මම සෙලිංකෝ එකේ වැඩ කරපු කාලේ, මගේ බොස් මට අවුරුද්දකට පසු දෙනව කියපු උසස්වීමයි, වැඩි පඩියයි නොදීපු නිසා වෙන වෙන රස්සාවලට අයදුම් කලා. ඒ අතර නාවික හමුදාවේ ඉලෙක්ට්රොනික් ඉංජිනේරුවන් අවශයයි කියලා දාලා තිබිලා, ඒකට තේරිලා ගෙදරින් යන්න දුන්නෙ නැහැ. ඒක ගැන වෙනම කතාවක් ලියන්න වටිනවා, ඒත් ඒකට කස්ටිය කොහොම ප්රතිචාර දක්වාවිද කියල චකිතයකුත් තියෙනවා. ඔහොම ඉන්න කොට මහ කොලඹ ආර්ථික කොමිසමේ (දැන් කාලේ කියන්නේ බෝඩ් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් කියලා ඒකට) තොරතුරු තාක්ෂණ අංශයේ මැනේජ්ර් කෙනෙකුට ඇබැර්තුවක් දැකලා ඔන්න මම ඇප්ලයි කරා.
නිම්මිගෙ අම්මගෙ කසින් කෙනෙක් තමයි ඒ කාලේ ඒකේ නියෝජ්ය අධ්යක්ෂ ජෙනරාල් වෙලා හිටියෙ, ෆ්රෑන්ක් වීරරත්න කියලා. මම ඉතින් නිම්මිගෙ අම්මට නිකමට වගේ ඕක ගැන කිව්වා. ඉතින් මම ඉන්ටවීව් එකට ගිහිල්ලා මගේ වාරය එනතුරු වාඩිවෙලා ඉන්න කොට අන්කල් ෆ්රෑන්ක් එනවා එයාගෙ ඔෆිස් එකට යන්න. මිනිහා ඉතින් සුද්ද වගේ කෙනෙක්, ඒ වගේම තවම වැඩවසම් සමයෙ වගේ එයාගේ පියන් මිනිහගෙ බ්රීෆ් කේස් එක අරගෙන පස්සෙන් එනවා. මාව දැකල නැවතිලා,
‘ඉන්ටවීව් එකටද ආවේ?’ කියල ඇහුවා
‘ඔව්’
‘ඕල් ද බෙස්ට්, ඉන්ටවීව් එක ඉවර වෙලා මගෙ ඔෆිස් එකට එන්න’
කියලා ගියා. මිනිහගෙ කතාව ඉංග්රීසියෙන් විතරයි.
මට හිතුනු හැටියට මම ඉන්ටවීව් එක හොඳටම කලා. පුරුදු පරිදි විහිලු දෙක තුනකුත් කලා, එයාලත් හිනා වුනා. මම ඊට පස්සෙ අන්කල් ෆ්රෑන්ක්ගේ ඔෆිස් එකට ගියාම, මාව පිලි අරගෙන තේ බොමුද අහලා, පියන්ට කිව්වම එයා ට්රේ එකේ තේ පෝච්චියක දාපු තේ, පීරිසි කෝප්ප එක්ක තමයි තේ ඇල්ලුවෙත්. ඉතින් ටිකක් වෙලා පවුලේ විස්තර කතා කලත් ඉන්ටවීව් එක හොඳට කලාද කියලා ඇහුව මිසක්, වෙන කිසි දෙයක් මෙයා කිව්වෙවත් නෑ.
ඔහොම ගිහිල්ලා මට ජොබ් එක ලැබුනා. නිම්මිගෙ අම්මා හිතන් ඉන්නේ එයාගෙ නෑ කම නිසා ජොබ් එක ලැබුන කියලා, ඇත්තටම මමත් හිතුව එයා සපෝට් එකක් දෙන්න ඇති කියලා. මම නැන්දම්මට ස්තුති කලා ඒ ගැන.
ඉතින් මට අන්කල් හමු වෙනවා, ඉඳල හිටලා එයාගෙ ඔෆිස් එකට ගිහිල්ලා තේ බොනවා. ඒ ඔෆිස් එකේදී තමයි අර ලස්සන කෙල්ලන්ට විතරයි වැඩ දෙන්නේ කියලා වඩා ලස්සන නැති කෙල්ලන්ගෙන් ප්රශ්නය ආවෙත්. මම සාමාන්යයෙන් කාත් එක්කත් ඉක්මනට යාලු වෙන නිසා, එතන වැඩ කරපු අනෙක් අය එක්ක ඉක්මනටම යාලු වුනා. මට පලවෙනි පඩිය ලැබුනම, මම එතන කීප දෙනෙකුට මගේ ගානේ අද ඩ්රින්ක්ස් කියලා, එයාලත් එක්ක පත්තිරිප්පුවට ගියා බොන්න. එතන වාඩිවුනාම කොටුව හොඳට පේන නිසාේ බාර් එකට පත්තිරිප්පුව කියල කිව්වට බාර් එකේ නමවත් දන්නෙ නෑ.
කට්ටිය ඉතින් ටිකෙන් ටික දොඩමලු වෙලා, අපේ ඕන සෙට් එකක අඬන එකෙක් ඉන්නම ඕන නේ. උගේ කෙල්ල ඌව දාල ගිය එක ගැන හරි, ඌ කැමති කෙල්ල ඌට අකමැති කියල හරි, බැඳපු උන් ආර්ථික ප්රශ්න හරි ගැන කියලා, ආතල් එක කඩන පොරවල් ඉන්නවනේ. ඔන්න මෙතන ඉන්න එකෙකුත් ටිකෙන් ටික අඬන මූඩ් එකට ඇවිල්ලා, මගේ උරහිසට අත තියනවා අඬන්න ඔන්න මෙන්න මූනක් දාගෙන, ඊට පස්සේ මගේ මූන උගේ පැත්තතට හරවලා
‘මචං, උඹ හොඳ එකා. මට සමාවෙයං’
කිව්වා. ඌ තමයි මගේ සෙක්ෂන් එකේ අනිත් මැනේජර්. මම ඉතින් මූ මට කිසි වරදක් කරල නැති නිසා,
‘චමිත්, සමාව ගන්න උඹ වරදක් කරල නැහැ නේ මට’
‘නෑ කරා බං’
‘මොකක්ද බං උඹ කරපු වරද?’
‘මචං උඹ තමයි ඉන්ටවීව් එකෙන් තේරුනේ’
‘ඉතින් ඒකනේ ජොබ් එක ලැබුනේ’
‘නෑ බං, දෙවෙනියට හිටියේ මගේ බැචෙක්. ඉතින් මම අපේ ඩිරෙක්ටර්ටයි ඉන්ටවීව් පැනල් එකේ හිටිය අපේ ප්රොෆ්ටයි වාත වුනා, මගෙ බැචා හරි බ්රයිට්, වැඩ කාරයා අනික උඹ ලංකාවේ යුනි එකෙක ඉගෙනගත්තු එකෙකුත් නෙවෙයි, උඹ ගැන දන්නෙත් නැහැ, ඉන්ටවීව් එක හොඳට කලාට වැඩ පුලුවන්ද දන්නෙත් නෑ. පිටරට ඉඳලා ආපු නිසා කතාවට දක්ෂ ඇති. මගේ බැචා ගැන දන්නවනේ, ඒ හින්දා එයාව ගන්න කියල. ඉතින් අන්තිමට ඒ දෙන්නට මල පැනලා ඕන බම්බුවක් කරගන්න කියලා, උඹව කපලා මගේ බැචාට දුන්නා. ඌ නාරා එකේ වැඩ කලේ. ඌ එතනින් අස් වෙන්න හදනකොට, ඌ ඇත්තටම වැඩ කාරයා හින්දා නාරා එකෙන් ඌට ශිෂ්යත්වයක් දීලා ජපානෙට අරිනව කිව්වම, ඌ ඒකට හා කියලා. දැන් මට මාර කෙලිය. ඩිරෙක්ටර් මට බැනලා ආපහු උඹව ගන්න තීරණය කලා. හොඳ වෙලාවට උඹව තෝරගත්තෙ නෑ කියලා ලියුම යවල නොතිබුනේ’
‘කමක් නෑ. ඇත්තටම උඹ මාව දැනගෙන හිටියෙ නැහැ නේ. උඹ යාලුවට සපෝට් එකක් දෙන්නනේ ගියේ, වැඩේ නරි වැඩක් වුනත්’ (නරි කියන එකට රයිම් වෙන වචනයක් කිව්වෙ)
‘උඹ තරහ නැහැ නේ’ කියකියා මූ හොටු පිහදම දමා මාව බදා ගන්නවා
‘අඩෝ තරහ නැහැ. ඒත් මගේ ඇඟේ හොටු ගාන එක නැවැත්තුවේ නැත්නම් ඔන්න මට මල පනීවි’
කිව්වම, ඔන්න චමිතයටත් හිනාවක් ගිහිල්ලා වැඩේ ෂේප්.
ඒත් මට මතක් වුනේ, ඇත්තටම අන්කල් ෆ්රෑන්ක් මේ ජොබ් එක ගැන අපේ ඩිරෙක්ටර්ට කිව්ව නම් ඌ මිනිහගෙ වචනෙ පිටින් යන්නෙ නැහැ නේ, මේ චමිතයගෙ වචනෙ අහලා.
මම ඉතින් ඩිරෙක්ටර් එක්ක දවසක් කතා කර කර ඉන්න කොට
‘ඔයාගෙ අන්කල්ලු නේ නියෝජ්ය අධ්යක්ෂ ජෙනරාල්’
‘ඔව්, කොහොමද දැන ගත්තේ?’
‘නෑ මම කීප දවසක් දැක්කා, ඔයා එයාගෙ ඔෆිස් එකට යනවා. ඉතින් මම එයාගෙන ඇහුවම, එයා තමයි කිව්වේ නෑ කම ගැන’
‘ඇත්ත ද? එයා ඔයාට මම ඉන්ටවීව් එකට එන බව කලින් කියල තිබුනෙ නැද්ද?’
‘නෑ. එයා ඔය වගේ දේවල් ගැන කතා කරන කෙනෙක් නෙවෙයි. නියම ජෙන්ට්ල්මන් කෙනෙක් නේ’
දැන් මට ෂුවර් මිනිහ කිසිම සපෝට් එකක් දීලා නැති බව මට ජොබ් එක ගන්න. ඒ එයාගෙ හැටි, ප්රතිපත්ති ගරුක කෙනෙක්. ඒ ගැන තරහක් මට නැහැ. මම මගේ දක්ෂකමින්ම රස්සාව ලබා ගත්තු එක ගැන සතුටක් දැනුනා. හැබැයි මම එයාගේ බෑනා කියල ඔෆිස් එකේ සේරම දැන ගත්තු නිසා බොස්ලගෙන් මට පොඩි සැලකිල්ලක් නොලැබුනෙත් නැහැ. නැන්දම්මටත් එයාගෙ නෑදෑයා නෙවෙයි මට ජොබ් එක දුන්නේ කියලා කිව්වෙ නැහැ, මොකටද එයාගේ සතුට නැති කරන්නේ කියලා හිතලා.
පලමු පඩියෙන් මම කර ගත්තු පිනෙන්, මගේ ඇස් ඇරුනා, ඒ නිසා යථාර්ථය තේරුම් ගත්තා. ඒ වගේම කෙනෙක් අතින් මාව පෞද්ගලිකව නොදැන මට කරපු වරදකට සමාව දීමෙන් එයා මගේ යාලුවෙකුත් වුනා. කවුද කියන්නේ බීමෙන් වෙන්නේ වැරදි දේවල් විතරයි කියලා.
උපුටා ගැනීම: Devapriya Siriwardena