පළමු හා අවසන් ලියුම (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
” මොකද ළමයෝ මේ හැමතැනම ගුලි කරපු කොල දාලා තියෙන්නේ. හොදටම හැඩි කරලා “
” අයියෝ මං මේ ලියුමක් ලියනවා අම්මේ. ඒක ඉවර වෙලා අස් කරන්නම්”
” ලියුමක් ? කාටද ? “
” ෂාරුක්ට “
” මේ පිස්සු නටන්නේ නැතුව පාඩමක් බලාගන්නවා. කාලෙ කන්න මොකක් හරි වැඩක් හොයාගන්නවා ඉතින්. ඔව්වා ලිව්වා කියලා යවන්ඩද ?”
” නැතුව , තාත්තා කිව්වා හෙට ආවම රෙජිස්ටර් පෝස්ට් යවන්නම් කියලා “
” තාත්තයි, දූයි ඕනි එකක් “
මාසෙකට විතර පස්සේ ,
” තාත්තේ , මංනම් හිතුවේ අඩුම තරමේ මට කාඩ් එකක්වත් එවයි කියලා “
” කවුද ෂාරුක්ද? “
” ඔව් , තාත්තා ලියුම යැව්වනේ නේහ්”
” නැතුව ළමයෝ. ඒ මනුස්සයට ලක්ශ ගානක් ලියුම් එනවා ඇති දවසකට. ඔය හැම එකකටම ආපහු ලියුමක් එවන්න පුළුවනැයි”
” ඒ උනාට මං කොච්චර ආසාවෙන්ද ලිව්වේ අනේ “
” ආ කියන්න බැරි උනානේ. මං පෝස්ට් ඔෆිස් එකේදී ලියුම පොඩ්ඩක් කියවලා ඒකේ චූටි වැරැද්දක් හැදුවා”
” වැරැද්දක් ? “
” ඒකේ ඒ මනුස්සයාට මුලින්ම ආමන්ත්රණය කරලා තිබ්බේ මයි ඩාර්ලින්ග් ෂාරුක් කියලනේ”
” ඉතින් “
” ඉතින් පුතේ මං ඒක කපලා ඩියර් ෂාරුක් අන්කල් කියලා දැම්මා. අවුරුදු විසිපහක් විතර වැඩිමල් මනුස්සයෙක් නේ “
” අයියෝ තාත්තේ ඔයාගෙ ඊරිසියාව …”
උපුටා ගැනීම: Buddhi Jayaweera

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!