පකිස්ථානයට එන්නැයි ඉම්රාන් ඛාන් ගෙන් ලංකාවෙ අයට ආරාධනාවක් !!! යමුද? (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
‘ කෝ මේ අපිත් එක්ක ආපු ලමය?’ මන් ඇහුව මගේ ලඟ හිටිය අයගෙන්.
අපිත් එක්ක ආපු විශ්වවිද්යාල ශිෂ්යයා ගැන අනිත් අයට මතක් වුණේ එතකොට !
‘ එයා ගිහින් වගේ’
‘ හරි වැඩේ දැන් මොකද කරන්නේ ? අපි යන්න පාරවත් දන්නෙ නෑනෙ !’
අප වැටුණේ ලොකු අමාරුවකයි! දැන් අප සිටින්නේ පකිස්ථානයේ කරච්චි නගරයේයි. ලංකාවෙ ඉඳන් එහේට ගොඩබැස්සෙ එදා දවල්. අපේ වැඩසටහන පටන්ගන්න තිබ්බෙ ඊට පහුවදා. ඉතින් අපි හෝටලේ බෑග් දාල කට්ටියම ගියා කරච්චියේ සාප්පු සවාරියේ . මේ කරච්චි ගමනට ලංකාවෙන් මමත් , විශ්වවිද්යාල මහාචාර්යවරයෙකුත්, තරුණ නිලධාරිනියන් දෙදෙනෙකුත් තලතුනා වෛද්යවරියකුත් සහභාගි වෙලා හිටිය .
එහේ විශ්වවිද්යාලයකුත් අපේ වැඩේට සම්බන්ධ වුණු නිසා ඒකෙ ශිෂ්යයෙක් ආව අපිට සාප්පු සවාරියේ යන්න මග පෙන්නන්න . අපිව සාප්පුවෙ දාල මිනිහ ගිහින් !!
දැන් වෙලාව හවස හයට විතර ඇති . මේ කාලෙ එහේ ගූගල් මැප් තිබ්බෙ නෑ. අපි හෝටලේ තියෙන තැන දන්නෙත් නෑ! දැන් ඉන්නෙ නගරෙ මොනවගේ පැත්තකද කියල දන්නෙත් නෑ!! දුරකථන පහසුකම් ඇත්තෙත් නෑ!
තත්ත්වය බරපතළයි. හෝටලේ කාඩ් එක පෙන්නල ටැක්සියකින් යන එකත් භයානකයි මොකද ඔක්කොටම එකක යන්න බෑ. පිරිමි අපිට නන් ගානක් නෑ. ඒ උනාට මේ කාන්තාවන් ආරක්ෂිතව එක්ක යන්න පුලුවන් ද කියල යි ප්රශනෙ!.
අපි බඩුගත්ත කඩේ එකාට හෝටලේ කාඩ් එක පෙන්නල ඇහුව කොහොමද යන්නෙ කියල . ඌට කියාගන්න තේරෙන්නෙ නෑ. ඒ උනාට ප්රධාන පාරෙ එක පැත්තකට අත දික්කරල සංඥා භාෂාවෙත් කිව්ව ඒ පැත්තට යන්න කියල . ටිකක් දුර යනකොට පොලිස් නිලධාරීයෙක් හම්බවෙලා මිනිහ ගෙන් අහල පාර ඇඳගෙන පයින්ම ආව කිලෝමීටයක් විතර !
වැඩේ කියන්නෙ අපිට පහුවදා අර ලමය මුණගැහිල ඇහුවම ‘ ඇයි ගියේ’ කියල
‘ප්රොෆෙසර්ගෙන් ඇහුවම මන් යන්නද කියල හා කියල ඔලුව වැනුව ‘ කිව්ව!
ඊලඟ දවසෙ අපිට නගරයේ ඇවිදින්න කැම්පස් එකේ බස් එක ලෑස්ති කරල තිබ්බෙ. මේකට බෙල්ජියමේ විශ්වවිද්යාලයක කණ්ඩායමකුත් සහභාගි වුනා .
හවස ආපහු එනකොට ධාරානිපාත වර්ෂාවක් කඩාගෙන වැටුනා . වැස්සා නෙවෙයි නිකන් පීල්ලෙන් ගලනව වගේ වැටුනෙ . අපි ගිය බස් එකේ වහලෙ හැමතැනින්ම වතුර වැක්කෙරෙනව! හිටගෙන කුඩ ඉහලගෙන බස් එකක ගිය පලමු වගේම එකම ගමන!
හෝටලේට යන පාරෙ දණක් උසට වතුර පිරිල! රියදුරා බස් එක නැවැත්තුව එතනින් එහාට යන්න බෑ කියල ! හැමෝම බැහැල පයින් යන්න ගියාම තමා තේරුණේ එන්න එන්න වතුර මට්ටම වැඩිවෙන බව. අපේ හොඳ වෙලාවට අපිත් එක්ක එහේ කැම්පස් ලමයි හිටියෙ . ඒ අය අපිව පාර දිගේ නැතුව ගෙවල් ඉඩම් අස්සෙන් කම්බි වැටවල් යටින් රිංගවල කොහොමහරි හෝටලේට එක්කන් ගියා .එතන යටවෙල නෑ. යාන්තම් ඇඟට ලේ ටිකක් ඉනුවේ ඊටපස්සෙ !
ඒ වගේ වැස්සක් කරච්චියට වැස්සෙ අවුරුදු හතකට විතර පස්සෙ කියල අපිට දැනගන්න ලැබුණ .
මේ වැස්සෙන් එකතුවෙච්ච වතුර වලක් නගරෙ දැක්ක ඊට පහුවදා . ඒ වතුර වලේ වතුර කලුම කලුපාටයි! පකිස්ථානයේ පාරවල් පිරිසිදු නෑ. හැබැයි ඉන්දියාවේ වගේ අවුරුදු හතේ අටේ ලමයි පවා ගෑනුපිරිමි භේදයක් නැතුව කරනව වගේ පාරෙ මලපහ කරන්නෙ නෑ.
කෙලගහන එක තමයි එකම වැඩේ.පාරෙ විතරක් නෙවෙයි අපි ගිය රජයේ කාර්යාලවල ඇතුලෙ පිටත බිත්ති පුරාමත් හැමතැනම රතුපාටට බුලත් කෙල!
මේව ඔක්කොම හේදිලා ආපු අර කලුපාට වතුර වලේ ගෑනුපිරිමි භේදයක් නැතුව ලොකුපොඩි හැමෝම බැහැල නානව මාර සතුටකින් !! අපේ වගේ නගරෙ හැමපැත්තටම දිනපතා නලජලය ලැබෙන්නේ නෑ කරච්චියේ !
එදා මන් රෑට ටිකක් වැඩිපුර සලාද පලතුරු කෑව. පහුවදා උදේ මගේ බඩ අප්සෙට් ! මට කවදාවත් නොවෙන දෙයක්! මට ඕන දෙයක් හොඳට දිරවනවා. ඒ උනාට අර වැහිවතුරෙන් වෙන්න ඇති ඒව සෝදන්න ඇත්තෙ!
මන් දවල්ට කෑවෙ නෑ බඩේ අමාරුව හොඳ කරගන්න ඕන නිසා . ඒ උනත් ඒක හරිගියේ නැතිනිසා අපේ වෛද්යවරියට කිව්වම හොඳ වෙලාවට එයා ඕනකරණ බෙහෙත් ගෙනිහින් තිබ්බා!
මේ කියන දවසෙ අපි ගියේ එහේ කාර්මික ප්රදේශයක් බලන්න. විශ්වවිද්යාලයෙන් කියල තුවක්කු සහිතව පොලිස් නිලධාරීන් දෙන්නෙක් ඇවිත් හිටිය අපේ ආරක්ෂාවට! මොකද ඒ පැත්ත ටිකක් නරක ප්රදේශයක්.
එහේ වැඩකරපු අය වැඩිපුර ලමයි ! අපි ගියා කිරිගරුඬ වලින් බෝතල් කෝප්ප හදන තැනකට . ගල්කුඩු හැමතැනම , ඒ වගේම යන්ත්ර සූත්රත් අනතුරුදායක විදියට තමා භාවිතය .
මන් අරන් ආව කටලොකු, කිරිගරුඬ බෝතලයක් , ඒකෙ මූඩියත් කිරිගරුඬ . දකින කිසිම කෙනෙකුට කියන්න බෑ ඒක ගල්වලින් හදල කියල ! ඇතුලතත් හොඳට මැදල!!
පකිස්ථානයේ ඇවිදින්න ගියාම අපි දැක්ක දෙයක් තමා පාරෙ තියෙන පේමන්ට් කෑම කඩවල් . ඒවයෙ කෑම බෙදන්නෙ කඩේ ඉස්සරහ හරහට දාපු ලෑල්ලක් උඩ වාඩ්වෙලා ඉන්න කෙනෙක් . එහාපැත්තෙ කෑම මෙහාපැත්තෙ මිනිස්සු . ඒ මිනිහගෙ ඇඳුම් වගේම කකුල් දෙකෙත් මඩ ජරාව! අර කකුල් දෙකේ තියෙන ඒව ඔක්කොම හට්ටිවලටයි. කෑමවලටයි. ලංකාවෙ මට්ටමේ පිරිසිද කඩත් තිබ්බ.
හරක්මස් තමා වැඩිපුර කන්න තියෙන්නෙ . හම්වලින් හදන බෑග්, බඳපටි, සපත්තු එහෙම අඩුමුදලකට ගන්න පුලුවන්. මෙහේ වගේ ඔරිජිනල් ලෙදර් කියල ප්ලාස්ටික් විකුණන්නෙ නෑ !
බංග්ලාදේශයේදී මට හමුවූ මිනිස්සු මීට වඩා අපිරිසිදුයි .උද්දච්චයි. පකිස්ථානයේ ඒ අතින් නරකම නෑ. හැබැයි මේ රටවල් දෙකේම මුස්ලිම් නොවෙන අයට සලකන්නෙ නිකන් අතපල්ලෙන් වැටිච්ච අයට වගේ. ඒ අතින් අපේ රටේ සුලුජාතීන් කොයිතරම් වාසනාවන්තයෝ ද?
දැන් ලංකාවෙ ඉන්නව වගේ කලු ඇඳන් ඇඟ වහගත්ත අය නෑ සාම්ප්රදායික මුස්ලිම්වරු වගේම තමයි ඇඳුම්.වැඩිය මෝස්තර වැඩ නෑ. පිරිමි නිකම්ම ලා දුඹුරු පාට නැත්නම් ලා අලුපාට වගේ ලෝගුව. ඒව කුණු ගෑවුණත් පේන්නෙ නෑ!!
බස් හැම එකක්ම වගේ අර මෙහෙන්දි ගාල අත් පාට කරන විදියට පිට පැත්තෙ වර්ණ ගන්වල එකේක රටා ඇඳල. ඒවයෙ වහලෙත් සෑහෙන පිරිසක් නැගල යනව.
ඒ කාලෙ එහේ තිබ්බෙ හමුදා පාලනයක්. මට හමුවූ හුගාක් අය ඒ ගැන අප්රසාදයෙන් කතාකලේ විශේෂයෙන් උගත් අය. එහේ හමුදාවට විවිධ ව්යාපාර බැංකු එහෙම තියෙනවා රජයේ කොන්ත්රාත් කරන්නෙ ඉහල හමුදා නිලධාරීන් ! . අපේ හමුදාවට එහෙම නෑ කිව්වම ඒ අය පුදුම උනා. මට තේරුණා හමුදා පාලනය ඉක්මනින්ම ඉවරවෙයි කියල .
මුඩුක්කු ගෙවල් වගේම අවිධිමත් ඉදිකිරීම් හැමතැනම . බ්ලොක්ගල්වලින් බැඳල තියෙන ගෙවල්වල ජනේලය ඉතාම කුඩාවට තියෙන්නෙ ඇයි කියල මන් ඇහුවෙ අපි මෙහේ හොඳට හුලං වදින්න ලොකු ජනේල තියන නිසා . ඒ එලියෙ රස්නෙ ඇතුලට ඒම වලක්වන්න කියලයි කිව්වෙ, ඇත්ත තත්ත්වය මොකක්ද දන්නෙ නෑ.
මන් ඇහුව ඒ පැතිවල මත්ද්රව්ය ගණිකා වෘත්තීය එහෙම තියෙනවද කියල ! මත්ද්රව්ය නම් නෑම තමයි!!!
ගණිකාවන් එහේ නෑ ඒ උනාට වෙනම ප්රදේශයක ඒ අය ඉන්නව කිව්ව. බොහෝ මුස්ලිම් රටවල ගණිකාවන් අඩුයි . ඉන්දුනීසියාවේ නම් ෆ්ලයිට් එකෙන් බැහැල යනකොට මගදිගටම ඉන්නව ,රුපියල් 1000 ඉඳල ඉහලට!
පකිස්ථානයේ වැටුප් වගේම වියදමත් අඩුයි. ඒ කාලෙ මෙහේ කථිකාචාර්යවරයකුට රුපියල් 30,000/ ක් මාසෙකට ලැබෙනකොට එහේ රුපියල් 10,000/ යි.
බලන්න කියල කරච්චියේ නම් මෙලෝදෙයක් නෑ. නගරයෙන් ටිකක් ඈතට ගියාම පැරණි බෞද්ධ හින්දු නටබුන් තියෙනව. අපිටත් යන්න ලැබුණ ,හොඳ පොලිස් ආරක්ෂාවක් අපිට ලැබුණ නිසා. අනිත් අයට කොහොමද කියන්න මන් දන්නෙ නෑ.
උපුටා ගැනීම: Channa Witha

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!