පාදවල වෙනස්කම් තුළින් හඳුනාගත හැකි රෝග 9 ක් (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

වෙහෙස මහන්සි වී වැඩ කිරීම, දුර්වල පෝෂණය සහ පීඩන වෙනස්කම් ආදී විවිධ හේතු නිසා ඔබේ පාද සහ පතුල් වෙනස්කම් වලට බඳුන් විය හැකියි. එසේ ඔබේ පාද වල ඇතිවන වෙනස්කම් අනුව ඔබ වෛද්‍යවරයෙකු හමුවිය යුත්තේ කුමන අවස්ථාවන්වලදීද අපි මේ ලිපියෙන් ඉදිරිපත් කරනවා. ඒ නිසා පාද හරහා පිටතට පෙන්වන වෙනත් බරපතළ රෝග තත්ත්ව මොනවාදැයි අපි දැන් සොයා බලමු.

01.වකුගඩු වල ගැටළු.

රෝග ලක්ෂණ :-

  • දෙපා ඉදිමීම.
  • විදුලියක් ගමන් කරනවා වැනි වේදනාව.

වකුගඩු නිසි ලෙස ක්‍රියා කරන්නේ නැතිවිට වැඩිපුර ඇති දියර ප්‍රමාණය සිරුරෙන් පිට වන්නේ තරමක් අපහසුවෙන්.දෙපා ඉදිමීමට නොහොත් එඩේමා (Edema) තත්වයට හේතු වන්නේ මෙයයි.ඔබේ ඇස් වටා ප්‍රදේශය තරමක් ඉදිමී ඇත්නම් හෝ අත් හෝ පාද වල සියුම් විදුලි සැරක් වදින්නාක් වැනි වේදනාවක් හට ගන්නවා නම් එයත් වකුගඩුවල ගැටලුවක් හඟවන ලක්ෂණයි.

02.ශිරාමය හිඟකම (Venous insufficiency)

රෝග ලක්ෂණ :-

  • දෙපා ඉදිමීම.
  • දෙපා වල බර බව.
  • පැල්ලම් ඇතිවීම/ අවපැහැ ගැනීම.

“වෙනස් ඉන්සෆිෂන්සි” නොහොත් “ශිරාමය හිඟකම” නම් රෝග තත්ත්වයේදී ගාත්‍රා වල සිට හෘදය දක්වා රුධිරය ගමන් කරන්නේ ඉතාම අපහසුවෙන්. එයට හේතුව වන්නේ ශිරා කපාට දුර්වල වී හෝ හානි වී තිබීමයි.වඩාත් තීව්‍ර ලෙස මෙම ඉදිමීම දක්නට ලැබෙන්නේ වළලුකර ප්‍රදේශයේ වන අතර පසුව පාදවල බර බවක් සහ සමේ කුඩා පැල්ලම් ඇතිවීම දක්නට ලැබෙනවා.

03.හෘද බිඳවැටීම (Cardiac insufficiency)

රෝග ලක්ෂණ :-

  • දෙපා ඉදිමීම.
  • වේදනාව.

මෙහිදී හෘද කුටීර එකකට හෝ දෙකකට ඵලදායී ලෙස රුධිරය පොම්ප කිරීමේ හැකියාව අහිමි වෙනවා. එම නිසා ඒවා පහල ගාත්‍රා වල එක්රැස් වෙනවා. මේ හේතුවෙන් පාද ඉදිමීම සහ වේදනාව අත්විඳිය හැකියි.

04.ත්‍රොම්බෝසිස් (Thrombosis)

රෝග ලක්ෂණ :-

  • පාද ඉදිමීම.
  • සමේ වර්ණය වෙනස් වීම.
  • වේදනාව.
  • වෙහෙස.
  • පාද වල උෂ්ණත්වය වැඩිවීම.

පාද එකක් හෝ දෙකම ඉදිමීම, ශිරා අවහිර වීමේ (Deep vein thrombosis -DVT) ලක්ෂණයක් විය හැකියි. එය ඉතාම බරපතළ සහ අනතුරුදායක තත්ත්වයක් නිසා එහි ලක්ෂණ ඔබ‍ට ඇති බව සිතෙනවා නම් වහාම වෛද්‍යවරයකු හමුවන්න.

05.අක්මාවේ ගැටළු.

රෝග ලක්ෂණ :-

  • දෙපා ඉදිමීම.
  • මකුළුවකුගේ හැඩයට/ ජාලාකාරව සම යටින් විහිදෙන ධමනිකා. (Vascular spiders)
  • වෙහෙස.

අක්මාවේ ගැටලුවක මූලික රෝග ලක්ෂණ ඔබට හඳුනා ගත හැක්කේ පාදවලින්. ඔබේ අක්මාව සාමාන්‍ය පරිදි ක්‍රියා කරන්නේ නැත්නම් අත් පා ඉදිමීම සහ සම යටින් ධමණිකා ජාලාකාරව විහිදීම දක්නට ලැබෙනවා.එය සිදු වන්නේ ඔබේ අන්ත්‍රය, ප්ලීහාව, අග්න්‍යාශය සහ අක්මාව අතර රුධිර සංසරණයේ ගැටළුවක් නිසයි.

06.තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටළු.

රෝග ලක්ෂණ :-

දෙපා ඉදිමීම.
මාංශ පේශීන් වල කම්පන.
සීතලක් දැනීම.

හයිපොතයිරොයිඩිසම් නොහොත් තයිරොයිඩ් ග්‍රන්ථියෙන් තයිරොයිඩ් හෝර්මෝන නිසි පරිදි ශ්‍රාවය නොකෙරෙන තත්ත්වයේ රෝග ලක්ෂණ වන ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ පාද වල මතුවීමෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු ඔබට හඳුනාගත හැකියි.

07.ඇතරොස්ක්ලෙරෝසිස්.

රෝග ලක්ෂණ :-

  • සුදුමැලි සම.
  • වේදනාව.
  • මාංශපේශීන් වල දුර්වල බව.

ඇතරොස්ක්ලෙරෝසිස් තත්ත්වයේදී පාද වලට ලැබෙන රුධිර ප්‍රමාණය ඉතාමත් අඩු නිසා පාද සුදුමැලි බවක් පෙන්වන අතර වේදනාවක් හට ගන්නවා.බොහෝ අවස්ථා වලදී මිනිසුන් මෙම රෝගයේ රෝග ලක්ෂණ නොසලකා හැරියත් මෙය බරපතළ ප්‍රතිවිපාක සහිත රෝගයක් නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්.

08.දියවැඩියාව.

රෝග ලක්ෂණ :-

  • ඉඳිකටු තුඩකින් අනින්නාක් මෙන් දැනීම.
  • තුවාල සුව නොවීම.

දියවැඩියාව ඇති විට තුවාල සුව වීම දුර්වල නිසා පාදවල ඇතිවන කුඩා තුවාල පවා ඉතා බරපතළ ප්‍රතිඵල අත්කර දිය හැකියි.මෙම රෝගයේදී ස්නායු වලට හානි වීම සිදු වෙනවා. ඒ නිසා වේදනාව දැනෙන්නේ අවම වශයෙන්. මේ නිසා බොහෝ විට සුළු තැල්මක් පවා බරපතළ වණයක් වන තෙක් මෙම රෝගීන්ගේ අවධානයට ලක් වන්නේ නැහැ.

09.ගර්භනී බව.

ලක්ෂණ :-

  • දෙපා ඉදිමීම.
  • දුර්වල බව.
  • මාංශපේෂි කම්පන (Muscle spasms)

ගර්භනී බව රෝගයක් නොවෙයි. නමුත් පාද නිරීක්ෂණය කිරීමෙන් එය මූලික අවස්ථා වලදීම ඔබට හඳුනාගත හැකියි. පාද ඉදිමීමෙන් ආරම්භ වන අතර (අත් සමගම) ඉන්පසු පාදවල බර බවක් සහ මාංශ පේශීන් වල ගැස්මක්/කම්පන දක්නට ලැබෙනවා ඇතැම් අවස්ථා වලදී මෙම ලක්ෂණ ගර්භනී බව සායනිකව තහවුරු කිරීමටත් පෙර සිටම ඇති වෙනවා.

 

උපුටා ගැනීම: The Lanka Post

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!