මගේ පාසල් ජීවිතයේ පළමුවැනි ගුරැ මාතව ඉන්ද්රානි පේලිස් ය… අද ඇය කොහේ ඉන්නවාදැයි මම නොදනිමි… එහෙත් මා ජීවිතයේ ලද හොඳම ගුරැවරිය ඇය බව කිව යුතුය..
බාලාංශ පංතිය පටන් ගෙන දින කීපයකින් ඇය අපෙන් ප්රශ්නයක් ඇසුවාය… ඒ අපි ලොකු වුණාම වෙන්න කැමැති කවුරැද? කියාය… ඇය බලාපොරොත්තු වූ ආකාරයටම ළමෝ උත්තර දුන්හ… බහුතරයකගේ කැමැත්ත දොස්තර සහ ඉංජිනේරැ විය… එහෙත් එක් දරැවෙකුගේ පමනක් පිළිතුර වෙනස්ම ආකාරයේ එකක් විය… ඒ පොඩි එකාගේ කැමැත්ත තාත්තා කෙනෙකු වීමය… පේලිස් මිස් පවා කොර වෙන ආකාරයේ පිළිතුරක් දුන් පොඩි එකා මම ය…
එහෙත් මාස කීපයක් ගතවෙත්ම දොස්තරයෙක් ඉංජිනේරැවෙක් වීමට වඩා තනියම පුක හෝදා ගැනීමටවත් නොහැකි මා වැනි පොඩි කොල්ලෙකුට තාත්තා කෙනෙකු වීම අසීරැ බව මම වටහා ගතිමි…
ඊට පසු මගේ එකම බලාපොරොත්තුව වූයේ බුල්ඩෝසර් රියැදුරෙකු වීමය…. එදා පටන් මම තරබාරැවට පෙම් කිරීමට පටන් ගතිමි…. එහෙත් උපන් ගෙයි අවාසනාවන්තයෙකු වන මා ගෙන් තරබාරැ වස්තූන් ඈත් කර තැබීමට දෙවියන් සෑම විටම වගබලා ගත්හ… තරබාරැ දෙයක් ලැබුණත් ඒ සීමිත කාලයකටම විය…
අද මම තාත්තා කෙනෙකු වීමේ සිහිනය සපුරා ගෙන ඇත… එහෙත් සියල්ල ඇතිවී නැතිවී ගිය මේ මොහොතේ පවා මම බුල්ඩෝසරයක් ගැන සිහින දකිමි…. එහෙත් ඒ බුල්ඩෝසර් සිහිනය යථාර්තයක් වේදැයි දන්නේ දෙවියන්ම පමණකි..