Domenico Ghirlandaio නම් (1449-1494) කාලයේදී ජීවත් වූ ඉතාලි ජාතික චිත්ර ශිල්පියා විසින් අඳින ලද Madonna with Saint Giovannino”:
නම් සිතුවම ප්රකට එකක්. නමුත් මේ සිතුවමේ සැඟවුණු රහසකුත් තිබෙනවා.
මැඩෝනාගේ රුවට පිටුපසින් අහසේ පාවෙන යම්කිසි යාත්රාවක් දක්නට ලැබෙන අතර , මුහුදු වෙරළක් අසලට වී ඒ දෙස බලා සිටින මිනිසෙකුගේ හා සුනඛයෙකුගේ රුවකුත් සිතුවම් කර තිබෙනු දැකිය හැකියි.
මෙම අදාළ කොටස විශාලනය කිරීමෙන් මිනිසා දෑසට වැටෙන අව් රශ්මිය මුවා කරගනිමින් ඒ දෙස විමසිල්ලෙන් බලා සිටිනු පැහැදිලිව දැකිය හැකි අතර ඩොමෙනෙකෝ කුමන අරමුණකින් මෙය ඇන්දාද යන්න අබිරහසක්..සමහරුන් පවසන්නේ ඔහු ,වරෙක සැබැවින්ම දුටු පියාඹන පීරිසියක රුවක් මීට එකතු කර ඇති බවකුයි….


උපුටා ගැනීම: Himesh Sandun