නිරෝගී හුස්ම ලබාදෙන
රෝග නාශක
සුවඳ.කාරකය
ඕ තලා/ හෝ තලා /ගස් තලා /මහ මදුරුතලා
(Ocimum gratissimum)
රාත්‍රියේත් අම්ලකර නිකුත් කරන සුවිශේෂ ගුණයක් ඇති රාම තුල්සි වර්ගයට අයත්
, ඕ. තලා ශාකය අවට.. වාතය පිරිසිදු කරමින් අප ශ්වසන පද්ධති නිරෝගි කිරීමටත් උපකාරවන්නක්.
එහි ශාක පත්‍රවලින් සකසාගන්නා තුල්සි පැණිය කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව පීනස ඇදුම ආදි ශ්වසන රෝග රැසක් පාලනය කර දෙනවා .
එසේ ම ශාකය.A C K B E විටම්න් ඇතුළු පෝෂකවලින් යුක්තව රෝගවලට එරෙහිවීමට අවශ්‍ය ප්රතිශක්තියද වඩනවා.
. ශ්‍රී ලංකාව ඉන්දියාව ජාවා හා . අප්‍රිකානු ප්‍රදේශවලට දේශීය වන ශාකය ගෙවතුවලත් වනගතවත් පඳුරු ලෙස වැවෙන්නක්
මෙරට කැළෑ එළිකරන විට වල් පැළෑටි සමග කැපී යන්නට ඉඩ හැරියත් මෙය
ඉන්දියාවේ ගෞරවණීය ශාකයක් .
. එහි ඇති තලා ප්‍රභේද ගණනාවක්..අතර වඩාත් වටිනා ශාකවර්ග තුනෙන් එකක් ලෙසයි සැළකෙන්නේ..
…….. ක්රිෂ්ණතුල්සි රාම තුල්සි හා මෙම වන තුල්සි ඔසු ගුණයෙන් බොහෝ දුරට සමාන ලෙසක් දැක්වෙනවා
ගුජරාටි හා ඉංග්‍රිසි බසින් රාම තුල්සි ලෙසත් ..මෙය හැඳින්වෙන අතර
. vana tulsi holy basil , clove basil…tree basil african basil wild basil scent leaves
ආදි නම් ගණනාවකින් තවත් රටරටවල හැඳින්වෙනවා .
ශාකය ගේ අවට වවා.ගැන්මෙන් පරිසර වායුව පිරිසිදු කර ගැන්ම ඇතුළු තවත් සෞඛ්‍ය වාසි. රැසක් අත්කර ගත හැකියි.
තලා වර්ගයේ විශාල ,ප්‍රභේදයක් ලෙස මීටර් දෙක තුනක් උසට වැවෙන ශාකය Lamiaceae කුල mint පවුලට අයත් වනවා.
දැති.වාටියක් සහිත. පත්‍රත් කඳත් රළු කරන බූවකින් යුක්තයි .
අතු අග කූරු මෙන් උඩට එසවුණු ලා කහපැහැති දිග අලංකාර .. මල්පොකුරු පිපෙනවා.
විඝළී දුඹුරු පැහැ ගැනනුණු විට මල් පොඩිකර ලබාගන්නා බීජත් ඖෂධයක්. ලෙස යොදාගන්නවා.
මෙරට ඕ තලා ගස් තලා , මෙන්ම මහ තලා මහ මදුරුතලා ලෙසත් හැඳින්වෙනවා.
හැඩයෙන් ගුණයෙන්. හීන් මදුරුතලා ශාකයට සමානකම් දැක්වුවත් ප්‍රමාණයෙන් ඊට විශාලයි .
අඳුතලා ලෙසින් ද ශාකය හඳුන්වා ඇති බවක් . පළවෙනවා
.පැරණි වෛද්‍ය ග්රන්ථ හා. බෙහෙත්.වට්ටෝරු වල සඳහන් අඳුතලා මෙය විය හැකි බවයි විද්වතුන් පළකරන්නේ. .
…….අඳු සර්පයන් අප්‍රිය කරන තලා වර්ගයක් බවට දේශීය වෛද්‍ය ග්රන්වල හඳුන්වා .ඇතැයි..ඔවුන් සඳහන් කරනවා.
‘නයාට අඳුකොළ වගෙයි ‘
යන පැරණි පිරුළ .. මෑතක මෙරටට. පැමිණි විදේශීය..අඳු . (Eringium foetiidum ) ශාකය ආශ්රිත වූවක් විය නොහැකි බවටත්
එය මෙම ශාකය විය යුතු.බවටත් තර්ක කෙරෙනවා.
. වෙනත් භාෂාවලින් ajaka ajeka ajjaka arjaka.. ajavala ආදි අඳු යන්නට ආසන්න ශබ්දවලින් මෙම තලා විශේෂය හැඳින්වෙනවා.
ශාක පත්‍රයක් අත ගෑවත් සෑහෙන වෙලාවක් නොමැකී අතෙහි ..රැඳී පවතින සැර සුවඳක් සේම
ව්සකුරු සත්ත්ව දෂ්ටවලින් ඇතිවන විස දුරුකරන ඔසු ගුණ ත්
ශාකය සතුව පවතිනවා.
සර්පයකු දෂ්ට .කළ විට ප්‍රතිකාර සඳහා ගෙනයාමට පෙර ව්ස පැතිරයාම වෑළැක්වීමට කෑ මුඛයෙහි ශක පත්‍ර යුෂ ගල් වන බව සඳහන්.
කැල්සියම් පොටෑසියම් මැග්නීසියම් පොස්පරස් යකඩ සින්ක් ආදි පෝෂකත්
ටැනින් සැපොනින් ෆ්ලේවනොයිඩ ඇල්කලොයිඩ
ඉයුජිනෝල් තෙල්. සහ රොස්මැරිනික් ඔලෙනොලික් අම්ලත් සහිත ඕතලා
ප්‍රතිජීවක ප්‍රතිප්‍රදාහ ප්‍රති අසාත්මික ගුණ සහිතයි. .
දිලීර බැක්ටීරියා ක්ෂුද්රජීවී වෛරස්.නාශක ගුණ සහිතයි.
ප්‍රසන්න තීක්ෂ්ණ සුවඳැති ශාකය. වාෂ්පශීලී සගන්ධ තෙල්වලින්.යුක්තයි
. කරාබු නැටිවලට සමාන සුවඳක් හා රසයක්..ඇති අතර ආහාරවලට රසකාරකයක් ලෙස ,එක් කරගනු ලබනවා.
තේ පානයක් ලෙස සකසාගනු ලබනවා.
මුත්‍රාකාරක නිද්‍රාකාරක උණ නාශක පණුනාශක ගුණ සහිතයි .
සිරුරේ පටකවල ජලය රැස්වීම වළකන ගුණ යෙන් යුක්තයි.
පිළිකා දියවැඩියා හදවත් රෝග ආතරයිටිස් ඩිමෙන්ෂියා තත්ත්ව. පාලනය කළ හැකි ප්‍රතිඔක්සිකාරක ගුණ සහිතයි.
වියපත් පෙනුම පමා කිරීමේ හැකියාවෙන් යුක්තයි.
……….සිද්ධ ආයුර්වේද පාරම්පරික වෛද්‍යක්‍රම විවිධ රෝග පාලනය සඳහා ශාක පත්‍ර ඇට මුල් මල් කඳ හා සහමුලින් ශාකයත් යොදාගන්නවා.
ශාකය මගින් තෙල් පෙති පැණි ආදි ඖෂධ වර්ග නිෂ්පාදනය කරනු ලබනවා .
ශාක ඇට පැකැට්ටුත් වෙළඳ පොළෙහි ඉහල මිල ගණන් ,වලට විකිණෙනවා.
ඒවා ඔමේගා 3 ඇතුළු පෝෂකවලින් සාර යි කැලරි අඩු ප්‍රමාණයකින් යුක්තයි.
ඇට ජලයෙහි පෙඟෙන්නට හැර , ජෙලියකින් වටවී විශාල වූ විට සැකසෙන්නේ ඖෂධීය, සිසිලකර පානයක්
………එය උදරයට අම්ල පිත්ත රෝගීන්ට . හිතකරයි.
දැවිලි මුඛ තුවාල සුවපත් කරනවා.
මල බද්ධය දුරු කරනවා
රුධිරය පිරිසිදුකරමින් සීනි කොලෙස්ටරෝල් රුධිර පීඩන මට්ටම් යහපත් කරනවා
මේද දහනය කරමින් බර තුලනය කරනවා.
එසේ ම ශාක ඇට මගින් ආතරයිටිස් සන්ධි වේදනා ඉදිමුම් ද පාලනය කෙරෙනවා.
ශාකපත්‍ර.වලින් තෙල් සකසාගත හැකියි.
ශාක පත්‍ර අඹරා ගත් පල්පය මේස හැඳි 3 1/4 ක්
පොල්තෙල් ‘කෝප්ප බාගයක්
හා උළුහාල් එක්කර ,උණුකරගන්නා තෙල් හිස්සොරී වළකා හිසකෙස් නිරෝගි කිරීමටත් වර්ධනය කරන්නටත් උපකාරී.වෙනවා
ශාක පත්‍ර . මුඛ සෞඛ්‍යය ද රකින්නක්
ගැමියන් විට කෑමේදී බුලත්වලට ආදේශකයක් .ලෙස යොදා ගන්නවා.
කොළ දෙක තුනක් සැපීමෙන් දත් කැක්කුම පාලනය වන බවත්
මුඛ දුර්ගන්ධ .විෂබීජ දුරුවී..මුඛය සුවඳවත් වන බවත් සඳහන් …
ශාක පත්‍ර තැම්බූ දියෙන් සේදීමෙන් උගුරේ අපහසුතාත් සමනයවනවා.
……මදුරුතලා කොළ කීපයක් ගම්මිරිස් ඇට 10ක් සමග තම්බා උගුර සේදීම කොරෝනා වෛරසය ශරීරගත වීම වැළැක්මට උකාරීවන්නක් බව
ආයුර්වේද වෛද්‍ය..උපදෙස්වලින් කියවෙනවා
එසේම කොළ තැම්බූ ජල වාෂ්ප
ආශ්වාස කිරීමත් .විෂ බීජ විනාශ කිරීමට උපකාරයක්.
.. . ශාක පත්‍ර කීපයක් උතුරන වතුර කෝප්ප දෙකක විනාඩි තුන හතරක් තබා උණුසුමින් හෝ සිසිල්කර දිනපතා පානය කරන්නේ නම් , එය සිරුරේ ඇති විෂ බැහැර කිරීමටත්
ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයටත්
සීනි හා බර.පාලනයටත්
මානසික ආතති දුරුවීමටත්
..හේතුවන බව සඳහන්
පානය. පෙරා නිවෙන්නට හැර මීපැණි ස්වල්පයක් එක්කර ගන්නත් හැකියි
…. ගම්මිරිස් ඇට දෙකතුනක් ඉඟුරු හා කහ ස්වල්පයක් සමග වතුර යොදා කොළ බ්ලෙන්ඩ් කර උණුකර පානය කරන්නත් හැකියි,
තේ කෝප්පයට රසකාරයක් ලෙසද කොළ යක් දෙකක් එක්කරගත හැකියි.
කොළ වියළාගත් කුඩුවලින්
.තේ හැඳි බාගයක් . යොදා ..තේ.පානයක් සේත් සකසාගන්න හැකියි.
-ශ්වසන රෝග පාලනය කිරීමේ හැකියාව
නිසා දුම්බීමෙන් පෙණහළුවට වන හානි.ත්
බ්‍රොන්කයිටීස් ඇතුළු .සෙම්රෝගත් සමනයට උපකාරවන බව සඳහන්.
සෙම් රෝග පාලනය කරන්නට කොළ කෙටූ යුෂ හා ඉන් අඩක්වූ සීනි ප්‍රමාණයක් එක්කර පැණිවන්නට උණුකර තුල්සි පැණිය සකසාගත හැකි යි.
ඇදුම රෝග පාලනයට මෙම වනතුල්සි ප්‍රභේදයෙන් සකසන පැණිය වඩාත් පලදායී බවයි සඳහන්.වෙන්නේ..
ශාකය ඇස් හා..කන් රෝගවලට එරෙහිවත් ප්‍රතිචාර දක්වනවා
ඇසේ සුද ඇතිවීම් වළක්වනවා
විටමින් A C සංචිත ඇස් මෙන්ම සම නිරෝගි කිරීමටද උපකාරවනවා
සමේ කැසීම්..තුවාල කුරුළැ ලප කුෂ්ට ආදියට එරෙහිව ක්‍රියා කිරීමට පමණක් නොව
ලාදුරු, වැනි බරපතල චර්මරෝග පාලනයටත් ශාකය යොදා ගන්නවා,
සම පැහැපත් කරන ගුණයත්
වියපත් පෙනුම පමා කිරීමේ ගුණයත්
නිරෝගි අලංකාර කෙස් කළඹක් හිමි කර දීමේ හැකියාවත්
නිසා මෙම ශාකයෙන් සැකසූ රුව වැඩීමේ විවිධ ආලේපන වෙළඳ පොළේ දක්නට ලැබෙනවා
ශාක පත්‍ර අඹරා පේස්ටුවක් සකසා මුහුණේ ආලේප කිරීමේ සත්කාරය කුරුළැ ලප දුරුකර මුහුණ සුන්දර කරගැන්මට උපකාර
වන්නක්.
.. එයට කොහොඹ කොළ හා කිරිත් එක්කර,ගැන්මෙන් සම වඩා දීප්තිමත් කරගත හැකි බව සඳහන් .
ශාකය උදරයටත් හිතකරර්යි
අම්ලපිත්ත රෝගය මලබද්ධය මෙන් ම අර්ශස් , පාචන ගවුට් හා ..පණු රෝගවලට එරෙහිව. ක්‍රියාකරනවා.
. මුත්‍රා වර්ධනයට ත් වකුගඩු ගල් මර්දනයටත් උපකාර වනවා..
ඕ.. තලා වෛරස් උණ හිසේ කැක්කුම් දුරුකරන .අතර මැලේරියා රෝග පාලනයටත් යොදාගනු ලබන්නක්.
. මැලේරියා පමණක් නොව ඩෙංගු
බරවා ..චිකන්ගුන්යා වැනි රෝග..වසංගත ගෙන එන මදුරු වර්ගයා පළවා හැරීමේ හැකියාවත් ශාකය සතුයි.
කොළ කිනිති කබලක ලා, දුම් ගැස්වීමෙන් ගෙතුළට එන මදුරුවන් පළවා හැරිය හැකියි.
මෙරට අතීතයේ පටන් මදුරුතලා ශාකය ඒ සඳහා යොදාගනු ලබනවා.
එය ඇතැම් රටවල සර්පයන් පළවා හැරීමටත් යොදාගන්නා බව සඳහන්.
…… ස්නායු .ශක්තිමත් කරන ශාකය ස්නායු..රෝගවලට එරෙහිවත් ක්‍රියාත්මක වනවා .
අපස්මාර ..අංශබාග තත්ත්ව පාලනයට ඖෂධයක් ලෙස යොදා ගන්නවා
මොළය නිරෝගිකිරීමේ හැකියාව නිසා ඩිමෙන්ෂියා වැනි මතක ගිලිහෙන රෝග පාලනය කරමින් මතක වර්ධනය කරනවා
…….. විෂාදය වැනි මානසික රෝගවලට එරෙහිව ක්‍රියා කරනවා.
…මනස සන්සුන් කර සුවපත් නින්දක් .ලබා ගැන්මට උපකාරවනවා..
ශාකය අභ්‍යන්තර ඖෂධ ලෙස ගැන්ම ගැබිණි මවුවරුන්ට හිතකර නොවන බවයි සඳහන්වන්නේ
ලේ තුනී කරන ඖෂධ ගන්නාවිටත් සීනි පාලනයට වෙනත් ඖෂධ ගන්නා විටත් ඉන්.වැළකීම හෝ සීමාකිරීම යෝග්‍යයි.
ලිපිය සැකසුම 2020. 11 .22
Indra Rathnay .විසිනි
සහාය
-Nimala RatnayaKe
(මූලාශ්‍ර හා සේයා රූ – අන්තර්ජාලය. අපේ ඔසුපැළ හා ඔසුපැළ හඳුනා ගනිමු. සංවාද ඇසුරිනි)