මම එහෙම ඇහුවේ ඇනිවසරි එකක් කියල අපි කවදාවත් විශේෂයෙන් කොහෙවත් ගිහින් නැති හින්ද. අපේ යාලුවෝ ඇනිවසරි එකටයි ලමන්ගේ බිර්ත්ඩේ වලටයි රට වටේම යනවා, ගිහින් ෆේසබුක් එකේ පොටෝසුත් දානවා. ඕවා දැකල ඇනුම්පද කෝටියයි ඉතින් අපේ ගෙදර.
අපි දෙන්නම රස්සාවල් වලට හිරවෙලා. හවුසින් ලෝන්, කාර් ලෝන් රටේ නැති ලෝන් ටිකත් ගහල මාසේ වියදම කවර් කරන්න ඔට් පාරකුත් කරාම හුස්ම ගන්නවත් වෙලාවක් නැ. රැල්ල පස්සේ දුවන අපි ඒ නිසාම නැතිවන දේවල් වලටත් අපි අපිටම දොස් නගගන්නවා. ඒ මදිවට අපි අපේ දරුවන්වත් මේ රැල්ලටම ඇදල දානවා. ටිවුෂන්, ටිවුෂන්, ටිවුෂන්. උනුත් ජෙවිතේ පටන් ගන්නෙම මේ ප්රෙශේර් එකේ. උනුත් ලිදේ ඉන්න ගෙම්බෝ වගේ මේ රැල්ලේම දුවනවා. මොකද පුංචි කලේ ඉදලම දැකල තියෙන්නේ එකනේ.
මේ මරාලෙන් එලියට පනින්න ඉතින් ගොවිසෙතක්ම ඇදෙන්න ඕනේ කියල හිතුන වාර ගණන අනන්තයි. එත් ඉතින් මගේ යාළුවන්ට එහෙම ගොවිසේතවල් ඇදිල නැනේ. උන් ඔය හොදට ඉන්නේ. මම හිතන්නේ අවුල මගේ කියල. මම ජිවිතේ අල්ලලා තියෙන්නේ වැරදි තැනකින්. දැන් හරි ගස්සන්න කාලෙකුත් දැන් නැහැ.
අයියෝ, දැන් කතාවට එමුකො.
මම වයිගේන් එහෙම ඇහුවේ ඇත්තටම මේ ඒකාකාරී ජිවිතෙන් පොඩ්ඩක් හරි මිදිලා ඉන්න හිතාගෙන…
” අපි එහෙනම් ගොඩ කාලෙකින් ගියේ නැති තැනකට යමු… අපි අපේ අම්මලවත් එක්කගෙන යමු අනේ “
මම බැලුව මේ මොන මරාලයක්ද කියල. මම ප්ලැන් කරේ “අපි” කොහේ හරි යන්න, එත් දැන් මුළු පරම්පරාවක් සෙට් කරගන්න ලෑස්තිය.
ඉතින් මම කල්පනා කරලා කල්පනා කරලා කිවුව,
” හරි අපි ගොඩ කාලෙකින් අපේ අම්මලාගේ ගෙදර ගිහින් නැනේ, අපි එහෙ යං “
එච්චරයි කියන්න හම්බවුනේ.
කතාව හොදටම නිමි.
උපුටා ගැනීම: ක්රීෂාන් දුමින්ද ජයසිංහ.