එකල අ.පො.ස.(සාපෙ) අවසන් වී වසන්තය එලැඹුණා පමණි. ඒක නිසා සැට් එකම වසන්තය කොහෙද ඉන්නෙ, ඌ කාගෙ දරුවෙක්ද දැනගැනීමට නිතර පාසැලට පැමිණියෙමු.
After O/L ප්රථම රාජකාරිය ට්රිප් එකක් කරගැනීමට අමතක නොකරන්න කියලා ඇඩ් එකකත් කියන නිසා ප්ර.තා.කු. ටීචටත් පාසලේ සශ්රීක පොළොවටත්, අල්ලපු වැටේ විශාල වත්තටත් පිං සිදුවන්නට කෙසෙල්, පොල් වල සමාදර දායකත්වයෙන් නුවරඑළියේ සිසිලස විඳගත්තෙමු. එකෙක් ගෙදරට කඩේ යනවැයි කියා පැමිණ තිබුණි. ඌ මඟ හරියෙන් ෆෝන් බොක්ස් එකකින් ගෙදරට අමතා සිනාසෙමින් පැමිණියේය. “ඇයි බං” ඇසූ විට ඌ කීවෙ විස්තරේ කීවම අම්මා “තොගෙ අම්මට” කියා බැන්නාය කියාය. එතැන් සිට ට්රිප් එකේ විස්තර රැඟුම් පාලක සභාවෙන් ඉවත් කරන ලදී.
ටික දවසක් ඉස්කෝලේ පැත්තේ නොගියේ කෙසෙල් වලත් අළු වගේ යමක් කරේ තැවැරී තිබිය හැකි නිසාවෙනි.
ඉස්කෝලේ සංවත්සරය උත්කර්ෂවත්ව සැමරෙන බව අපිටද සැල විය. එය අපට සැල නොවීමට පාසලෙන් උත්සාහ කලද සැලම විය. එකල Vehicle parade, පයින් යන පැරේඩ් නැතිය. පාසලෙන් ආගමානුකූල පෙරහැරක් සංවිධානය කර තිබුණි.
පාසැල ගැන ජාත්යාලයක් අප හදේ බුර බුරා නැගුණි. අපෙත් නියෝජනයක් මේ සඳහා තිබිය යුතුය. ඒකමතික තීරණය විරෝධතා රහිතව සම්මත විය.
අනෙක් අංග සඳහා සංවිධායක කමිටුවේ මූල්ය දායකත්වය ලැබුණද අපිව පලාතකට වද්ද ගත්තේ නැත. සුන්දර කඳු මුදුනක පිහිටි අප පාසලේ පිවිසුම් දෙකකි. පඩිපෙළ කෙලවර TT room එක අපගේ මෙහෙයුම් මධ්යස්ථානය විය. ඒ අසල හිඳිමින් පාසැල් නිමවී එන සිසු සහෝදරයින්ගෙන් දායකත්ව මුදල් එකතු කලෙමු. පෙරහැරක් නොවැ, පිනක් නොවැ. චේතනාව හොඳය. සල්ලි නැති සිසුනට මුදල් අතින් දී පිටත් කලෙමු. හෙහ්ඃපිස්සුද? ඒ කෑල්ල බොරු ඈ. අපේ උං කවුරුත් සරදියෙල් ගේ ඥාතී නෙවෙයිනෙ.
ඔයින් මෙයින් එකතු කල සල්ලි වලින් අලි ගේන්න කතාවය. අන්තිමේ මොලගොඩට ගොස් මුට්ටි 10ක් ගෙනාවෙමු. අනික් උන්ට සාපේක්ෂව මම හෙන කලාකරුය,**අහිංසකයායා**. එක එකාගෙ රික්වෙස්ට් මත ඔලුබක්කන් ඇඳලා අවසන් උනේ පෙරහැරට ඔන්න මෙන්න කියාය.ගැලපෙන්නට ඇඳුම්,මේකප් එහෙමත් ලෙසටම දැමුණි.
මූණුවලට ගැලපෙන්න ඇඳුනුත් ඇඳගෙන බොන්ගො එකත් කරේ බැඳගෙන සැට් එක අර කියපු ප්රධාන පිවිසුමේ පෙරහැර ආරම්භක ස්ථානයට පිවිසෙන විට සංවිධායක මණ්ඩලයේත් ගුරු මණ්ඩලයේත් ඇස් උඩ ඉන්ඳවිණි.
අපිට පෙරහැර පෙල ගැස්මේ තැනක් නැතිබව දැනගත් අපේද ඇස් උඩ ඉන්දවිණි. වැඩේ සද්භාවෙන්නෙ කලේ. ඒත් ඉතිං උන්දැලාට සෘද්ධි බලේ නෑනෙ අපි මෙහෙම අඩව්වකට සූදානම් වෙනවයි කියලා. රහස් පොලිස් බලු ගේමක්නෙ ගැහුවෙ.
අපි සමාජෙන් කොන් විය. බලාපොරොත්තු කණ්ඩනය විය. වේගයෙන් මෙහෙයුම් මැදිරිය අසලට රැස්වී ඉදිරි සැලසුම කෙටුම්පත් කෙරිණි.
වෙස් නැටුම්, ලී කෙලි, වඩිග පටුන, මොකක්ද අර වේවැල් පැටලෙන අඤ්ඤකොරොස් නැටුම, භක්ති ගීත කණ්ඩායම එහෙම පිළිවෙලකට යද්දි ඒ අතර පොඩි උන්ගේ නැටුමක් අතරට අපේ නැටුමද ස්වර්ණජයන්ති පාර අසලිදී අනොෆීසියලි ස්ථානගත විය.
එතැන් සිට මීටර් 50 පමණ ඉදිරියට ඇදෙන පෙරහැරේ ජනමනස කැලඹූ, ඇසූ පිරූවන් අමන්දානන්දයට පත්කර අයිටම් එක අපේය. අපේ දෙන්නෙක් බොන්ගෝ එකත් එක්ක තියෙන්නෙ ජන්මාන්තර බැඳීමකි. තඩි බාද්දී ඉතා කන් කළුය, ඉමිහිරිය, කනට සූකිරි දමා කොටනවා වැනිය. අනික් උන් දුම්මල වරම ගත්තා සේ නටති. මුට්ටිවල හිල් විදගත්තේ හෙන අමාරුවෙනි. ඒවයෙන් මෙලෝ මලදානයක් පේන්නේද නැත. එක එකා හැපෙමින් පස්වනක් ප්රීතියෙන් නටති.
මුල හරියේ දෙපස සාධුකාර දෙමින් බලා සිටි හුදී ජනයාද නිකංම නැටවෙයි. අපිට හෙන ප්රීතිය. එක සෙනික අපේ මියුරු පසුබිම් වාදනය මොහොතකට නතර විය. පිටිපස්සට හැරුණු අපේ එකෙක් වාදක මණ්ඩලය දෙසට හැරී මුට්ටිය උස්සා “ඕක ගහපන් හුඃ”කියද්දීම වාගේ උගේ කටින්ම “අම්මටඃ යකෝ නෙල්ලියා!” හඬ සවනත වැකුණි. වාදකයෙක්ගේ බෙල්ලෙන් ආදරණීය, සැර බාලම ගුරුභවතෙක් අල්ලා සිටිනු දැකීම මෙතෙකයි ලිව නොහැකි සතුටක් දැනවීය.
අර මුලින් කී ගොයියා මුට්ටිය සර් අතටම ස්වෙච්ඡාවෙන්ම දී හුරේ රන් එකක් දෙන්නට විය. අනික් ඉන් ටිකත් මුට්ටි එතැනම පොළොවේ ගසා වස්දොස් හැර දුවන්නට පටන් ගතිමු.
පුළුවන්නං මවාගන්න පිංවතුනි,
වාහන නවතා ඇති නුවර- කොළඹ පාරේ,
දහසක් ජනී ජනයා ධාර්මිකව ශ්රද්ධා පෙර්දැරිව මග දෙපස රැස්වෙලා සිටිද්දී,
සාමකාමී සංස්කෘතික අංගවලින් හෙබි පෙර්හැරක් වීථි සංචාරයේ යෙදෙද්දී,
බොන්ගෝ කරේ තියාගෙන, හූ තියාගෙන, විකාර ඇඳුම් ඇඳගත්තු මූසිලයන් සෙට් එකක් උඩු ගං බලා දුවද්දී ඒ පස්සෙන් “අද දෙන්නම් තොපිට” කියමින් ගුත්තිලයන් හඹා යද්දී ඒ පරිසරයේ තියෙන ආශ්චර්යය. රෙදි ඉල්ලෙය, ජුගුප්සාජනකය.
මේ කතාව ලීවෙ ඔය අතීසාර මිතුරු කැලගෙ එකෙකුගේ වෙඩිමය. මලමඟුල් වසංගතේ නිසා මට යන්නට බැරිවිය. ගියානං ආයෙත් වංගියක් දවස් 14ක් වසන්නට වෙනවාය. ඒ අපේ නසරාණි සැට් එක එක්කය. උන්දැලා එක්ක දින 14ක් දහම් කරුණු සාකච්ඡා කිරීමෙන් වෙනම ලෙඩක් හැදෙන එක සුවර්ය.
පසුගිය ඉවෙන්ට් දෙකක් තුනක්ම මට මඟ ඇරුණි. ඒත් උඹලාට තාම ඒ වගේම ආදරේය
.

කොරොනා නැති දවසක සුන්දර හවසක හමුවෙමු.
සුභ විවාහ දිවියක් ලබ්බෝ 

උපුටා ගැනීම: Eran Sampath