට දුන්න බිල් කලා.
ඔන්න දැන් මට පේනව බිල වැටෙනව 36000 ගානක්. පට ගාල මීටර් උනා පුතේ වැඩේ. කටේ කෙලත් හිඳුන ගාන දැකල. ඔක්කොටම හපන් කවුන්ටරේ ඉන්නෙ පට්ට කෑල්ලක්. හොඳම එකෙන් නෝන්ඩි වෙන්නයි යන්නෙ. මොනව කරන්නද ඉතින් හෙමීට ඇහුව මිස් සන්ග්ලාස් එකේ ගාන කීයද කියල.
“35,500 සර්”
“මල මගුලයි. ඕක අයින් කරල දාමු නේද”
ඒකි බැලුව බැලිල්ලක් නිකන් පොශ් නෝන කෙනෙක්ගෙන් හිඟන්නෙක් සල්ලි ඉල්ලගෙන ආවම දෙන මූඩ් එකෙන් මං දිහා. මාත් ඉන්නව ඉතින් සාන්ත බල්ල වගේ හිනාවක් දාගෙන අසරණ වෙලා.
“මේ අයිටම් එක අයින් කරන්නද ඕනෙ”
“ඔව්”
“අයින් කරන්න බෑනෙ මහත්තයො”
“ඒ ඇයි”
“බිල් කරල ඉවරයිනෙ දැන්. මේකට පේ කරන්නම වෙනව”
මොන මගුලක්ද යකෝ මේ ගෑණි කියනව බිල් කරල ඉවරයිලු. අයින් කරන්න බෑමලු. නෝන්ඩිය නෙමේ දැන්නම් හොඳම එකෙන් මල පැන්න. ගත්ත පර්ස් එක එළියට. මේසෙ උඩින් තිබ්බ 1000ක්.
මේ මිස්. මගෙ අතේ තීන්නෙ මෙච්චරයි. මිස්ට ඕන්නම් ඕක අරගෙන ඔය දෙකම දෙන්න. නැත්නම් කැමති එකක් දෙන්න. නැත්නම් ඔය දෙකම දෙන්න මම පස්සෙ වෙලාවක ඉතුරු සල්ලි ගෙනල්ල දෙන්නම්.
ඔය දුන්නෙ ලස්සනට වෙස්ට් එක විතරක් ඔතල ඉතුරු ගානත් එක්කම. ඔන්න ඔහොමයි සාන්ත අපි ඔඩෙල් ගිහින් රෙදි නැතිව එළියට ආවෙ.
එදායින් පස්සෙ k zone ගියත් ඔඩෙල් එක දිහාවත් බැල්වෙනම් නෑ. ඕව අපිට ගැලපෙන රෙදි කඩ නෙමේ

උපුටා ගැනීම: Bhagya Chathuranga