පළමු වතාවට ගස් වතුර ඉල්ලා කෑ ගසන හඬට විද්‍යාඥයන් සවන් දෙති (විද්‍යා හා තාක්ෂණය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
රංශ විද්යාඥයන් පිරිසක් විශ්වාස කරනවා, ඔවුන්ට පරථම වතාවට ගස් ජලය ඉල්ලා නඟන හඬ පටි ගත කරන්නට හැකි වූ බව.
මිනිසුන් අමාරුවෙන් හුස්ම ගන්නවා මෙන් ශබ්දයක් ගස්වලින් නිකුත් වෙන බව දැන් තේරුම් ගෙන තියෙනවා. සජීවී ගස් නියං කාලයේ දී දිවි රැක ගැනීමට වාතයේ ඇති තෙතමනය හැකි තරම් උරා ගැනීම සඳහා කරන උත්සාහයේ දී මිනිස් ඇසට නෑසෙන අධිධ්වනි ශබ්ද මාලාවක් නිකුත් කර බව දැන් සොයා ගෙන තියෙනවා.
මේ ශබ්ද මිනිස් කනට ඇසෙන ශබ්ද මෙන් සිය ගුණයක් වේගවත්. එහෙත් පරංශ විද්යාඥයන් පිරිසක් මෑත දී කළ පරීක්ෂණයකින් ඒ කිරයාවලියේ වේගය ඒවාට සවන් දිය හැකි මට්ටමට අඩු කර ගෙන තියෙනවා. පරංශයේ ග්රෙනෝබල් විශ්ව විද්යාලයේ භෞතික විද්යාඥ පිලිප් මාමොටන්ට් පරමුඛ පිරිසක් තමයි, මේ හපන්කම කර ඇත්තේ.
මියගිය පයින්වුඞ් හෙවත් දේවදාර දැව පතුරු ජලය සංඝටකයක් ලෙස ඇති ජෙල් විශේෂයක් වන හයිඩ්රොජෙල්වලින් නහවා ඔවුන් සජීවී ගහක තත්වය නැවත මවා පාන්නට සලස්වා තිබෙනවා.
ඊළඟට ඒ ජෙල් නිරාවරණය කළා, කෘතිරමව ඇති කළ වියළි පරිසරයකට. ඊට පස්සෙ පර්යේෂකයන්ට අසා ගත හැකි වුණා, ඒ දැවවලින් ශබ්ද නිකුත් කරන්නට පටන් ගත් හැටි.
මේ ශබ්දය නිකුත් වෙන්නේ මතු වී එන වා බුබුළුවලින්. ඒවා ඊළඟ මොහොතේ නැති වී යනවා. මේ කිරයාවලිය හැඳින්වෙන්නේ බුබුළනය (cavitation) කියායි.
ගසේ ඇති පතර කාබන් ඩයොක්සයිඞ් උරා ගන්නා විට පතරවල සිදුරු විවෘත වෙනවා. එයින් එහි ඇති ජලය ඉවත් වීමේ අවදානමක් ඇති වෙනවා.
මෙයට පිළියමක් වශයෙන් ගස් ඒවායේ මුල්වලින් පොළොවේ ඇති ජලය උරා ගන්න පටන් ගන්නවා. මෙසේ පොළොවේ ඇති තෙතමනය උරා ගන්නට තැත් කරන විට වා බුබුළු නැගෙන්න පටන් ගන්නවා.
”අපට මේ බුබුළු ඇති වන හැටි පැහැදිලි ලෙස දැක ගන්න පුළුවන්. මෙහි දී අපට පෙනී ගිය දෙයක් තමා අපට ඇසුණු ශබ්ද වැඩි හරියක් බුබුළු නිසා ඇති වන බව.” යයි මාමොටන්ට් කියනවා.
”මා එසේ වැඩි හරියක් යැයි කීවේ ගසකින් ශබ්ද ඇති විය හැකි වෙනත් හේතු ඇති නිසයි. දැව අතර ඇති පැලීමකින් හෝ කෘමීන් කා දැමීම නිසා හෝ ඇති වන ශබ්දත් තියෙනවා. නමුත් ශබ්ද වැඩි හරියක් නිකුත් කෙරෙන්නේ බුබුළනය පවතින විටයි. එහි දී ජලයෙහි ඇති ඉතා කුඩා වා බුබුළු මතු වෙන්න පටන් ගන්නවා. ශබ්ද ඇති වන්නේ මේ බුබුළුවලින් තමා.” යයි මාමොටන්ට් කියනවා.
දැන් විද්යාඥයන් තරගයට උත්සාහ කරන්නේ සොබා දහමෙන් නිකුත් වෙන ශබ්දවලට සවන් දිය හැකි උපකරණ හා මෙවලම් තනන්නයි.
මේ වා බුබුළු ගැන සෙවීම වැදගත් වන්නේ මේ වා බුබුළු ඇති වීම නිසා පණ ඇති ගස්වල ජලය ගෙන යාම අවහිර වීමෙන් ගස්වලට ඇති විය හැකි මාරක තත්වයක් වළක්වා ගත හැකි වන නිසයි.
මාමොටන්ට් කියන්නේ ඔහු මේවා හඳුනා ගත හැකි සංවේදක උපකරණයක් තැනීම පිළිබඳව ජීව විද්යාඥයන් සමග කල් ඇතිව සාකච්ඡා කළ බවයි.
”අපේ ජීව විද්යාඥයන්ට හොඳ අත්දැකීමක් තියෙනවා මේ ගැන. ඒ නිසා අප බලාපොරොත්තු වෙනවා, අපේ මේ අධ්යයනය මගින් ගස්වලින් නැෙඟන ශබ්දවලට අදාළ අලූත් තොරතුරු රැසක් ඉක්මනින් ම දැන ගැනීමට අපට හැකි වේවිය කියා.” ඔහු අවසාන වශයෙන් කියනවා
උපුටා ගැනීම: රාම් වණා

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!