ජපානයේ, පච්ච කොටා ගැනීම යනු එරට උප සංස්කෘතියක කොටසකි. එය අද්විතීය රූප හා මෝස්තර සහිත නිරූපණ ශෛලියකි.
1878 දී උපත ලද ෆුකුශි මසයිචි වෛද්ය විද්යාවට දැඩි උනන්දුවක් දැක්වූ පුද්ගලයෙකි. ඔහු ටෝකියෝ insperion වෛද්ය විද්යාලයේ අධ්යාපනය ලැබූ අතර පසුව ජර්මනියේ අධ්යාපනය ලබා ආචාර්ය උපාධියක්ද ලබා ගත්තෙකි.
පච්ච තීන්ත මගින් සමට සිදුවන හානිය පිළිබඳ අධ්යයන කළ අතර සිය පච්ච පර්යේෂණය සම්පූර්ණයෙන්ම ආරම්භ කළේ 1907 දී විවිධ පච්ච කොටාගත් මිනිසුන් හමුවීමෙනි. ඔහු පච්ච කෙටූ මිනිසුන්ගේ සම්පූර්ණ ශරීරය අධ්යයන කර, පර්යේෂණ සඳහා මියගිය පසු ඔවුන්ගේ සම පරිත්යාග කිරීමට කැමති අයට ඔහු මුදල් ගෙවීය. යම් අයෙකු මරණින් පසු ඔහු ගේ හම පරිත්යාග කිරීමට කැමති නම් එකම පච්චයක් වත් ගසාගෙන නොසිටියත් ඔවුනට පච්ච ගැසීමට වෛද්යවරයා මුදල් ගෙවීය.බොහෝ විට මේ සඳහා යොදාගත්තේ සිර කදවුරු වල සිටින රැඳවියන් ය.
ඒ කියන්නේ අනුන්ගේ ශරීර වල තම මුදලින් පච්ච ගසා ගිවිසුම්ගත වී පසුව ඔවුන් මරණයට පත් වූ විට ඔවුන්ගේ සම ගලවා ගැනීමයි. ඔහු මෙලෙස එකතු කළ මිනිසුන්ගේ සම් ප්රමානය 2000කට අධික විය. ඒවායේ විවිධ ඡායාරූප ද ඔහු ගාව තුන්දාහකට වඩා තිබිණි
කෙසේ වෙතත්, 1945 දී දෙවන ලෝක යුද්ධයේදී ගුවන් ප්රහාර බෝම්බ ප්රහාර වලදී මෙම එකතුවෙන් වැඩි ප්රමාණයක් අහිමි වූ අතර පසුව මසායිචිට ඇමරිකානු සංචාරයකදී ඔහුගේ හම් වැඩි ප්රමාණයක් අහිමි විය. ඒ කිසියම් පුද්ගලයකු විසින් සංචාරය අතරතුර ඔහුගේ පච්ච සම් තිබූ බෑගය හොරකම් කිරීම නිසාය. අවසානයේ ඔහුට ඉතිරිවූයේ මෙලෙස එකතු කළ සම් අතරින් 105 ක් පමණි
උපුටා ගැනීම: රාම්වණා