පුංචි කාලෙ මං හොල්මන් වලට මාරම බයයි. මේ බයට වැඩිපුරම වග කියන්න ඔ්න මද්දු අයිය. මද්දු අයිය අපේ නැන්දගෙ එකම පුත්ර රත්නය.
මං එ් දවස් වල කතන්දර අහන්න හරිම අාස උනත් අකුරු කියවන්නත් බැරි නිසා මට වඩා ලොකු කවුරුම හරි අපේ ගෙදර අාවොත් කතන්දරයක් කියල දෙන්න කියල කරදර කරනව.
අත්තම්ම හැමදාම කියල දෙන අලු කුමාරිගෙ කතාවයි සුරන්ගනාවිගෙ පස්සෙන් සිරීපාදෙ ගියපු කතාවයි එ් වෙනකොට අහල අහල එපා වෙලා තිබුනෙ. එ් නිසා මද්දු අයිය අාවම එයාට වද කරල කතා අහගන්නව.
එයා කියල දෙන්නෙම හොල්මන් කතා. මං ඉතින් කට අැරගෙන අැස් උඩ තියාගෙන අහන් ඉන්න ගමන් කතාව හිතෙන් මවා ගන්නව. චන්ඩිය වගේ අහන් හිටියට මොකද ඊට පස්සෙ කාමරේකින් කාමරේකට යන්නත් බයයි. අම්මගෙ ගවුමෙ එල්ලිලා අම්ම යන යන තැනට යනව.
එ් බය හුඟක් ලොකු වෙනකම්ම තිබ්බ. තනියම ගෙදර ඉන්න වෙලාවට තමයි වැඩියම. අදටත් සමහර වෙලාවට බය හිතිල මල් පෝච්චි පෙරලගෙන පූසව පාගගෙන එලියට දුවනව.
මං අවුරුද්දක් විතර තලවකැලේ තේ පර්යේෂණ අායතනෙ පුහුණුවකට සහභාගි උනා. පුංචි කාලෙ ඉඳන් වෙරලාසන්න පලාතක හැදුනු වැඩුනු මට එ්ක හරි ලස්සන අද්දැකීමක් උනා.
බලන බලන අත ලා කොලපාට තද කොලපාට යන්තම් රතු පාට තේ යායවල්. එ්ව වට වෙලා තියෙන්නෙ පයින් ගස් වලින් වැහුණු කඳු වලල්ලකින්. පාන්දරට බලනකොට සුදු පාට මීදුම් කැරලි අැවිත් එ් කඳුවල පැටලිලා. ඉර එලිය මීදුම කපාගෙන යන්න දඟලනව. එ් වෙලාවට මීදුම ඉර එලිය උරාගෙන යාන්තම් කහ පාට වෙනව. අර ලෙමන් කහ කියන්නෙ අන්න එ් පාට. ඉන් පස්සෙ ටික ටික මීදුම හිඳිල කඳු වැටිය පේන්න ගන්නව.
අපි උදේ පාන්දරම නැගිටල උයන්න ගන්නව. මං උයන්න පිහන්න ගොඩාක් දක්ෂ නිසා මට හැමදාම බාර වෙන්නෙ පොල් ගාන එකයි හාල් ගරන එකයි. හාල් සෝදද්දි එච්චර අැතිල්ලුවෙ නැති උනත් වැඩේ ඉවර වෙනකොට සීතලට අැඟිලි අග රැලි ගැහිල.
අඳින්න පුළුවන් තාක් ජර්සි ස්වේටර් අැඳගෙන ඔලුවෙ ඉඳන් පොරවගෙන කම්මැලි කමේ කකුල් අද්ද අද්ද අපි වැඩට යනකොට සුදු අැඳුමට උඩින් පාට පාට චූටි ජර්සි අැඳපු පොඩ්ඩො සීතල ගැන වගේ වගක් නැතුව කිචි බිචි ගගා කඳු පල්ලම් බැහැල පේලියට ඉස්කෝලෙ යනව. ගෑණු ලමයි අතේ මල් මිටක් වරදින්නෙ නෑ.
අපි ටිකක් වේලාසනින් යන දවසට තේ දලු නෙලන්න යන ගෑණු අයත් මුන ගැහෙනව. තේ කූඩා පිටේ බැඳන් එක අතකින් දිග කෝටුවකුත් අරන් යන එයාල අපිව දැක්කම බුලත් කහට බැඳිච්ච දත් වලිනුයි හීන් කරපු අැස් වලිනුයි හිනා වෙලා වචනයක් දෙකක් කතා කරනව.
හවස් වෙනකොට තේ වතු වලින් අමුතු සුවඳක් එනව. මං හිතන්නෙ එ්ක එන්නෙ තේ දල්ල කඩල දාපු තේ නටු වල අග්ගිස්සෙන්. අතරින් පතර තියෙන පයින් ගස් වලින් එන නැවුම් සුවඳත් අර සුවඳට එකතු වෙලා.
වැඩ අැරිල අැවිත් ගේ දොර අස්කරල අැඟපත හෝදගත්තට පස්සෙ අපි ක්වාටස් එක ඉස්සර ලී බංකුවෙ වාඩි වෙලා මුත්තු අංකල්ගෙ කැන්ටිමෙන් අරන් එන දෙපැත්ත කර වෙච්ච රෝස් පාන් කකා තේ බොනව. ඒ අතරෙ දවසේ ඔ්පදූප සේරම සමාලෝචනය කරනව.
එහෙම දවසක තමයි අපේ එකෙක් කිව්වෙ එයාලගෙ ඩිවිෂන් එකේ අත් උදව් දෙන්න ඉන්න ලක්ෂ්මි අැන්ටිගෙ දූ ඩෙංගු හැදිල නැතිවෙලා කියල. එයාල හෙට මලගෙදර යනවලු. ලක්ෂ්මි අැන්ටිව දවසකට දෙකකට වඩා දැකල නැති උනාට මනුස්සයෙක්ට කරදරයක් උනාම මග අරින එක හරි නෑනෙ. මාත් ඉතින් උඩ පැනගෙන මලගෙදර යන්න ලෑස්ති උනා.
පව් ලස්සන ගෑනු ලමයෙක්. ලක්ෂ්මි අැන්ටි පොලවෙ හැපි හැපි අඬනව.
මල ගෙදරින් දවස් දෙකකට විතර පස්සෙ මං එ් ලමයව හීනෙන් දැක්ක. මං අැඹුල් පේර ගහ ගාව නැවතිලා හිටිය. එයා සිංහල කෙල්ලෙක් වගේ ලා නිල් පාට ගවුමක් අැඳල මල් පොකුරක් අරගෙන කඳු බැහැගෙන මගේ ලඟට අාවා. මං පොඩි දේකට උනත් බය වෙනව උනාට මොකක් හරි හේතුවකට මට එ් හීනෙට බය හිතුනෙ නෑ. එ් හීනෙයි මලගෙදරයි ටික දවසක් යනකොට අමතක වෙලා ගියා.
අපේ ඩිවිෂන් එකේ මායි තව එක ගෑනු ලමයෙකුයි කොල්ලො පස් දෙනෙකුයි තමයි ට්රේන් වෙන අයට හිටියෙ. එදා මට මොකක් හරි එකකට කොහොමටත් තරහ ගිහින් තිබුනෙ. එ් මදිවට අර වසවර්ති පස්දෙනා මගේ කොණ්ඩෙ ටෙස්ට් ටියුබ් වල ගහන්න තියෙන ලේබල් අලවල. මට ඉතින් යකා නැග්ග. මං අරුන්ට බැන බැන ලේබල් ගලවනව. ඒ අස්සෙ එකෙක් මං බනින එක වීඩියෝ කරල.
එ්කට නං මගේ ඉවසීමෙ සීමාව පැන්න. මං අඬාගෙන ගිහින් සර්ට කිව්ව. සර් අැවිල්ල අරුන් තුන් දෙනාට හොඳටම බැනල අායෙ මොනව හරි කම්ප්ලේන් එකක් අාවොත් අර එපා කරපු හිස්තැනක් ඩිවිෂන් එකට දානව කිව්ව.
ඊට දවස් දෙකකට විතර පස්සෙ මං ටවුන් එකට ගියා බඩු වගයක් ගන්න. එනකොට ටිකක් හවස් උනා. හවස කිව්වට හතර හමාරට විතර අැති. එ්ත් අවුරුද්දෙ ඒ කාලෙට කලින්ම කලුවර වැටිල මීදුම එනව. පේන තෙක් මානෙක කවුරුවත් නෑ. මං ඉතින් ටිකක් පය ඉක්මන් කරල ගියා.
අර හීනෙන් දැකපු අැඹුල් පේර ගහ පහු කරනකොට මට අර මැරුණු ගෑනු ලමයව මතක් උනා. එතකොට එයා මැරිල මාස එකහමාරක් විතර අැති. ඊලඟ වංගුව ගාව පයින් ගහේ එයාගෙ මරණ දැන්වීමකුත් ගහල තිබුණ වගේ මතකයි. එ් දිහා නම් බලන්නෙවත් නැතුව යනව කියල හිතුවට මොකද එතනින් යනකොට එ්ක බැලුනා.
දෙවියනේ එ්කෙ තිබ්බ පින්තූරෙ. කොණ්ඩෙ කඩාගෙන කට අැරගෙන ඉන්න හරිම විකෘති මූණක්. මගේ අැඟ හීතල වෙලා ගියා. අනුවේගී ස්නායු පද්ධතිය උත්තේජනේ උනා. සෙනිකව අැඩ්රිනලින් ස්රාවය ඉහල ගියා. මං අතේ තිබ්බ බඩු මල්ලත් බිම අතෑරල කකුල් දෙකට වැඳ වැඳ දිව්ව. සුසන්තිකා නෙවේ උසේන් බෝල්ට් හිටියත් එ් වෙලාවෙ මට පැරදෙනව.
කොච්චර බය වෙලා හිටියද කිව්වොත් මං දිව්වෙ ක්වාටස් පැත්තට නෙවේ අනිත් පැත්තට. වාසනාකට එ් වෙලාවෙ මගේ ලොකු වෙච්ච කණිනිකාවට පාර දිගේ එන මිනිස්සු ටිකක් පෙනුන.
ඉස්සරහින්ම අාවෙ කැන්ටිමේ මුත්තු අංකල්. මං පැනපු ගමන් මුත්තු අංකල්ගෙ බෙල්ලෙ එල්ලුනා. මුත්තු අංකල් මටත් වඩා බය වෙලා.
කොහොම හරි තේ දලු නෙලන අැන්ටිල අාච්චිල සෙට් එක වටවෙලා මාව සනසල නලවල අායෙ එතනට ගිහින් බලන ගානට හිත හැදුවට මොකද මං නං එක තප්පරේකටවත් මුත්තු අංකල්ව අතෑරියෙ නෑ. මුත්තු අංකල්ගෙ සදාදර බිරිඳ රාණි අාන්ටි එ් වෙලාවෙ දත් කූරු කකා හිටපු හැටි කැන්ටිමේ වැඩ කරන අැන්ටනී කොලුව පස්සෙ දවසක මරුවට අැක්ට් කරල පෙන්නුව.
කොහොම හරි කට්ටියත් එක්කම අාපහු එතනට ගිහින් බැලුව. එ්ත් මං අැස්දෙකත් තද කරගෙන අංකල්ගෙ අතේ එල්ලිලා හිටියෙ. එ් ගොල්ලො හිනාවෙන සද්දෙට තමයි හිත හදාගෙන අැස් අැරල බැලුවෙ.
කාට කියන්නද අාඩවනේ එ් පින්තූරෙ හිටියෙ මං. අරුන් අර වෙලාවෙ මාව අවුස්සල ගත්තු කුජීත පොටෝ එකක කලු සුදු ප්රින්ට් අවුට් එකක් අරගෙන ගානට කපල මරණ දැන්වීමෙ පින්තූරෙ තියන තැන අලවල.
මට දැන් තරහටයි ඊටත් වඩා ලැජ්ජාවටයි අැඬෙන්නත් එනව.
මං දත් මිටි කකා අරුන්දැලගෙ අම්ම අප්පලගෙ ඉඳන් පොඩි කාලෙ හොල්මන් කතා කියල මාව බය කරපු මද්දු අයියගෙ හත්මුතු පරම්පරාව වෙනකම් හිතෙන් බැන බැන අර මරණ දැන්වීම ගලවගත්ත.
පහුවදා උදේම අඬාගෙන ගිහින් සර්ට කිව්ව. සර්ටත් මල පැන්න. මට කරපු දේටත් වැඩිය සර්ට තරහ ගියේ නිකම් හරි ඔ්ක ලක්ෂ්මි අැන්ටි දැක්ක නම් මොකද වෙන්නෙ කියල.
ඊට පස්සෙ ඉතින් අරුන් බැනුම් අහන එ් සුන්දර අවස්ථාව උදා උනා. පස් දෙනාම ඩිවිෂන් එකෙන් මාරු කරන්නද නැත්තම් මේ ජරා වැඩේ කරපු උන් ඉදිරිපත් වෙනවද කියල සර් ගෝරනාඩු කරා. දැන් අරුන් ටික බිම බලාගෙන කටවල් තද කරගෙන මැරුවත් එකෙක් පාවා නොදෙමි කියල ඉන්නව.
ටික වෙලාවකින් එක ඔලුවක් ඉස්සුනා. අපි එයාට පාල කියමුකො. එයාට කියන්න උනේ “මං සර්” කියල විතරයි. සර් බැනගෙන බැනගෙන ගියා වහලෙ අැස්බැස්ටෝස් ශීට් පවා හෙල්ලෙන්න.
මොනව උනත් එයා එහෙම ඉදිරිපත් වෙලා වචනයක්වත් නොකිය තනියම බැනුම් අහනකොට මගේ හිතත් හීනියට හෙල්ලිලා ගියා. එ් නිසා සර් එයාව වෙන ඩිවිෂන් එකකට මාරු කරන්න හදනකොට මං ඉල්ලුව වැරැද්ද තේරුම් ගත්තනම් අායෙ එහෙම දේවල් කරන්නෙත් නැත්තම් එයාව මාරු කරන්න එපා කියල.
පස්සෙන්ද උදේ එයා මට මල් පොකුරක් දීල සමා වෙන්න කිව්ව. ලිලී මලුයි ඩේලියා මලුයි වටේට තච මොනවද කැලෑ මල් ජාතියක් තියල හදපු ලොකු මල් මිටියක්. අපේ යාලුවො තාමත් හම්බුනාම විහිලු කරනව එයා මට මල් හොයන්න වත්තෙ ඉස්කෝලෙ යන ගෑනු ලමයි ලඟ පින්සෙන්ඩු වෙච්චි හැටි කිය කිය.
කොහොම හරි පුහුණු කාලෙ ඉවර කරල අපි එහෙන් යනකොට පාල මහත්තය මගේ පාලනයට නතු වෙලා ඉවරයි. නුදුරු අනාගතේදි මම පාලිකා තනතුරට පත්වෙලා එයාට පාල තනතුරේ ඉඳන් දාස තනතුරට උසස් වීමක් දෙන්න තමයි හිතන් ඉන්නෙ.
හුදී ජන පහන් සංවේගය උදෙසා ලියවුණු මගේ තුන් අෑඳුතු පාල අාදර කතාව මෙතෙකින් නිමයි.
සුමනපාල සහ ජිනපාලව මෙතැනින් එල්ලමි. කැමැත්තෝ කියවත්වා.
උපුටා ගැනීම: Arundi Wijesooriya