ඔන්ලයින් ඉස්කෝලේ -සටහන් ලියවීමේ ටෙක්නික් එක (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
දැන් මෙහේ ඔන්ලයින් ඉස්කෝලේ අවුරුද්දක් පිරුණා. අවුරුදු හතරේ ළමයි ඉඳන් දැන් ටෙක් ස්මාර්ට් කට්ටිය.
අවුරුද්දකට කලින් අපේ බබාලා දෙන්නා පැයකට වැඩියෙන් ටීවී බැලුවොත් එහෙම මට දවස් දෙකක් නින්ද යන්නෙ නෑ- ලොකු පාප කර්මයකට ඉඩ දුන්නා වගේ, හස්බන්ටත් කනක් ඇහිලා ඉන්න නෑ.
ඒ උනාට දැන් උදේ 7: 45 ඉඳන් දවල් 01:45 වෙනකම් ඉස්කෝලේ ලැප්ටොප් එක ඇතුලේ. ඊට පස්සෙ සංගීත පන්ති, නැටුම් පන්ති ඕවත් ඒක ඇතුලේ . තව ඉතුරු රිශර්ච් වැඩ , හොම්වර්ක් වැඩ මේ ඔක්කොම ඉවර වෙලා පොඩ්ඩක් කාටුන් බලන්නත් එපැයි.
අවුරුද්ද පුරාම පොත් සෙට් එක නිකං කිරි කිරි ටොයියා වගේ තිබ්බේ. හැබැයි දැන් ගිය මාසේ ඉඳලා ඔක්කොම ටීචර්ස්ලා පරල වෙලා නෝට් බුක්ස් වැඩ සම්පූර්ණ නැත්නම් ෆුල් මාර්ක්ස් දෙන්නෙ නැතිලු. ඉතින් අපේ තුනේ පංන්තියේ ඉන්න දෝණිත් හතිදාගෙන මොන මොනවදෝ ලියලා දාලා තිබ්බා මැල්ලුම් ලියනව වගේ.
ඔය අත්රේ දවසක් එයාගෙ පන්තියේ ළමයෙක්ගේ අම්මා කෙනෙක් මට වට්ස් ඇප් මැසේජ් එකක් එව්වා “ඔයාගේ දුවගේ ඊයේ සයන්ස් නෝට්ස් එවනවද අපේ පුතාට ලියන්න” කියලා.
අපේ දෙන්නා ඒ වෙලාවේ සෙල්ලං කරන්න ගිහින් . ඔන්න ඉතින් රස්තියාදු ගහලා ගහලා හතයි තිහට විතර මගේ ඝන්ටාරේ සද්දෙට ගෙදර ආවා. ඉතින් ආව ගමන්ම මම කිව්වා “අන්න අනිරුද් ගේ මමි ට ඔයාගේ ඊයේ සයන්ස් නෝට්ස් ඕනේ කිව්වා, නාලා ඇවිත් පිටු ටික කියන්න ෆොටෝස් ගන්න” කියලා. මෙන්න බොලේ හැමදාම සිංදු තුනහතරක් කිය කිය පැය බාගයක් විතර නාන කෙනා විනාඩි පහෙන් ඇවිත් සුටුස් ගාලා පොත්යි පැන්සල් පෙට්ටියයි අරන් කාමරේට සේන්දු වෙලා.
මම ඉතින් එයාලගෙ රෑ කෑම එහෙම මේසෙට තියලා හෙමින් සීරුවට ගිහින් බැලුවා මොකද සිද්ධිය කියලා. අපේ නෝනා කලින් දවසේ බලි කුරුටු වගේ ලියපු නෝට්ස් ටික මකලා හරි ලස්සනට හුරුබුහුටියට ආපහු පිටු දෙකක් නෝට්ස් ලියලා.
“ ඒ අකුරු කැතයිනෙ, එහෙම කාටවත් පෙන්නන්න බෑ නේ මමා” ඔන්න එයාගෙ ලොජික් එක.
ඊට පස්සේ මමත් පටන් ගත්ත වැඩේ ,හැමදාම දවල් කෑම ඉවරවෙලා ටිකක් ටීවී බලද්දි , මොබයිල් එක ඔබ ඔබ මං කියන්නේ,
“අන්න අද ඔයාගේ අහවල් නෝට්ස් ඕනලු අහවල් ළමයට, ප්ලීස් මට පේජස් ටික දෙන්න ෆොටෝ ගහන්න”
උත්තරේ : “මමා එයාට කියන්න පැයෙන් දෙන්නම් කියලා”.
ටීවී ඕෆ් -ළමයා වැඩ !
දැන් ඔහොම ගිහින් අහම්බෙන් සෙට් වෙච්ච ටෙක්නික් එකෙන් මේ අවුරුද්දේ ඔක්කොම පොත් වල නෝට්ස් ටික ලස්සනට තියෙනවා නිකං මල් ටික වගේ.
 උපුටා ගැනීම:   –Ayesha Aji–

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!