ඔයාව වටින කෙනෙක් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ජීවිතේට ඕනි කරන්නේ නැහී නැහී පස්සේ ගිහින් අයිති කරගන්න දඟලන විදියේ සම්බන්ධකම් නෙමෙයි..
මොකද ඒක පාර්ශවීයව ඔය දේ කරන්න ගියාම දුකේ දුක තමා ඉතිරි.
තමන් ආස කෙනාව තමන්ට ඕනිම කෙනාම
ජීවිතේට ලං කරගන්න බැරි වේවි.ඒ කෝම උනත් වැදගත් වෙන දෙයක් තියෙනවා ,ඒ මොකක්ද දන්නවද,
තමන් කොයි තරම් කෙනෙක් පස්සෙන් ගියත් , හොයලා බැලුවත්, අයිති කරගන්න දැඟලුවත් ,පරිස්සම් කලත්, වැඩක් නෑ ඒ කෙනාටත් අර හැඟීමම නැත්තම්.
අපි ආදරේ කරන්න ඕනි අපිට ආදරේ කරන අයට.
නැත්තම් වෙන්නෙ හිත රිදෙන එක,ජීවිතේ කලකිරෙන එක.
බලාපොරොත්තු වෙන දේ ලැබුණේ නැති උනාම පට්ට අවුලනේ. අන්න ඒකයි
තවත් දෙයක්,
ඔයාගේ ජීවිතේ හැමතැනකදිම තනි නොතනියට ළඟ ඉන්නෙ ඔයාට ට ලොකු වටිනකමක් දෙන,ගරුත්වයක් තියෙන, ඔයා ගැන පට්ට කැක්කුමක් තියෙන,ඔයා ගැන උවමනාවක් තියෙන,උනන්දුවක් තියෙන අය/කෙනෙක් විතරමයි
එහෙම නැති අය ඔයා ගාව ඉන්නේ නෑ ලොවෙත්,
ඒ විතරක් නෙමෙයි ඔයා ගැන ඒ විදියේ දැනිල්ලක් නැති කෙනෙක් දැනටමත් ජීවිතේ ඉන්නවනම්,ඔයාට ඒ ⁣දේ දරාගන්න අමාරුනම් දැන දැන අමාරුවේ වැටෙන්න එපා
මොකද ඔයාට ඕනිම වෙලාවෙදි ඔයා ගාව නැති,ඔයා ගාව අවස්ථාවදී දේවල්වලට විතරක් ඉන්න කෙනෙක්ගෙන් ඔයාට ඇති වැඩේ මොකක්ද…?
ඔයාව වටින කෙනෙක් ඉන්නවනම් අනිවාරෙන් ඔයා මත්තෙම ඉඳීවි.. දහසකුත් වැඩ අස්සෙ උනත් ඔයාව මග අරින් නැතිව ඉඳීවි.. ඔයා වෙනුවෙන් ඔයාගේ හිත වෙනුවෙන් කැප වෙන්න තප්පරයක් හරි හොයාවී..
ඔයා ගැන අගයක් දැනෙන කෙනෙක්නම් ඔයාටත් වඩා ඔය ගැන හිතලා වැඩ කරාවී
එහෙම අය නැත්තේ නෑ.. ඉන්නවා
මේක කියවන ඔයත් ඒ කීව විදියේ කෙනෙක්නම් සතුටු වෙන්න..
මොකද එතකොට හිතන්න ඕනි නෑනේ මේ විදියේ අය නෑ කියලා…
නේද?
🙏❤️
උපුටා ගැනීම:  සගා ශ්රී 🇱🇰

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!